vikalpa : short stories to change the way you think, feel and actregister here.login.find out more
inicio mail me! sindicaci;ón

දවල් වැටුණු වළ හඳුන්වා දීමටවත් කොළඹ දේශපාලන පීඨය සමත් වුවහොත් …

අපේ රට වැස්සෝ බොහෝ දෙනෙක්, බොහෝ කාලයක සිට ? වැටුණු වළේ දවල් වැටෙන්නෝ ය. එයට රිස්සෝ ය. නැතහොත් වැටි-වැටීත් වැටෙන්නටම කැමැත්තෝ ය. හයිය හත්තිය ඇති කළ එයට ලොබ බැන්දත්, පවුල්-පන්සල් වී කලක් ගත වන විට ද, යමක් තේරෙන විට හා දරිද්‍රතාව ඉහළ ගොස්, හොට බිම ඇණෙන කල ද, දත් මිටි කන හෝ සාප කරන හෝ පිරිසක් අප අතර නැත්තේ නො වේ. එ විට ඔවුන්ගෙන් ඇතැමෙක් පුරවැසියාගේ භූමිකාවට පිවිසේ. එ් වෙන විට පෙළහර ගොස් හමාර ය. මේ අපේ රටේ දේශපාලනයේ හැටි ය. එසේ සිතා නිහඬ විය නො හැකි නිසා දෝ පිරිසක් එක් වී සද්කාර්යයකට අත පොවා තිබේ.

උඩු ගං බලා පිහිනීමක් බඳු ඒ ව්‍යායාමය නම්, කොළඹ දේශපාලන පීඨය :ඣඛධඵඊධ ීක්‍්‍යධධඛ ධත්‍ ඡුධඛෂඔෂක්‍්ඛ* ඇරඹීම යි. එහි සමාරම්භක උත්සවය ඔක්තෝබර් 11 වන දා පස්වරු යාමයේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේ දී පැවැත්විණි. එම අවස්ථාවට ශී‍්‍ර ලංකා ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට වරම් ලබා ඇති උත්තමයන් කිහිප පොළකට ද ආරධනා කර තිබුණි.

ඔවුන් කිසිවෙකුටත් නියමිත වේලාවට අදාළ ස්ථානයට පැමිණීමට නො හැකි වී තිබුණේ, මීටත් වඩා සද් කාර්යයකට හවුල්වීමට හා පිළිතුරු බැඳීමට සිදුව තිබූ නිසා විිය හැකි ය. කතානායකගේ සිට, ඒ උත්තරීතර යැයි කියා ගන්නා සභාවේ සියල්ලෝම අඩු වැඩි වශයෙන් එ්වාට දායක වූ අයුරු මාධ්‍ය මගින් දැක ගැනීමට හැකි විය.

අපට-රටට වග කිව යුතු උත්තරීතර සභාවේ කටයුතු එ් අයුරින් සියලූ ලෝ වැසියෝ අත් විඳිද්දී කොළඹ දේශපාලන පීඨය දරන උත්සාහය මල් පල ගැන්විය හැක්කේ කෙසේ ද? යන ප‍්‍රශ්නය නිතැතින් මතුවන්නකි. කොළඹ දේශපාලන පීඨය පිහිටුවීමේ පරමාර්ථ එහි විධායක අධ්‍යක්ෂ නීතිඥ ශිරාල් ලක්තිලක පැහැදිලි කිරීමෙන් අනතුරුව, එහිම දේශකයෙක් වන නීතීඥ සුදර්ශන ගුණවර්ධන එයටම ඌණපූර්ණ සැපයූ අතර, මින් ලබන අධ්‍යාපනයෙන් අනතුරුව කුමක් කරන්නේ ද? යන පැනය ද මතු කළේ ය.

පමා වී හෝ උත්තරීතර සභාවේ සිට ස පැමිණ, එහි සිටි පිරිස ඇමතූ පාර්ලිමේන්තු මන්තී‍්‍ර දයාසිරි ජයසේකර, ලංකාවේ වත්මන් දේශපාලකයාගේ හැඩ - රුව වර්ණනා කළේ ය. ඇසුරු කොට දැන හඳුනා ගත් ළබැඳියෙක් ලෙස, ඔහු අවංක ව යමක් ප‍්‍රකාශ කළා යැයි අනුමාන කළ හැකි වුව ද, මේ දේශපාලන පීඨයේ සිසු සිසුවියන්ට, වත්මන් දේශපාලන මඩ ගොහොරුවෙන් ගොඩ එ්මට ඇති හැකියා ව සපථ නො කළේ ය.

මෙ රට පාලනය කළෝ, නුපන් පරපුර ද දැනටමත් ණය කරුවන් කර ඇති බව කී දයාසිරි, ආසන සංවිධායක ධූර වැනි තනතුරු ලැබෙන්නේ ද රට උකස් කිරීමට මාන බලන පිරිසකට බව කීවේ ය. මා දකින ආකාරයට ප‍්‍රශ්නය ඇත්තේ ද එ තැන ය. ධනය, බලය, කුලය, ජාතිය හා ඊට සමගාමී සුදුසුකම් සපුරාලන්නන්ට දේශපාලනයේ දොර‘ගුළු විවර වන බව එම සත්‍යය යි. එසේ නම් මේ පීඨයෙන් ලබන අධ්‍යාපනය කුමකට ද?

මොළේ ඇති විට බලේ නැත - බලේ ඇති විට මොළේ නැත යනු අසා පුරුදු අතුරුපස කියමනකි. එ් කියමන සාවද්‍ය ය. මොළේ ඇති එකාට බලේ නැත - බලේ ඇති එකාට මොළේ නැත යනු නිරවද්‍ය කියමන වන්නේ ය. මේ නිරවද්‍යතා ව යථාර්තය බවට පත් කිරීම යනු, පක්ෂ නායකත්වයන් නිවැරැුදි තැනට පත් කිරීම ය. එය සිදු කිරීමට මේ කොළඹ දේශපාලන පීඨයට හැකියාවක් නැති බව (දැනට හැකියාවක් නැති බව* පැහැදිලි ය. නමුත් එ් සඳහා වන මඟ පෙන්වීමක්වත් කිරීමට මේ පීඨය සමත් වේවා යනු හෘදයාංගමව පතනු වටී.

ජනිත් විපුලගුණ
2007 ඔක්තෝබර් 19 දින

Last 5 posts by Janith Vipulaguna

163 views for this article so far.

| Share this article on Facebook

Leave a Comment