ජනාධිපතිගෙන් ප‍්‍රශ්න ඇසීම
පුරවැසියකුගේ සටහන්
28.10.2007
සුනන්ද දේශප‍්‍රිය
ආණ්ඩුව නියෝජනය කරමින් ජනාධිපතිවරයා සහ ඔහුගේ සහ පිරිවර ජනමාධ්‍ය හමුවේ පෙනී සිටියේ පසුගිය සතියේ බ‍්‍රහස්පතින්දා ය. ජනමාධ්‍ය නියෝජනය කරමින් ද ඒසා විශාල සේනාවක් ප‍්‍රශ්ණ විචාරීම පිනිස ආරාධනා ලැබ පැමිණ සිටියෝය. අයෙක් ඒ අවස්ථාව පිණිස හැද පැළද පවුඩර් උලාගෙන සිටි සැටියෙන්ම ඒ අවස්ථාව මංගල්‍යක් සේ සළකා තිබු බවක් පෙනුනි.
මා එය අවසාන වන තුරු නැරඹුවේ නැත. මඟක් හරියේ දීම එපා වූ නිසා ය. මා වැනි බොහෝ ප්‍රෙක්ෂකයින් එම අදහසටම පැමිණි බවට සැකයක් නැත.
මේ මාධ්‍ය හමුවේ අදහස් අරමුණ කුමක්ද? මහාජනයාගේ ප‍්‍රශ්නවලට පිළිතුරු ලබාදීමද? එසේත් නැත්නම් ජනාධිපතිවරයාගේ අදහස් මහා ජනයාට කීම ද? නැත්නම් නිකම්ම නිකම් කාලය කා දැමීමක් ද? මෙරට සියලූම සිංහල රූපවාහිනී නාලිකා මගින් එය නිල වශයෙන්ම පෙන්විය යුතු නිසා ඕනෑම බාල වැඩ සටහනක් වුව මහා ජනයා නරඹනු ඇතැයි සිතන නිසා කරන කරන්නන් වාලේ වැඩක් ද?
මේ ප‍්‍රශ්න මැදිහත් සිතින් බලන ඕනෑම පුරවැසියකු සිතෙහි හට ගන්නා ඒවා ය. මන්ද යත් එම වැඩ සටහන නැරඹීමට කිසිම උත්තේජනයක් නැති එකක් නිසා ය. ජනාධිපතිවරයාට කේන්ති යෑම, ඇමැතිකම් ගැනීමට එජාපයෙන් ආණ්ඩුවට ගිය මංතී‍්‍රන්ගේ ශෝඛ ජනක රූකඩ රංගනය සහ චම්පික රණවකගේ ජනාධිපති ආරක්ෂක කතා හැරුණ විට එදා සාකච්ජාවෙන් මහා ජනයාට ලැබුණු දෙයක් නැත.
කරු ජයසූරිය වැනි නායකත්වයක් තිබූ දේශපාලනඥයන් රූකඩ වී සිටීම, ඩග්ලස් දේවානන්ද චම්පික රණවකට ඔලූව වනා එකඟ වීම, රාජිත වැනි කටකාර දේශපාලඥයකු අද ගොලූ බිහිරි වරිතය රඟ පෑම අප හැඩුවේ නැති වුවත් දුක හිතුන අවස්ථා ය.
දෙමළ ජනයා හමුවේ පෙඩරල් විසදුමක් සහ උතුර නැගෙනහිර එක් කිරීම වෙනුවෙන් පෙනී සිටින ඩග්ලස් මේ නාටකයේ දී කිවේ ඔවි කියා විතර ය. මඩපාට කොටියකු ලෙස චම්පික රණවක විසින් සිය රචනාවන්හි හදුන්වා දෙන ඩග්ලස් දේවානන්ද චම්පිකට ද හූ මටි තැබුවේ ය. මේ පරස්පරයන් ගැන ප‍්‍රශ්න කිරීමට දැරුනේ එකම උත්සාහයකි. අනෙක් ජනමාධ්‍යවේදීන්ගේ නිහඩතාවය මගින් එය යටපත් කෙරුණි.
ජනාධිපතිවරයා ඇමැතිිකම් ගැනීම පිනිස එජාපයෙන් තමාට එක් වූ පිරිස කැඳවා තිබුනේ ඔව්න් දෙකේ පංතියේ තැබීමට බව හොදට ම පෙනෙන්නට තිබුනි. කතා කිරීමට නිර්භයව ඉදිරිපත් වූයේ ජනාධිපති උපදේශක මට්ටමක සිටින චම්පික රණවක පමණි.
කණගාටුවකට මෙන් ජනමාධ්‍යවේදීන් දෙදෙනෙකු හෝ තිදෙනෙකු හැරුණු විට අන් සියළු දෙනාම පැමිණ සිටියේ ස්ත්‍රෝත‍්‍ර ගායනා කිරීමට ය. සෑම ප‍්‍රශ්ණයක් ම ආරම්භයේ දී සහ අවසානයේ දී ජනාධිපති වර්ණනා කළ යුතු යැයි සිතන ජනමාධ්‍යවේදීන් ද සිටින බව දැක ගැනීම හාස්‍යයට සහ දුකට කරුණකි. ජනමාධ්‍යවේදීන් දේශපාලනඥයින්ගේ පෙරහැරේ යනු වෙනුවට බැහැර සිට එය නිරීක්ෂනය කළ යුතු නමුත් පෙනුනේ පෙරහැරේම කොටස්කරුවන් පිරිසක් ලෙස ය.
