vikalpa : short stories to change the way you think, feel and actregister here.login.find out more
inicio mail me! sindicaci;ón

හඬා වැටෙනව අම්මල දරුවන් එනතුරා….



හඬා වැටෙනව මව්වරු
උතුරෙත් දකුණෙත් නැගෙනහිරෙත්
නැති සොවින් තම දරුවන්
බලාන ඉන්නව දෑස් අයාන
උන් එන තුරු
කවුරුන්ද රැගෙන ගියේ
නුඹේ ඇකයෙන් උන්ව
කෙතරම් කඳුළු තිබුනත්
හඬන්නට
උන් නැවත එනතුරා…
නොඑන බව උන්
කෙසේ නම් කියන්නද
නුඹ අම්මා නොවෙද උන් වැදු
නුඹේ කඳුලට
නැත කිසිදු වටිනාකමක්
අම්මේ…
ඒදා මෙන්ම අදත්
නැතිව කිසිදු වෙනසක්
අතුරුදන් වෙන්නෙ දරුවන්
මව්නගේ ඇකයෙන්..
විප්ලවයෙ නාමයෙන්
ජාතියේ නාමයෙන්
නුඹේ කඳුලට
නැත කිසිදු වටිනාකමක්
අම්මේ…
හඬනවා තව තවත් අම්මල
නැති සොවින් දරුවන්
ඒත් ඒ හඬ
නොඇසෙයි කිසිවකුට…
අතුරුදන් වේවි තව තවත්
දරුවන්
ඉදිවේවි තව තවත්
ස්මාරක
නොඇසෙයි කිසිවකුට
නුඹලා හඬන හඬ
අම්මේ…
ඒ ස්මාරක අසල
අතුරුදන් වේවි
තව තවත් දරුවන්…

රසික මනෝබුද්ධි

අතුරුදන්වුවන්ගෙ පවුල් එකතුව සංවිධානය හා ඩාබිදු සංවිධානය මගින් ඔක්තෝබර් 27 වන දින සීදූව රද්දොලුව මංසන්දියේ පිහිටි අතුරුදන්වූවන්ගේ ස්මාරකය ඉදිරිපිටදී සැමරුම් උත්සවයක් පවත්වන ලදි.මෙම සැමරුම් උළෙල සෑම වසරකම ඔක්තෝබර් 27 වන දින මෙම ස්මාරකය අසල පැවැත්වේ.මෙවර එය පැවැත්වූයේ 17 වෙනි වතාවටයි.ඉහත විඩියෝ පටයෙන් දැක්වෙන්නේ එම සැමරුමේදී අතුරුදන්වූ සිය දරුවන්ගේ ස්මාරකය අසල හඩාවැටෙන මවවරුන් ගේ දර්ශනයි.මෙම සැමරුමෙන් පසුව උතුරෙත්,දකුණෙ හා නැගෙනහිර සිදුවන සියලු අතුරුදහන්කරවී‍ම් වලට එරෙහිව ඒකාබද්ධ වැඩපිළිවෙලක් ගොඩනගමු යන තේමාව යටතේ සම්මන්ත්‍රණයක් ද පැවැත්වූවා.මානව හිමිකම් පිළිබදව ක්‍රියාකරන සිවිල් සංවිධාන රැසක නියෝජිතයන් මෙම රැස්වීමට සහභාගී වූහ.

Last 5 posts by Vikalpa_R

190 views for this article so far.

| Share this article on Facebook

Leave a Comment