‛‛මහ’’ ජන ආරක්‍ෂාව
නම ජෙගදීස්වරන්, මම ආදරයට කියන්නෙ ‛‛ජෙගා’’ කියල. ජෙගා මගේ බෝඩිං සඟයා. අපි දෙන්නම නැවතිලා ඉන්නෙ පුංචි බොරැල්ලේ තියෙන ගෙදරක. ජෙගා rediotherophy ගැන ට්‍රේනිං වෙන හෙද ශිෂ්‍යයෙක්. උපං ගම ‛‛කිලිනොච්චිය’’. කිලිනොච්චියේ ඉඳං මෙහෙට ඇවිල්ලා දැන් අවුරුදු දෙකක් විතර වෙනවා. ජෙගාගේ ට්‍රේනිං ඉවරවෙලා පත්වීම ලැබුණේ ‛‛පොතුවිල්’’ වලට. පත්වීම භාරගන්න තිබුණේ මේ මාසේ 8 වැනිදා. පත්වීම ගන්න සති දෙකකට කලින් වවුනියාවේ අක්කලාගේ ගෙදර ගිය ජෙගා තාමත් බෝඩිමට ආවේ නැහැ. ජෙගා ගිහිල්ලා තොරතුරක්වත් දුරකථන ඇමතුමක්වත් නැති නිසා බෝඩිමේ අයිතිකරුත් මමත් බොරැල්ලේ පොලිසියට ගියේ ඒ ගැන පැමිණිලි කරන්න.
පොලීසියට ගිය ගමන්ම එහි හිටපු නිලධාරි මහත්මයෙක් අපෙන් ඇහුවා, ‛‛මොකටද ආවේ’’ කියලා. අපි කිව්වා ‛‛අපේ බෝඩිමේ හිටපු කෙනෙක් ගෙදර ගියා, දැන් සති තුනක් විතර වෙනවා. තාම ආවේ නැහැ. ඒකයි පැමිණිලි කරන්න ආවේ’’ කියලා. එතකොට පොලිස් නිලධාරියා අපෙන් ඇහුවා. ‛‛ඌ කොහේ එකෙක්ද’’ කියලා. ‛‛එයා කිලිනොච්චියේ, නම ජෙගදීස්වරන්’’ අපේ බෝඩිමේ අයිතිකරු පිළිතුරු දුන්නා. ඊට පස්සේ එක පාරටම පොලිස් නිලධාරියා අපෙන් ප්‍රශ්න වැලක් අහගෙන ගියේ අපිට වචනයක්වත් කතා කරන්න ඉඩ නොදී.
‛‛ඌ දෙමළෙක් නේද, තමුසෙලා දන්නැතුවද නවත්ත ගත්තේ, තව දෙමල්ලු ඉන්නවද බෝඩිමේ, ඌ මොනවා කරපු එකෙක්ද?’’ එහෙම අහපු පොලිස් නිලධාරියාගේ අනිත් ප්‍රශ්නය වුණේ ‛‛දෙමල්ලු විතරද හිටියේ ‛‛හම්බයෝ’’ හිටියේ නැද්ද යන්නයි.
එක පාරටම අහපු වචනය මට තේරුමක් නැති වුණත් බෝඩිමේ අයිතිකරු නම් එය හොඳින් තේරුම් අරගෙන ඇති බව පෙනුනා. ඔහුගේ පිළිතුර වුයේ ‛‛නෑ සර්’’ යන්නයි.
ජෙගාගේ පැමිණිල්ල මොකක් වුණත් පොලිස් නිලධාරියාට ප්‍රශ්නය වී තිබුණේ ‛‛හම්බයින්’’ ‛‛දෙමලුන්’’ තව ඉන්නවාදැයි දැනගැනීම පමනි. පොලීසියට පැමිණෙන විටම පොල්ගෙඩි අකුරෙන් ‛‛මහජන ආරක්‍ෂාව’’ ගැන බෝඩ් එල්ලගෙන ඉන්නා පොලීසියේ මහතුන් මිනිස්සුන්ට කතා කරන විදිහවත් දන්නේ නැති නම් ලංකාවේ අපේ ආරක්‍ෂාවට දෙයියන්ගේම පිහිට මිස අන් කවර සරණක් දැයි මට සිතුනි.
සමන්තිලක බණ්ඩාර
Last 5 posts by Vikalpa_R
- කලු ජූලිය 25 - කටු සටහනක් - පුරවැසි ජනමාධ්‍යවේදියකුගේ සටහන් - July 25th, 2008
- පුරවැසි ජනමාධ්‍යවේදියකුගේ සටහන් - ආණ්ඩුකාර පොලිස්පති සහ උතුරේ යුද්ධය - July 18th, 2008
- නාමල්ට පහරදුන් මැරයන් අල්ලනු....... උද්ඝෝෂණය - July 3rd, 2008
- වීරෝදාර රණවිරුවන්ට පුරවර සරසවියෙන් පානීය ජලය - July 2nd, 2008
- මාධ්‍යවේදී තිස්සනායගම් මුදාහරිනු..... - July 1st, 2008
මහේෂ්-ඩී-ජය said,
සාමාන්‍යයෙන් මේ වගෙ දේවල් සිද්ද වෙන්නෙ අපේම ආරක්ෂාව වෙනුවෙන් තමයි. නමුත් ඒ සදහා ක්‍රමවත් වැඩපිළිවෙලක් නැතිකම තමයි තියන ලොකුම ප්‍රශ්නය.
” එක මකුණයි ළමයෝ කන්නේ ඇයි ඔක්කොම මකූණො මරන්නෙ?”
RSS feed for comments on this post · TrackBack URI


