දිරිය ගැහැනිය සහ කහ සිවුරේ විප්ලවය
”කුකුළා හඬලන විට උදෑසන එළඹේ”, යැයි යල් පිනූ බුරුම කියමනක් තිබේ. පිරිමි එම කියමන ගැහැනු පහත් කිරීමට ව්‍යංග අරුතක් සේ යොදා ගනිති. නමුත් බුද්ධිමත් කුකුළා තමන් හඩලන්නේ උදෑසන එළබුුන නිසා හොදටම දන්නවා ඇත. අදුර පළවා හරින ආලෝකය පිළිගැනීම හඬලෑමෙහි අරුත ය. එමෙන්ම ලොවට එළිය ගෙන ඒම ද හුදෙක් පිරිමින්ගේ කාරියක් නොවේ. ස්ත‍්‍රිය ද ස්වක්ිය කරුණාව සහ ස්වයං පරිත්‍යාගය මගින් ද සිය ධෛර්ය සහ ස්ථිරසාර බව විසින්ද නොඉවසීමේ සහ වෛරයේ, ෙවිදනාවේ සහ අපේක්ෂා භංගත්වයේ අඳුර දුරැුලීමට මහත් කාර්්‍යයක් ඉටු කරයි.
ඒ 1995 බීජිංහි පැවැති ජගත් ස්ත‍්‍රී සමුළුවට අවුන් සාං සු චී කතා කළ වචන ය. එය ලෝකයා ඇමැතීමට 1990න් පසු ඇය ලද එකම අවස්ථාව එය විය. බුරුම නිදහස් අරගලයේ කීර්තිමත්ම වීරයකු වන ඇගේ පියා, ජෙනරල් අවුන් සාං 1949 දී ඝාතනය කෙරුණේ ද නිදහස් අරගලය වළක්වනු පිණිස ය. අද බුරුමයේ ප‍්‍රජාත්නත‍්‍රවාදී අරගලය වළක්වනු ලබන්නේ ඇය සිරගත කර තැබීම මගිනි.
බි‍්‍රතාන්‍ය පාලන කාලයෙහි සමෘධිමත් රටක් වූ බුරුමය සහල් ආනයනය අතින් වාර්තා තබා තිබුණි. අද එය දුගී බාවයේ ගිලූනු, ¥ෂන දර්ශකයේ පහතින්ම සිටින වේදනාබර රටකි. සැපවත් පංතිය හමුදා නායකත්වය යි. හමුදාවක් විසින් දියුණු කළ රටක් නැත.
1990 දී බුරුමයේ පැවැති ප‍්‍රජාත‍්‍රන්තවාදී මැතිවරණයෙන් ඇය නායකත්වය දුන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා ජාතික සභාව ආසන සියයට 80ක් දිනා ගත්තා ය. නමුත් 1962 සිටම බුරුමය පාලනය කරන හමුදා පාලකයින් මැතිවරණ ප‍්‍රතිඵල පිලිගත්තේ නැත. සාං සු චී සිය නිවසේම සිරගත කෙරුණි. දෙතුන් වරකට වඩා නිවසින් පිටත යෑමට මේ කාලය පුරාම හමුදා පාලකයින් ඇයට ඉඩ දී නැත.
දීර්ඝතම කාලයක් පවතින දරුණූතම හමුදා ජුන්ටාවක් විසින් බුරුමය පාලනය කරයි. එහි හමුදා පාලනයේ හොදම මිතුරා අසල්වැසි ”සමාජවාදී” චීනය යි. චීනයේ සහාය නොතිබෙන්නට මේ කුරිරු හමුදා පාලනය බුරුමයෙන් අතුගෑවී ගොස් බොහෝ කල්ය. සිය අසල්වැසි රටක හෝ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඇති වනු දැකීමට චීන පාලකයෝ බිය වෙති.
එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ බුරුම හමුදා පාලනයේ මානව හිමිකම් කෙළෙසීම් හෙළා දැකීම නතර කරනු ලැබ ඇත්තේ චීනයේ නිශේධ බලය මගිනි. දැන් රුසියාව ද බුරුමයේ හමුදා පාලනයේ මිතුරකු බවට පත් වෙමින් සිටී.
