ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා වන බුරුම ජනතාවගේ සටනට අපිත් සහාය පළ කරමු…..

බුරුමය දශක ගණනාවක සිට ම්ලේච්ඡ මිලිටරි පාලනක් යටතේ පවතී. මීට දින කිහිපයකට උඩදී ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා, මිලිටරි පාලනයට එරෙහිව දහස් ගණනක් වූ බුරුම භික්ෂූ, භික්ෂුණී වහන්සේලා විදි බටහ. උන්වහන්සේලා පිරිත් සජ්ජායනා කරමින් වීදි දිගේ පා ගමනින් වඩින අතර දස දහස් ගණන් බුරුම ජනතාව ද මේ පෙළපාලිවලට එක්වෙමින් සිටිති. මිලිටරි පාලකයෝ මේ විරෝධතාව පෙළපාලිවලට ම්ලේච්ඡ ලෙස පහර දෙති. වෙඩි තබා විරෝධතා කරුවන් මරා දමති.
බුරුමයේ ප්‍රධානතම බලසම්පන්න ආධාරකරුවා වන චීනයටත්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයටත් මේ ඝාතන නැවැත්වීමට මැදිහත් වන ලෙසත් බල කරමින් ඉදිරිපත් කිරීමට සූදානම් කර ඇති පෙත්සමකට අත්සන් කිරීම මගින් ඔබටත් මේ තීරණාත්මක මොහොතේදී බුරුම ජනතාව වෙත සහයෝගය පළ කළ හැකියි.
ආඥාදායක බිහිසුණු මිලිටරි ජුන්ටාවෙන් මිදී ප්‍රජාතන්ත්‍රවාදය දිනා ගැනීම උදෙසා වන මේ දැවැන්ත ජන අරගලය වනාහි පීඩනයට ඓරෙහිව නැගී සිටින ලෙස සමස්ත මිනිස් වර්ගයා වෙතම කරන ඇරයුමත් බ÷ය….. අපි අපේ සහෝදරත්වයේ දෑත් ඔවුන් ෙවත දිගු කරමු…
කරුණාකර මේ පෙත්සමට ඔබගේත් අනුමැතිය ලබා දෙන්න.
Last 5 posts by Vikalpa_N
- தென்னிலங்கையில் பிரபலமாகும் அரசாங்கத்தின் போர் அணுகுமுறை - May 8th, 2008
- දෙමළ ජීවිතය - May 8th, 2008
- මහජන සේවයට කැපවුණු ලංගම සේවකයෝ - April 21st, 2008
- ජවිපෙ දෙකට කැඩෙයි.....?? - April 9th, 2008
- அதிகாரப் பரவலாக்கத்திற்கு அரசாங்கம் தயாராகிறதா? - March 31st, 2008


