vikalpa : short stories to change the way you think, feel and actregister here.login.find out more
inicio mail me! sindicaci;ón

කොළඹ විශ්ව විද්‍යාලයේ අධි ආරක්ෂිත සාපය…



මම දින කිහිපයකට පෙර රීඩ් මාවත දිගේ ඇවිදගෙන ගියෙමි. වෙලාව සවස 6ට පමණ වෙන්නට ඇත. ශාස්ත්‍ර පිඨය සහ නිති පිඨය පැත්තේ විශ්ව විද්‍යාල භූමිය හිස්ම හිස්ය…පාළුවට ඇරලා වැනිය. පුස්තකාලය අසල රොද බැදගත් සිසු කණ්ඩායම්වත්, තැන තැන බංකුවල ‍ වාඩි වී අල්ලාප සල්ලාපයේ යෙදෙන අයවත්, පෙම්වතුන් වත් නැත…ඒ වෙනුවට මම දුටුවේ තුවක්කු ඔසවාගෙන තැන් තැන් වල සිටින හමුදා භටයින් කිහිප දෙනෙකි.

විශ්ව විද්‍යාලයට සිදු වී ඇත්තේ කුමක්දැයි දැන ගැනීමට පසු ගිය දිනෙක අපි දවල් වරුවේ එහි ගියෙමු. අධි ආරක්ෂිත කලාපය තුළ පිහිටා ඇති නිසා විශ්ව විද්‍යාල‍ෙය් කලා පීඨය, නීති පිඨය, කළමණාකරණ පීඨය සහ අධ්‍ය‍ාපන පීඨය අයත් වන භූමිය සවස 6 න් පසුව සම්පූර්ණයෙන්ම හමුදාව ‍භාරයට ගන්නා බව ත්, සවස 6 ට පෙර සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඒ බිමෙන් ඉවත් විය යුතු බවත් මීට මාස ගණනාවකට පෙර නියෝගයක් පනවා ඇති බව අපට දැනගන්නට ලැබුණි. දවල් කාලයේදී ත් සී අයි ඩී එකේ අය විශ්ව විද්‍යා‍ලය තුළ රැදී සිටින බව සිසුහු අප සමග කීහ. එසේම සැක කටයුතු යැයි කියමින් විශ්ව විද්‍යාලයේ සුළු සේවක කාර්ය මණ්ඩලයේ දෙමළ ජාතික අනියම් සේවකයන් ගණනාවක්ම මේ වන විට ඉවත් කර ඇත.

විශ්ව විද්‍යාලයේ සියලුම දේශන සවස 5ට නවත්වයි. සාමාන්‍යයෙන් නොයෙකුත් ශීෂ්‍ය කණ්ඩායම් විසින් සංවිධානය කෙරෙන සාහිත්‍ය සම්මන්ත්‍රණ, සාකච්ඡා, සාද, සංගීත උළෙලවල්, ….මේ කිසිවක් සවස 6 න්පසුව කළ නොහැක. වෙනදා රාත්‍රී 8 වන තුරු විවෘතව තිබූ ප්‍රධාන පුස්තකාලය දැන් 5ට වසා දමයි. විශ්ව විද්‍යා‍ලයේ සියලුම පිඨවලට අයත් ප්‍රධාන පුස්තකාලය මෙයයි. විභාග පැවැත්වෙන කාලයේදීවත් මේ තත්වයේ වෙනසක් ඇති වෙනවාදැයි අපි සිසුන්ගෙන් විමසුවෙමු. විභාග කාලවලදී කියා කිසිදු වෙනසක් සිදු නොවන බව ඔවුහු කීහ.

මට මහත් පුදුමයක් ඇති විය. මේ සා දැවැන්ත අසාධාරණකම් සිදුවීත්, විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ගෙන් මේ ගැන කිසිදු විරෝධයක් එල්ල වී නැත. මේ තත්වයට විරෝධය පාමින් කිසිදු උද්ඝෝෂණයක් සංවිධානය කෙරී නැත. විශ්ව විද්‍යාල ප්‍රජාව ඉතා සුවචව, ජාතික ආරක්ෂාව නාමයෙන් ආණ්ඩුව පනවා ඇති නියෝග පිළිපදිමින් සිටිති. මේ නම් අතිශය ඛේදනීය තතත්වයකි.

