චේ…
ආජන්ටීනියානු චේ
හවානා සුරුට්ටුව ගහගෙන
බොලිවියන් වංගගරියෙන් පිය හඹා
තොප්පිගල ඇවිත්
කැමා කලිසම
බර බූට්
ආම් කට් ටී ෂර්ට් එක මත
දුමක් විලසින්
සුසුම් හෙළනා චේ
ගරිල්ලාවන් කොයිබ ද
රිළව් විලසින් නසනට
තුවක්කුවකට පණ එන
පෙර
චේ ගුවෙර කල්ලිය
මහනෙල් නෙළන තැන්වල
නාමින් සිටිනු දැක
තොප්පිගල මුදුනින් පැන
චේ දිවි නසාගෙන
ෂේන් පීටර්ස්
Last 5 posts by Vikalpa_R
- රත්නායක විමලාවතී දෙමළ වූවාය - September 3rd, 2008
- පුරවැසි මාධ්‍යකරුවකුගේ සටහන් - යුද්ධයට වරම සහ වෙනසක අවශ්‍යතාවය - August 28th, 2008
- අපිට නිදහස දෙන්න - යාපනය විවෘත සිර කදවුර - August 22nd, 2008
- තිස්සගේ නඩුව සහ මහින්දගේ වාර්තාව - පුරවැසි මාධ්‍යකරුවකුගේ සටහන් - August 22nd, 2008
- පුරවැසි මාධ්‍යකරුවකුගේ සටහන් - කිළිනොච්චිය ගමන සහ තිත්ත ඇත්ත - August 14th, 2008


