මොන කෙහෙල්මලටද තොරතුරු හංගන්නේ?
රසිකා ප්‍රියදර්ශනී වන මම 2007 අගෝස්තු මාසයේදී වකුගඩු රෝගීන් ගැන තොරතුරු ලබා ගන්න අනුරාධපුර රෝහලට ගියා. උතුරුමැද පළාතේ දැනට වකුගඩු රෝගීන් 30000ට ආසන්න පිරිසක් සිටින බවට තොරතුරු මට ලැබී තිබුණා. ඒ ගැන ත්, මේ තත්ත්වයට පිළියම් ලෙස කළ හැක්කේ මොනවාද කියාත් ප්‍රදේශයේ මිනිසුන් දැනුවත් කළ යුතුයි සිතූ නිසා නිවැරදි නිල විස්තර දැනගැනීමට සිතාගෙන මම වකුගඩු ඒකකය බාර නිලධාරියා හමුවීමට ගියා. නමුත් ඔහු එකපාරටම කඩා පැන තොරතුරු ලබා දෙන්න බැරි බව කීවා. ඔයා කවුද? මොකටද ඔයාට මේ තොරතුරු අවශ්‍ය වෙන්නේ? ඔයා මොන සංවිධානයෙන්ද? යනාදී වශයෙන් ප්‍රශ්න රාශියක් මගෙන් එකදිගට අහගෙන ගියා. ඒ තොරතුරු අවශ්‍ය නම් සෙඛ්‍ය අධ්‍යක්ෂවරයාගේ අනුමැතිය අරන් එන ලෙස මට දැන්වුවා. එහෙම නැතිව තොරතුරු කිසිවක් දෙන්න බැහැයි කිවිවා. ඊළග සිකුරාදා මේ සම්බන්ධව විෙශ්ෂඥ වෛද්‍යවරයෙක් රෝහලට ඒමට නියමිත බව මා දැනගෙන හිටියා. මම අර නිලධාරියාගෙන් ඒ වෙද්‍යවරයාගේ දුරකථන අංකය ඉල්ලා සිටියා. එවිට ඔහු මට දුන් පිළිතුර වූයේ, ‘’එයාලා ලොකු මිනිස්සු..එයාලගෙ පුද්ගලික තොරතුරු ඔයාලාට දෙන්න බැහැ” යන්නයි. මම කරගන්න දෙයක් නැතුව ආපහු හැරිලා ආවා.
මට හිතාගන්න බැරි 30000ක් රෝගීන් මැරෙන්න ඉන්න මේ වෙලාවේ මොන කෙහෙල්මලකටද මුන් මේ තොරතුරු හංගන්නේ කියලයි…
රසිකා ප්‍රියදර්ශනී
Last 5 posts by Vikalpa_N
- தென்னிலங்கையில் பிரபலமாகும் அரசாங்கத்தின் போர் அணுகுமுறை - May 8th, 2008
- දෙමළ ජීවිතය - May 8th, 2008
- මහජන සේවයට කැපවුණු ලංගම සේවකයෝ - April 21st, 2008
- ජවිපෙ දෙකට කැඩෙයි.....?? - April 9th, 2008
- அதிகாரப் பரவலாக்கத்திற்கு அரசாங்கம் தயாராகிறதா? - March 31st, 2008
sam said,
missy, you have no right to take my medical records from any hospital. It is call doctor, patient privacy. You defiantly need a proper approval first. If you live in a more civilize society, you even need a warrant.
Sunanda deshapriya said,
i think Samis mistaken, she was not looking for personal files, general information on kidney illness widespread in NcCprovince, if you read carfully you will see she wanted to know the available remedies, ect,
This is a right to information issue not a an issue of looking for personl health files, Mediacal authorites are duty bound to provide this info, to make aan informed dialogue on healthissues affecting community,
JM said,
Sam is right. There is proper protocol to be followed. Why was she so arrogant that she didn’t want to get authorisation from the Director of Health Services?
How could she expect the hospital officials to give her the personal phone number of a visiting doctor without the latter’s approval? Some journalists in Sri Lanka seem to think that they are above the law.
RSS feed for comments on this post · TrackBack URI


