vikalpa : short stories to change the way you think, feel and actregister here.login.find out more
inicio mail me! sindicaci;ón

වරා

වරා මගේ මිතුරෙක් වුණේ මීට වසරකට පමණ පෙරදී. විශ්ව විද්‍යාලයේ ග්‍රීන් ටේබල් නමින් හඳුන්වන ප්‍රදේශයේ වරා නොහිටියොත් ඒක පුදුමයක්. අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් වරා ඒ තරමටම උනන්දුයි. වරාගේ ජාතිය ද්‍රවිඩ. නමුත් ඉගෙන ගන්නේ සිංහල භාෂාවෙන්. ඒ ඇයි කියලා ඔහුගෙන් ඇසූ විට ඔහු දෙන පිළිතුර තමයි අද තියෙන තත්ත්වෙත් එක්ක දෙමලෙන් ඉගෙන ගෙන ඉස්සරහට යන්න අමාරුයි බං කියලා. කලා පීඨයේ බොහෝ දෙනක් වරා ව ඇසුරු කරන්නේ අධ්‍යාපන කටයුතු වලට ඔහු නොමසුරව උදවු කරන නිසා. පාලි විශ්ව විද්‍යාලයේ ඉංග්‍රීසි පාඨමාලාවකට අයදුම් කළ වරාට ඒ සඳහා අවස්ථාව අහිමි වුණේ ඔහු ද්‍රවිඩ ජාතිකයෙක් හින්දා. නමුත් මේ කියන්න යන්නේ වරා ගැන නෙමෙයි. වරා හැර අනෙකුත් සියළුම දෙනා ගැන.
තමන්ට සිදු වුණ අසාධාරණය වෙනුවෙන් පිළිසරණක් පතාගෙන නීතිය ඉදිරියට යන්න වරා තීරණය කළා. නමුත් අද වන විට වරා නැවත වතාවත් තමන්ගේ තීරණය පිළිබඳ සිතමින් සිටිනවා. නැවත වතාවක් ඒ ගැන සිතන්නට ඔහුව පෙළඹුවේ වරා වටේට රැස් වන විශ්ව විද්‍යාලයේ මිතුරු මිතුරියන්.
ඇතමෙක් කියන්නේ වරා, උඹට වෙඩි තියලා දායි. එක් හින්දා ඕක අත ඇරලා දාපන්.
තවත් කෙනෙක් කියන්නේ ඔයිට වැඩිය කොච්චර ලොකු අසාධාරණකම් මින්ස්සුන්ට සිදු වෙනවද? ඔන්න ඕක අත ඇරලා දාපන්. උඹට මේ කැම්පස් එකත් නැති වෙයි.
ඒ අතරින් දෙතුන් දෙනෙක් වරාට හදවතින්ම උදවු කරනවා. නමුත් නඩුවක් ගොනු කරන්න දිවුරුම් පෙත්සමක් දෙන්න බැහැ කියලා වාරාගෙන් අයින් වුණූ පිරිසකුත් ඉන්නවා.
ජාතික ආරක්ෂාව වෙනුවෙන් යැයි කියා විශ්ව විද්‍යාලය අධි ආරක්ෂිත කළාපයක් බවට පත් කිරීම හා සවස 5.30ට පුස්තකාලය වැසීම සම්බන්ධයෙන් කිසිඳු හඩක් නොනගන අපේ කැම්පස් එකේ සිසු ප්‍රජාව වරා වගේ ඉගන ගන්න උත්සහ කරන සහෝදරයෙක්ට අත නොදෙන එක පුදුමක් නොවෙයි. අඩුම තරමේ තමන්ට අවශ්‍ය තීරණය ගන්නවත් වරාට ඉඩක් නෑ. සමස්ථ රටේම සිදු වෙනවා වගේ එතැනදිත් වරාගේ තීරණය පාලනය කරන්නේ වරාගේ සිංහල මිතුරු මිතුරියන්.
කවදා හරි දවසක වරා ද්‍රවිඩ ජනතාවට වෙනම රටක් අවශ්‍ය බව පිළිගත්තොත්, එහෙම නෙමෙයි වරා අපි හැමෝම එකට ජීවත් වෙමු කියන්න අපි කාටවත් හයියක් ලැබෙන එකක් නෑ.

පබා මැණිකේ
19/10/2007

Last 5 posts by Vikalpa_N

258 views for this article so far.

| Share this article on Facebook

මහේෂ්-ඩී-ජය said,

October 22, 2007 @ 2:51 pm

අද මේක වරාට විතරක් සිද්දවෙන දෙයක් නෙවෙයි. අපේ රටේ ජීවත් වන සියළුම ද්‍රවිඩ ජාතික ජනතාව කෙරෙහි බලපාන ඛේදනීය තත්වයක්. මේ සදහා සදාකාලික සාමයකින් තොර වෙන විසදුමක් තියනවා නියලා අපට හිතනින අමාරැයි.

RSS feed for comments on this post · TrackBack URI

Leave a Comment