1988 දී බුරුම ජනයා නිදහස සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිණිස නැගී සිටිය හ. හමුදාව 3000 ක් තරම් ජනයා ද බෙෘද්ධ භික්ෂුන් ද ඝාතනය කොට ඒ නැගිටීම පැරද වූහ. ගාන්ධිවාදී අවිහිංසාවාදිනියක වන අවුන් සාං සු චී ඒ නැගිටීමේ ද නායිකාව විය.
ලෝකයා මවිත කරම්න් පසුගිය 22වන සෙනසුරාදා 20,000 තරම් බෞද්ධ භික්ෂුහු වීදි බටහ. මෙතෙක් නොදත් සමස්ත බුරුම භික්ෂු සංගමය නම් එකතුවක් භික්ෂුන් හා එක්වන ලෙස මහා ජනයාට ඉල්ලීමක් කළේ ය. ප‍්‍රතිචාරය පෙර නොවී විරූ විය. දස දහස් ගනණින් තරුණ ජනයා වීදී බටහ.
ඔව්හු බෞද්ධ ගාථා සිය සටන් පාඨ බවට පත්කර ගත්තේ ගාන්ධියානු අරගල ක‍්‍රමය දිගටම පවත්වා ගනිමිනි. මේ ජන සේනාව බුදුන්ගේ පින්තූර ද අවුන් සාං සු චීගේ පින්තූර ද සිය ධජ පතාක බවට පත් කර ගත්හ. සාං සු චී සිර ගත කොට ඇති ඇගේ නිවස දෙසට මුල් දිනයේ පාගමන ඇදී ගියේය. නිවසින් එළියට බට ඇය අරගලයට ජය පතනු හදතට නොදැනුනු කෙනෙක් නොවී යැයි රහසිගත වෙබ් දිනපොත්කරුවකු ලීවේ ය.
ඉන්දියාවේ පිටුවහල්ව මිසීමා නමින් පවත්වා ගැනෙන වෙබ් දිනපොතක් ඇය පාගමන්කරුවන්ට ආචාර කරන ජායාරුපයක් එහි පළ කළ කල එක් දිනක් තුළ 50,000 ක් දෙනා එය නැරඹුහ.
ඊළග ඉරිදා 30,000ක් බෙෘද්ධ භික්ෂුන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඉල්ලා හමුදා පාලනයට එරෙහිව වීදි අරක් ගත්හ. සමහර විට නූතන ලෝකයෙහි ඇති වූ බෙෘද්ධ භික්ෂුන්ගේ විශාලතම උද්ඝෝෂනය එය විය හැකි ය. දසතින්ම ඇසුනේ බුරුමය පුරාම නැගිටීම පැතිරෙන ළකුනු ය.
මහජන නැගිටීම ආරම්භ වූයේ ඉන්ධන මිල සියයට 200කින් ඉහළ දැමීමට එරෙහිව ය. නමුත් ඉක්මනින්ම එය සිර ගත කරනු ලැබ තිබූ නිදහසේ සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ අපේක්ෂාව බවට පෙරළුනි. එරට බෙෘද්ධයින්ගේ මුදුන් මල්කඩවන් රුංගුන් නගරයේ ශෙවඩගොන් විහාරය පාගමන් හි ආම්භක ස්ථානය බවට පත් විය.
23 වන ඉරිදා ලක්ෂයක් දෙනා භික්ෂුන් පෙරටු කොට පා ගමනනෙහි යෙදුණි. බුරුමයේ පසිදු හාස්‍ය නළු සෙගනර් සහ සිනමා තරුව ක්යෙව් තූ ද විහාරයට පැමිණ දැන් පිලිගැන්වූහ. බෙෘද්ධ භික්ෂුන්ගේ සහ මහජනයාගේ සාමකාමී නැගටීම හමුදා පාලනය දෙදෙරවන වඩදියක් සේ ඉහළ නගිනබව පෙනී ගියේ ය.
