නිවිතිගල තරුණ තරුණියෝ
මහේෂ් අයියා ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ දිස්ත්‍රික් සම්බන්ධීකාරක තනතුරක් හොබවනවා. පසුගිය දිනක මට ඔහු මුණගැසුණේ පුහුණු වැඩමුළුවකදි. ක්ෂේත්‍ර වැඩසටහනකට කහවත්ත ප්‍රදේශයට යන්නට මොහුට සිදු වෙලා තිබුණා. නිවිතිගල හවුපෙ වත්ත ප්‍රදේශයේ තරණ තරුණියන් සඳහා ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය පිළිබඳව වැඩසටහනක් සංවිධානය කිරීමයි ඔහුගේ කාර්ය භාරය. තරුණ තරුණයින් 70ක් පමණ ජීවත් වන මේ ප්‍රදේශයේ රැකියා අවස්ථා පිළිබඳව විමසූ විට ඔහුට ලැබුණ පිළිතුරෙන් ඔහු කම්පාවට පත් වෙලා.
නිවිතිගල යොවුන් සේනාංකයට අපි හැමෝම අයදුම් කළා. නමුත් අපි දෙමල හින්දා අපිව ගත්තේ නෑ. මේ ප්‍රදේශයේ වෘත්තීය පුහුණුවක් ලබා ගන්න වෙන තැනකුත් නෑ. අපි කාටවත් රස්සාවත් නෑ.
මහේෂ් අයියත් අවුරුදු තුනකට පමණ පෙර යොවුන් සේනාංක වැඩසටහනේ තරුණ නායකයෙක්. වැඩසටහන ආරම්භ කළ අවධියේ නම් යාපනය ප්‍රදේශයෙනුත් ද්‍රවිඩ තරුණ තරුණියන් මේ සඳහා සම්බන්ධ වූ බව ඔහු ප්‍රකාශ කළා.
අපේ රටේ විශ්ව විiල පද්ධතිය තුළත් ද්‍රවිඩ සිසුන්ට මෙවැනි අසාධාරණකම් සිද්ධ වෙන බව දකින කොට හවුපෙවත්තේ මෙහෙම වෙන එක පුදුමයක් නෑ කියලා මට හිතුනා. නමුත් භාෂාවක් කතා කිරීම ආගමක් ඇදහීම පදනම් කර ගෙන වෙනස් කොට සැලකීම නොකළ යුතුයි කියලා න්‍යායික විදියට අපි ඉගෙන ගන්නවා. ඒක ප්‍රයෝගිකව යොදවන්න අඩුම තරමේ විශ්ව විද්‍යල පද්ධතිය තුළින් වත් හඬත් ගොඩ නැගෙනවානම් අපේම සහෝදර සහෝදරියන්ට සිදු වන මේ අසාධාරණකම් වලට එරෙහිව ක්‍රියා කරන්න ඔවුන්ට ශක්තියක් ලැබේවි.
පබා මැණිකේ
19/10/2007
Last 5 posts by Vikalpa_N
- தென்னிலங்கையில் பிரபலமாகும் அரசாங்கத்தின் போர் அணுகுமுறை - May 8th, 2008
- දෙමළ ජීවිතය - May 8th, 2008
- මහජන සේවයට කැපවුණු ලංගම සේවකයෝ - April 21st, 2008
- ජවිපෙ දෙකට කැඩෙයි.....?? - April 9th, 2008
- அதிகாரப் பரவலாக்கத்திற்கு அரசாங்கம் தயாராகிறதா? - March 31st, 2008


