අද ජාත්‍යන්තර සාම දිනයයි….!
දශක තුනක් පුරා නිරර්ථක යුද්ධයක පැටලී සිටින රටක සියලු දෙනාගේම ප්‍රාර්ථනය සාමය බව නොකිවමනාය. එහෙත් අප රටට සාමය යනු තවටත් හුදු සිහිනයක් පමණි.ඛේදණීය විනාශකාරී යුද්ධයේ ප්‍රතිඵලය ලෙස මෙරට සමස්ත සමාජයම තෙරක් නොපෙනෙන අන්ධකාරයක ගිලීසිටී. දිනපතා ම මාධ්‍ය මගින් දැකගත හැකිවන්නේ යුධ පිටියේ මෙන්ම රටේ අනෙකුත් තැනෙක සිදුවන්නාවු ඝාතනයන්ය.ඒ යුද්ධයේ අනිසි ඵලයන්ය. එකිනෙකාට ප්‍රේම කිරීම වෙනුවට තෝරාගෙන ඇත්තේ වෛරයයි.විරුද්ධවාදීන්ගේ මළමිනී ගනීමින් සතුටුවීම සමස්ත සමාජයේම භාවිතාව වී අවසන්ය.ආගමික හා ජාතික ආලයෙන් ඔදවැඩී පාරක් පාරක් ගානේ බුදුන් හා දෙවියන් වඩම්මති. සභ්‍යත්වය හා මනුස්සකම් ගැන දසතින් ඇසෙන දේශනාය එහෙත් කිසිවෙකුට ගොඩගැසෙනා මළමිනී නො පෙනේ පෙනුනද එය අනෙකාගේ නිසා සතුටු වෙයි.දස දහස් ගනන් දරුවන් ගැහැනුන් හා පිරිමින් යුද්ධය හේතුවෙන් අනාත කදවුරුතුළ ගාල්කරඇත එහෙත් කිසිවෙකුට එය නොපෙනේ. බෝම්බයේ උන්ඩයේ හඩ ගිගුම් දෙනවිට එයින් මිනිසුන් මියෙන බව දැන මැරෙන්නේ උන් නිසා අපි නිහඩවන්නෙමු.මේ අප ජීවත්වන සමාජයේ යථාර්තයයි. මිනිසුනේ යුද්ධයෙන් මැරෙන්නේ අපි උඹලාමයි.අහිමිවන්නේ අපි ආදරය කරන උන්මයි.එහෙත් අපිට එය නොතේරෙන නිසා හැමදාමත් යුද්ධය තියේවි.උන්ගේ මිනී ගනින අපිත් මේ යුද්ධයේම ගොදුරුබවට පත්වෙන දිනය ඈතක නොවේ. ඉන්පසු සාමය ඒවි අපි කවුරුත් නැති හිස් බිමකට එත් මොකටද? සාමය හිස්බිමකට….
Last 5 posts by Vikalpa_R
- නැගෙනහිර පළාත් ඡන්දයේ ප්රචණ්ඩ ක්‍රියා සහ ඡන්ද දූෂණ පිළිබඳ පුරවැසි වාර්තාකරණය - May 6th, 2008
- මුහමාලෙයි ජනමාධ්‍ය සටන - May 2nd, 2008
- යුද්ධය අපේ දොරකඩටම ඇවිල්ල - April 27th, 2008
- ජවිපෙ දෙකඩවීම පිළිබඳ ජනතා අදහස් - April 25th, 2008
- මානව හිමිකම් සහ ජනමාධ්‍ය - April 24th, 2008


