සදාදරණීය චේ …..
අසහාය මානව ප්‍රේමියෙකු වූ අර්නස්ටෝ චේ ගුවේරා බොළිවියාවේදී ඝාතනය වී අදට වසර හතළියකි.මේ ඒ වෙනුවෙන් ලියැවුවකි.

ලොවපුරා කොතැනක හෝ සිදුවෙමින් පවතින්නාවු දේ පිළිබදව අප උදාසීන නොවිය යුතුය මන්ද මරණය තෙක් සිදුකරන මෙම සටනට සිමාමායිම් නොතිබෙන බැවිනි - අර්නස්ටෝ චේ ගුවේරා
ජාති ආගම් කුල ගොත් නොසලකා සමස්ත මානව වර්ගයාටම ආදරය කළ අර්නස්ටෝ චේ ගුවේරා නැමැති ඒ සොදුරු මිනිසා ඝාතනය වී අදට (ඔක්තෝබර් 9, 2007) වසර හතළිහක් සපිරේ. මෙ මිහිතළයේ කවර හෝ කොදෙව්වක වෙසෙන දුක්ඛිත ජීවිත ගෙවන ජනයාට ඔහුගේ අරගලයතුළින් ජීවය ලැබුණි.ලොව පුරා බෝහෝ මිනිසුන් හා ගැහැනුන් මේ මිනිසාට ආදරය කලේ ඔහුතුළ තිබුණු ඒ විශ්වීය දැක්ම නිසාවෙනි.මිනිසුන් තලාපෙලා පාගා දමන දුෂ්ඨ පාලන ක්‍රමයක් වෙනුවට මිනිසුන්ට ආදරය කරන,ඔවුන් රකින පාලන ක්‍රමයක් බිහිකිරීම ඔහුගේ දර්ශනය බවට පත්වුයේ මානව වර්ගයා කෙරෙහි වු ඔහුගේ අසීමිත ආදරය නිසාමය. වසර තිහක ජනඝාතක යුද්ධයකට මැදිවී සිටින අප වැනි රටකට ඔහුගේ දර්ශනය තුළින් උගත හැකි පාඩම් බොහෝ තිබේ.එහෙත් අවාසනාවකට ඔහුගේ දර්ශනය සිය ක්‍රමවේදය ලෙස හදුන්වමින් ඔහුගේ පින්තූර පසුතලයේ එල්ලාගෙන සිට්න උන් සිදුකරමින් සිටින්නේ ඊට හාත්පසින්ම වෙනස් උවකි. එම නිසාම මරණයෙන් හතළිස් වසරකට පසුවද ඔහු නැවත නැවතත් ඝාතනය වෙම්න් සිටී.දයාබර චේ, මිනිසුන්ට ආදරය කළ ඔබ වැන්නවුන්ගේ ආදරය අප වැනි රටකට අද අත්‍යවශ්‍යය මන්ද අප අද ආදරය වෙනුවට වෛරය තෝරාගෙන ඇතිනිසාවෙනි.
Last 5 posts by Vikalpa_R
- නැගෙනහිර පළාත් ඡන්දයේ ප්රචණ්ඩ ක්‍රියා සහ ඡන්ද දූෂණ පිළිබඳ පුරවැසි වාර්තාකරණය - May 6th, 2008
- මුහමාලෙයි ජනමාධ්‍ය සටන - May 2nd, 2008
- යුද්ධය අපේ දොරකඩටම ඇවිල්ල - April 27th, 2008
- ජවිපෙ දෙකඩවීම පිළිබඳ ජනතා අදහස් - April 25th, 2008
- මානව හිමිකම් සහ ජනමාධ්‍ය - April 24th, 2008
poojitha said,
THis is a great man…………..i love him………he’s an icon of fight for freedom
Rajeesh said,
He is the real hero…he is the youth icon..
RSS feed for comments on this post · TrackBack URI


