දෙඹරු ඇවිත්……
සර් ර් රෝ…. සර් ර් රෝ… සර් ර් රෝ…
මොකද මහේෂ් ?
මම පාසල් ආපන ශාලාවේ සිටිද්දී ජනේලය අසලට පැමිණි දරුවෙක්ගේ හඩ ඇසී ප්‍රශ්ණ කළෙමි.
කනවෝ කනවෝ මට අයිස් එකක් දීපියෝ
මම ආපනශාලා හිමිකරුගෙන් උදුරාගත් අයිස් පැකැට්ටුවක් දරුවාට දුනිමි.
මොකෙක්ද කනවා කිව්වේ
මෙන්න මෙවුන් නිල්පාට කුරුමිණියෙක් වැනි සතෙක් මා දෙසට විසිකරමින් කීය
සර් සර් අල්ලන්න එපා බඹරෙක්
මම වහා එළියට ගොස් බැලූවෙමි ළමයින් සී සී කඩ දුවයි කුඩා ළමුන් කෑම ගනීමින් සිටියි
දුවන්න ළමයි දුවන්න
සර් බත් කාලම දුවන්නම්
ළමයි ඔය සත්තු කනවා. දුවන්න
සත්තු නෙමෙයි සර් අපි බත් කනවා.
මම වහා අසලක පිහිටි විහාරස්ථානයට දිව ගොස් ශබ්ද විකාශන යන්ත්‍රය ගෙන නිවේදනයක් දුනිමි
“පාසල අවට සිටින දෙමාපියන් වහාම පාසල් භූමියට පැමිණ දරුවන් රුගෙන යන්න දෙඹරු ඇවිත්”
මහා සෙනගක් කැති පොලු උදලු රුගෙන පාසල් වත්ත වට කර ඇත.
එහි සිටි එක් අයෙක් කොයි සර් දෙමලු? මොන දෙමලලුද? මිනිහෝ ඇයි සර් ඉස්පීකරෙන් කිව්වේ දෙමල්ලු ඇවිත් කියලා ඒකනේ අපි ආයුධ අරගෙන ආවේ
මිනිහෝ දෙමල්ලු නෙමේ “දෙඹරු”
අර ළමයි ටික ගන්නවා එළියට
ඊට මිනිත්තු කීහිපයකට පසු මා සිහිසුන්ව වැටී ඇති බව දින කීපයකට පසු රෝහලේදී සිහිය ලදවිට මට දැනගන්නට ලැබුණි.
මගේ හිස දෙපස තිබී දෙඹරුන්ගේ විත් විශාල ප්‍රමාණයක් ඉවත් කර ඇති බවද පසුව දැනගන්නට ලැබුණි
( මායිම් ගමක පාසලක සිදු වූ සත්‍ය සිදුවීමක් ඇසුරිනි)
Last 5 posts by Vikalpa_R
- වන්නියේ සරණාගතයන් දුටු අයෙකුගේ ඇසින්........ - September 5th, 2008
- மாகாணசபைத் தேர்தலிலும் மத்திய அரசின் நிகழ்ச்சி நிரலே… - September 5th, 2008
- රත්නායක විමලාවතී දෙමළ වූවාය - September 3rd, 2008
- පුරවැසි මාධ්‍යකරුවකුගේ සටහන් - යුද්ධයට වරම සහ වෙනසක අවශ්‍යතාවය - August 28th, 2008
- අපිට නිදහස දෙන්න - යාපනය විවෘත සිර කදවුර - August 22nd, 2008
sampath said,
Exalant Article
RSS feed for comments on this post · TrackBack URI