හමුදා පාලකයින් තිගැස්මට පත් විය. ඔවුන් හමුයේ ඇත්තේ් තොරා ගැනීම් දෙකකි. එක්කෝ බලය අතහැරිය යුතු ය. නැත්නමි රුංගුන් . නගරයේ වීදි බෙෘද්ධ භික්ෂුන්ගේ ලෙයින් නැහැවිය යුතු ය. පාගමන් 9 වන දිනට එලඹියේ මෙම තීරණාත්මක මංසන්ධිය කරා ය. හමුදාව විහාර වටලා භික්ෂුන් පිටත ඒම වැළැක්වූහ. ඇදිරි නීතිය ප‍්‍රකාශ කොට පස් දෙනෙකුට වඩා එක් රුස් වුවහොත් වෙඩි තැබීමේ නීතිය පැණවූහ.
1988 දී හමුදාව 3000ක් තරම් භික්ෂුන් සහ ජනයා ඝාතනය කළ අවස්ථාවෙහි එය ලොව දැන ගත්තේ යාන්තමට ය. නමුත් අද තත්තවය සහමුලින්ම වෙනස් කරනු ලැබ ඇත්තේ ජංගම දුරකථන මගින් ජායාරූප ද වීඩියෝ රූප ද ප‍්‍රවෘත්ති ද ගෙන සිය වෙබි දිනපොත් පුරවන තරුණ පුරවැසි මාධ්‍යකරුවන් විසිනි. බුරුමයෙහි සෑම පරිගණකයක්ම ලියා පදිංචි කළ යුතු ය. පරිගණක සාක්ෂරතාවය සියයට එකකි. එනමුත් විවිධ උපායොදා ගනිමින් හමුදා පාලනයේ කණින් රිංගා ලියන මේ වෙබ් දිනපොත් සිදුවීමි සිදුවන වේගයෙන් ම යාවත්කාලීන වෙයි.
මේ සටහන ලියැවෙන බ‍්‍රහස්පතින්දා උදෑසන බුරුමයේ සිට ලියන වෙබ් දිනපොත්කරුවන් කියන්නේ හමුදාව පෙරදා භික්ෂුන් ද ඇතුළුව අට දෙනෙකු මරා දමා තවත් බොහෝ දෙනෙකුට වෙඩි තැබූ බව යි. මර්ධනය එලඹ ඇති ළකුනු හැම වාර්තාවකම පෙනේ. ඉදිරි දින කිහිපය බුරුමයේ නිදහස සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා වන අරගලයට තීරණාත්මක ය.
නිදහස සඳහා බුරුම ජනයාගේ නොසිදෙන අභිලාෂය ද බෙෘද්ධ භික්ෂුන්ගේ සාමකාමී නැගිටීම ද අවුන් සාං සු චී ගේ නොසැළෙන ධෛර්්‍ය ද විසින් බුරුමය දිනෙක නිදහසේ සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මාවතට එළඹෙනු නිසැක ය. ඒ දිනය ඉක්මනින් ලඟාවේවා යැයි කෑ ගසා කියමි.
සුනන්ද දේශප‍්‍රිය
Download article in full as PDF here.
Last 5 posts by Vikalpa Admin
- Interview with train bomb victim - May 27th, 2008
- Citizen reports of election violence and malpractices in the Eastern Province - May 5th, 2008
- Scheduled downtime for Vikalpa - April 9th, 2008
- Launch of Citizen Journalism Video Channel in Sri Lanka - Vikalpa YouTube Video - January 9th, 2008
- Video of slain UNP MP T. Maheswaran's funeral in Colombo - January 4th, 2008
groundviews » The heroine of democracy and the monks revolution said,
[…] Read my article in full, in Sinhala, on Vikalpa here. […]
black dragon said,
why can’t i see anything but squares where the text is meant to be???
Vikalpa Admin said,
You probably don’t have Sinhala fonts installed - please see http://www.vikalpa.org/help-on-fonts
RSS feed for comments on this post · TrackBack URI