විශ්ව විද්‍යා‍ලයේ පීඨ හතරක්ම මේ ‍ලෙස සවසට වසා දමා හමුදාවට බාර කෙරේ. කලා, නීති, කළමණාකරණ, සහ අධ්‍යාපන පීඨ යන පීඨ හතරයි. රීඩ් මාවතේ අනෙක් පසින් ඇති විද්‍යා පීඨය මේ තහංචියට අසු වන්නේ නැත. කෙසේ වෙතත් සමස්ත විශ්ව විද්‍යාල ප්‍රජාව විසින්ම පොදුවේ පරිහරණය කරන ප්‍රධාන පුස්තකාලය, ක්‍රීඩාගාරය (ජිම්), සහ පරිගණක කාමරය පිහිටා තිබෙන්නේ මේ වසා දැමෙන භූමිය තුළයි. දැන් ක්‍රියාත්මක වෙන සෙමෙස්තර ක්‍රමය යටතේ දිවා කාලයේදී දේශනවලට එහා මෙහා දිවීමත් පැවරුම් සම්පූර්ණ කිරීමත් ඇර වෙන කිසිවක් කරන්නට තමන්ට වෙලාවක් නැති බවත්, පුස්තකාලයට යාම, ඉන්ටර්නෙට් බැලීම, ක්‍රීඩා කිරීම ආදිය කරන්නට හැකි වන්නේ සවස් කාලයට පමණක් බවත් ශිෂ්‍යයෝ පවසති. නමුත් දැන් මේ නීතිය නිසා ඒ කිසිවක් කරන්නට නොලැබෙයි.

‘’මේ රීඩ් ඇවනිවු එක ප්‍රභූන් යනවා කිවලා දවසට අඩුම ගාණේ හතර සැරයක්වත් වහනවා…එත‍කොට සයන්ස් එකේ ඉදලා ආට්ස් පැත්තට එන්න පාර මාරුවෙන්න විනාඩි 15 ක් 20 ක් බලා ඉන්න වෙනවා. අපිට දෙපැත්තෙම ලෙක්චර්ස් තියෙනවා…මෙහෙම වුණාම සමහර ලෙක්චර්ස් වලට වෙලාවට යන්න බැරිවෙනවා..”

‘’දැන් අපිට කිසිම සංස්කෘතික වැඩසටහනක් වත් සංවිධානය නරන්න බැහැ…..5 6 වෙන කොට හැමෝම යනවා…ඊට පස්සෙ විශ්ව විද්‍යාලෙ ඉන්නෙ හමුදාව….ඉස්සර ‍වගේ සෝෂල්, කුප්පි , නයිට් ඒවා දැන් නැහැ. කෙ‍ාටින්ම පෙම්වතුන්ට එක තැනකට වෙලා නිදහසේ කතා කර කර ඉන්නවත් බැහැ….සී අයි ඩී දාලා කියලා දන්න නිසා වෙනදා වගේ රංචු ගැහිලා දේශපාල‍ෙන් හරි සාහිත්‍ය ගැන හරි කතා කරන්න බයයි…ඉස්සර ලෙක්චර්ස් ඉවර වුණාම හැන්දෑවට ජිම් එක ළමයින්ගෙන් පිරෙනවා…දැන් හිස්ම හිස්….” අපි සමග කතා තළ ශිෂ්‍ය ශිෂ්‍යාවන් දෙදෙනෙකු පළ කළ අදහස්ය මේ.

ජාතික ආරක්ෂාව මේතරම්ම වැදගත් නම් කළ යුතුව ඇත්තේ විශ්ව විද්‍යාලය ට තහංචි පැනවීමද? නැතිනම් ආරක්ෂක මර්මස්ථාන වෙන තැනක පිහිටුවීමද?