ඒ කොතෙක් ද යත් ජනාධිපතිවරයාගෙන් ප‍්‍රශ්ණ ඇසීමට ක‍්‍රමයක් තිබිය යුතු යැයි ද ආචාර ධර්ම වෙනුවට නීති පැනවිය යුතු යැයි ද එකළ පුංචි පේ‍්‍රමදාස නම්න තමාම ලොස්ටර් ගසා ගත් මාධ්‍යවේදියකු ප‍්‍රශ්න ඇසූ ජනමාධ්‍යවේදියකුට ගෝරනාඩුවක් ද දැම්මේ ය. බලය විසින් ¥ෂණය ඇති කරයි. එම ¥ෂණය හෙළි දැක්විම ජනමාධ්‍යයේ යුතුකම ය.
දේශපාලඥයින්ගෙන් හරි හරියට ප‍්‍රශ්ණ ඇසීමට බැරි බැරිනම් දෙකක් දාගෙන ගෙදරට වී සිටීම ජනමාධ්‍යයේ ගරුත්වයට හොද ය. ජනමාධ්‍යවේදීන් වන අප නියෝජනය කරන්නේ මුර පල්ලාගේ කාර්්‍යය සහ හඩක් නැති ජනයාගේ් හඬ බව අප අමතක නොකළ යුතු ය.
ජනාධිපතිවරයා තමන්ට රට හමුවේ වැදගත් යමක් කීමට ඇත්නම් ඔහු තොරා ගන්නේ වෙනත් මාදිලියකි. ජනමාධ්‍යවේදීන්ට දේශපාලඥයින් ප‍්‍රශ්න කිරිමට අවශ්‍ය නම් ඔවුන් තොරා ගන්නේ ද වෙනත් මාදිලියකි. මේ වැඩසටහනට පෙනෙන විදියට ඇත්තේ වෙනත් ප‍්‍රායෝගික අරමුණකි.
එනම් වෙනත් පක්ෂවලින් අමැතිකම් ගැනීම පැමිණි දේශපාලනඥයිනයින් තමන්ට කොතරම් හීලෑද යන්න පෙන්වීම ය. එහිම අනෙත් පැත්ත වශයෙන් ජනමාධ්‍ය ප‍්‍රධානීන් දේශපාලනඥයන් හමුවේ සිය කොන්ද කඩා ගන්නා හැටි මහා ජනයාට පෙන්වීම ය.
මහ ජනයා නියෝජනය කළ යුතු ඇමැති ගණයා ද හඩක් රාජ්‍ය බලයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී තුලන සහ සංවරණයක් ලෙස ක‍්‍රියා කල යුතු සහ මහාජනයාගේ හඩ බවට පත්විය යුතු ජන මාධ්‍යය ද මෙලෙස හූමිට තබන්නන් බවට පත්වූ කළ රටක යහ පාලනය සහ මහජන සුබ සිද්ධිය ගැන කුමණ කතා ද?
දැන් මෙම සංදර්ශනයේ තවත් අරමුණක් එළියට පැන තිබේ. ඒ රාජ්‍ය පාලිත ගැති ජනමාධ්‍ය මගිනි. මෙම ප‍්‍රශ්න විචාරණ වැඩ සටහන ශ‍්‍රී ලංකාවේ ජනමාධ්‍ය නිදහසට සාක්ෂියක් යැයි එවායේ කතුවැකි ලියති. නමුත් මිග් ගනුදෙනුව ගැන පිළිතුර දුන් අවස්ථාවේ බෙලිමිස්ටා නම් පුද්ගලික සමාගමකට මහජන බැංකුව මිග් 27 යානා සඳහා මුදල් ගෙවූයේ දැයි ඇසීමට එකදු ජනමාධ්‍යවේදියකු හෝ නොසිටීමෙන් ම පෙනී යන්නේ එතැන තිබූ නිදහස් පරිසරයේ හැටි ය.
මෙවැනි සංදර්ශන ජනමාධ්‍ය හමු පැවැත්වීමෙන් ජනාධිපතිවරයාට වන විශේෂ වාසියක් නැත. සෑම සිංහල නාලිකාවක ම මෙම වැඩ සටහන පෙන්වීමට සැළැස්වීමෙන් ඇති වන්නේ හොඳ නමක් නොව නරක නමකි. ඇත්ත වශයෙන්ම සිය පණිවිඩය මුහුණට මුහුණ ලා කැරෙන සාකච්ජා මගින් මහා ජනයා වෙත දැනුම් දීමට අවශ්‍ය නම් වෙන වෙනම නාලිකා සමඟ ස්වාධීන ප‍්‍රශ්න විචාරකයින් සමඟ සම්මුඛ සාකච්ජාවන්ට සහභාගි වීම වඩා ඵලදායක වනු ඇත.
මා කලින් ද කී පරිදි ඇත්තේ වෙනත් ප‍්‍රායෝජනයකි. එනම් පැරුෂුට්කාර ඇමතීන් දෙකේ පන්තියේ තැබීමත් ජනමාධ්‍යවේදීන් පිරිසකගේ කොන්ද පිරික්සීමට මහා ජනයාට අවස්ථාව දීමත් ය.
Last 5 posts by Vikalpa Admin
- Interview with train bomb victim - May 27th, 2008
- Citizen reports of election violence and malpractices in the Eastern Province - May 5th, 2008
- Scheduled downtime for Vikalpa - April 9th, 2008
- Launch of Citizen Journalism Video Channel in Sri Lanka - Vikalpa YouTube Video - January 9th, 2008
- Video of slain UNP MP T. Maheswaran's funeral in Colombo - January 4th, 2008
groundviews » Questioning the President said,
[…] Read my article in full on Vikalpa here. […]
RSS feed for comments on this post · TrackBack URI


