vikalpa : short stories to change the way you think, feel and actregister here.login.find out more
inicio mail me! sindicaci;ón

ස්මාරක දෙකක වෙනස….

new-ahiiaka.jpg
ඉහත දැක්වෙන්නේ 1988-89 වකවානුව තුළ පැවැති භීෂණ සමයේදී මියගිය හා අතුරුදහන් වූවන් සැමරීම සඳහා ඉදිකළ ස්මාරක දෙකකි. මෙහි ඉහළින් දැක්වෙන ස්මාරකය සීදූව රද්දොලුව මංසන්දියේ පිහිටා ඇති අතර පහතින් දැක්වෙන ස්මාරකය බත්තරමුල්ල පාර්ලිමේන්තු වට රවුමට යාබදව පිහිටා ඇත. සීදූව ස්මාරකය සිවිල් ක්‍රියාකාරිකයන් හා අතුරුදහන් වුවන්ගේ පවුල් වල ඥාතීන් එකතුවී 1990 දී පිහිටුවනු ලැබූවා. එදා සිට අද දක්වා වසර දාහතක් තිස්සේ සෑම වසරකම ඔක්තෝබර් 27 වන දින අතුරුදහන් වූ සිය ඥාතීන් සෑමරීමට ඔවුන් අමතක කළේ නැත. එහෙත් පහතින් දැක්වෙන අහිංසකයින්ගේ ආරාමය ඉදිකළේ අතුරුදහන් වූවන් වෙනුවෙන් සාධාරණය ඉටුකිරීමටත් අතුරුදන්කිරීම් වලට වගකිව යුත්තන්ට දඩුවම් කිරීමටත් පොරොන්දු වෙමින් 1994 බලයට පැමිණි චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනියගේ රජය විසිනි. මෙම අහිංසකයින්ගේ ආරාමය ඉදිකර ටික කලකින්ම සියල්ලන්ට එය අමතක වී ගියද එයට පිටුපසින් ඇයගේ අනුග්‍රහය ලැබ ඉදිවු ගොල්ෆ් පිටිය හා හෝටලය සැමගේම නෙත පිනවීමට සමත්වී ඇත. එදා අතුරුදන්වූවන් වෙනුවෙන් පාගමන් යමින් ජාත්‍යන්තර ප්‍රජාවට ඒ පිළිබඳව කන්නලවු කළ මහින්ද රාජපක්ෂ මහතා අද ජනපතිකම හොඹවයි. එහෙත් දෛයිවය කෙතරම් අකාරුණිකද ඔහුගේ පාලනය යටතේද අහිංසකයින්ගේ ආරාමය වල්වැදී ඇත. එය පසුකරයන මැති ඇමතිවරුන් ඇතුළු කිසිවකුටත් ඒ බව නොපෙනෙන්නේ එයට අද වටිනාකමක් නොමැති නිසා විය යුතුය. මන්ද අතුරුදන්වීම් සිදුවන විට අතුරුදන් වූවන් වෙනුවෙන් සැදු ස්මාරකයකට වටිනාකමක් නොලැබෙන නිසාය. එහෙත් අතුරුදන් වුවන් පිළිබඳව සැබෑවටම දුක දැනෙනුයේ ඔවුන්ගේ ඥාතීන්ට හා මිනිසත්කම හඳුනන අයට බව මෙම ඡායාරූප දෙක කදීම සාක්ෂියකි.
රසික

Last 5 posts by Vikalpa_R

160 views for this article so far.

| Share this article on Facebook

Leave a Comment