පමා වී හෝ විශ්ව විද්‍යාල සිසුන් මේ තත්ත්වයට එරෙහිව හඩ නගනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. විකල්ප හරහා මේ ගැන සංවාදයකට එක්වන මෙන් අපි ඔවුන්ට අරාධනා කරමු.

මේ ගැන අප සමග අදහස් දැක්වූ ශිෂ්‍ය ශිෂ්‍යවන් කිහිප පොළක් දැක්වු අදහස් ඇතුළත් වීඩියෝ දර්ශන ඉහත දැක්වේ

Last 5 posts by Vikalpa_N

686 views for this article so far.

| Share this article on Facebook

MM2007 said,

October 15, 2007 @ 9:54 am

What a stupid story is this !. What the hell U know about security?
U know, it is the best place to gather information about VIP movements. Specially from UCSC and Art faculty buildings. Moreover, what the hell U do after 6.00PM in the University? Are they studying? Not at all. National security is more important than after 6PM freedom. Don’t support terrorist activities. We need safe Colombo for our living.

sampath said,

October 27, 2007 @ 9:29 pm

First of all am very thank full to this commenter about carrying out such a discussion. I think this person has not been to a university in his or her life time because he doesn’t even know what the university is. It should not be closed at 6 o’clock. Because it is not a school.
We all want to live safely not only in Colombo. All Sri Lankans need to live safe in all around the country. We need a proper way to create a sustainable peace in our country. We all should get together for the peace not for the war.
Paba..

yasaruwan said,

February 29, 2008 @ 7:52 pm

i’m a student of the university of peradeniya. we have the freedom of being in the university premises at any time. as the students of the colombo university says most of the functions of the university are in night time. so this is very unfair for the colombo students.

THE CRACK » Blog Archive » I just wanted to say we have the freedom, but… said,

March 1, 2008 @ 11:44 am

[…] Yesterday I read a very unfortunate story about the high security zones within the University of Colombo. The article was in vikapla.org. Even though the article is published sometime back I got to know this yesterday so I made a little comment there. I just stated that we have the freedom to be in our university premises at any time and it’s unfair for the colombo students to make their university a high security zone. […]

Palli said,

April 18, 2008 @ 9:41 am

කතාව අැත්තයි. කැමිපස් එෙක් නිදහස අඩුයි. හයට එලියට යාෙමි නිෙයා්ගය හිටපු උපකුලපති තුමා පනවපු එකක්…එ්ත් විකල්ප අඩවිය ෙමි ගැන කතා කරන ෙකාට ඔවුන්ට සමහර කරැණු මගහැරිලා.

මම කලා අංශෙය් හිටපු ෙකෙනක් විදියට ෙමි තත්වය අැති වුෙන් සරසවිෙය් අැතිවුන සමහර සිදුවීමි එක්කයි. කැමිපස් එෙක් කලා අාපන ශාලාෙවන් ෙබා්මිබ හදන්න ගන්න උපකරණ එක්ක සැකකරැවකු අහුවීම එක සිද්දියක්

ෙදමල සිසුන් සමහරක් එල්.ටී.ටී.ඊ එකට ඔත්තු බැලීෙමී ෙයදුන බවට සැක පහල වුනා.. හැෙමා්ම ඉදිරිෙය් ෙබදුමිවාදයට උඩෙගඩිිි ෙදන පිරබාහරන් අදහන අය සරසවිෙය් හිටියා..

ෙමි වෙග් තත්වයක් තුල කැමිපස් එක හයට වහන්නට වීම පුදුමයක් ෙනෙවයි. නිදහස ගැන කතා කරන්න හැක්ෙක් අාරක්ෂාව තිෙබි නමි පමණයි. අායතනයක් විදියට රජයට අාරක්ෂාව සඳහා තීන්දු ගන්න ෙවනවා. ෙමම තත්වයට විසඳුම අාරක්ෂක කලාප කැමිපස් එක අවටින් ඉවත් කිරීම නමි ෙනෙවයි.

RSS feed for comments on this post · TrackBack URI

Leave a Comment