වධහිංසාව තුරන් කළ යුතුය, තුරන් කළ හැකිය
අතුරුදහන් කිරිම් ර්‍ණ පැහැරගෙයාම් ර්‍ණඅධිකරණමය ක‍්‍රියාදාමයකින් තොරව සිදුකෙරෙන මරාදැමිම් මෙන්ම වධහිංසාවද වහා ශ‍්‍රී ලාංකීය සමාජයෙන් මුලිනුපුටා දැමිය යුතුය‘
ශ‍්‍රී ලංකාවේ පමණක් නොව තෙවන ලොව බොහෝ රටවල බලයේ සිටින ආණ්ඩු සහ ඒවායේ නීතිය ක‍්‍රියාත්මක කරන ආයතන ‘‘ වධහිංසාව ’’ තම විරුද්ධවාදීන් මෙන්ම අහිංසක දුප්පත් ජනතාව මර්ධනයට යොදා ගනී’ යුද්ධයට සම්බන්ධව සිටින පාර්ශවයන් සියලූ දෙනාම ශ‍්‍රි ලංකාවේ නම් ජනවාර්ගික යුද්ධයේදි ආණුඩුවේ හමුදා සහ සෙසු සන්නද්ධ කොටස් වධහිංසාව එක සමානව භාවිතා කරති‘ මහාචාර්ය සී‘ජී‘ වීරමන්ත‍්‍රි මහතා සිය ‘‘ ෑුම්කසඑහ ්බා ත්‍රුැාදප ’’ කෘතියේ දක්වන ආකාරයට ‘‘ වධහිංසාව ’’ දේශ සිමාවන් නොහදුනයි‘
ශ‍්‍රි ලංකාව සැලකු විට 1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව වධහිංසාවට පාත‍්‍ර නොවි සිටිමේ අයිතිය මුලික අයිතිවාසිකමක් ලෙස පිළිගෙන ඇති එහි තෙවන පරිච්ජේදයේ 11 වන වගන්තියේ මෙසේ සඳහන් වේ‘ ‘‘ කිසිම තැනැත්තෙකු වධහිංසාවලට හෝ කෲර ර්‍ණ අමානුෂික හෝ අවමන් සහගත සැලකිල්ලකට නැතහොත් දඩුවමකට යටත් නොකළ යුත්තේය’’ වධහිංසාව සම්බන්ධයෙන් ශ‍්‍රි ලංකාවේ පවත්නා නීතිය ප‍්‍රමාණවත් බවට නිදර්ශනයක් ලෙස 1994 අංක 22 දරණ වධහිංසා වැළැක්විමේ පනත දැක්විය හැක‘
වධහිංසාවට පාත‍්‍රාවිම පිළිබඳ බරපතල සිදුවිම් කිහිපයකට උදාහරණ ලෙස ශ‍්‍රියානි එ‘ඉද්දමල්ගොඩ නඩුව ර්‍ණජෙරාල්ඞ් පෙරේරා නඩුව සහ පාලිත තිස්සකුමාර නඩුව දැක්විය හැක‘ ශි‍්‍රයානි එ‘ ඉද්මල්ගොඩ නඩුවේදී වධහිංසාව සම්බන්ධයෙන් නව නෛතික ප‍්‍රතිපාදනයක් හදුන්වා දෙන ලදි‘ එනම් වධහිංසාවට පාත‍්‍ර වු වින්දිතයාගේ බිරිඳට මුලික අයිතිවාසිකම් නඩුවක් පැවරිය හැකි බවය‘
මෙම නඩුවේදි ලසන්ත ජගත් කුමාර නැමති තරුණයා පයාගල පොලීසියේ පොලිස් නිළධාරින්ගේ වධහිංසා පැමිණවිමේ ප‍්‍රථිඵලයක් ලෙස මියගියේය” ජෙරාල්ඞ් පෙරේරා නඩුවේදි වැරදි හදුනාගැනිමක් මත අත්අඩංගුවට ගනු ලැබු ජෙරාල්ඞ්ට වත්තල පොලිසිය බරපතල ලෙස වධහිංසා පැමිණවීය‘ වධහිංසා පැමිණවිම පිළිබඳ මුලික අයිතිවාසිකම් නඩුවෙන් ජෙරාල්ඞ් ජයග‍්‍රහණය කළේය‘ එහෙත් මහාධිකරණ නඩුවේ ප‍්‍රධාන සාක්‍ෂිකරුව සිටියදී ඔහුව මරා දමනු ලැබීය‘පාලිත තිස්සකුමාර සිද්ධියට අදාල වධහිංසා පැමිණවිම පිළිබඳ මහාධිකරණ නඩුවෙන් චුදිතයා නිදොස් කොට නිදහස් කෙරිනි’ පාලිත තිස්ස කුමාර පොලිස් අත්අඩංගුවේ සිටියදි ඔහුගේ කටට ක්‍ෂය රෝගීයකු ලවා කෙළගස්වා තිබිණි‘
මීට මාස කිහිපයකට පෙර වධහිංසාව පිළිබඳ එක්සත් ජාතින්ගේ විශේෂ වාර්තාකරු මැන්ෆඞ් නොවාක් ශ‍්‍රි ලංකාවට පැමිණියේය‘ ශ‍්‍රී ලංකාවේදි කළ නිරික්‍ෂණයන් මත පදනම් වු වාර්තාව ඔහු විසින් එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කර ඇති එහි සඳහන් වන ආකාරයට ශ‍්‍රී ලංකාව තුළ වධහිංසා පැමිණවිම පුළුල් ලෙස පැතිරි ගොස් ඇති ර්‍ණ ඔදරඑමරු උසාැිචරු්ා සබ ඛ්බන් ථ ඹභ ඍ්චචදරඑැමර ර්‍ණ :ෘ්සකහ ඵසරරදර 31ග10ග2007* ඔහු තම වාර්තාවෙන් නිර්දේශ රැුසක් ඉදිරිපත් කරයි‘ එම නිර්දේශ ක‍්‍රියාත්මක කිරිමෙහිලා ජාත්‍යන්තර ප‍්‍රජාව ශ‍්‍රි ලංකා ආණ්ඩුවට සහය දැක්විය යුතු බවද ඔහු ප‍්‍රකාශ කර සිටි‘
වධහිංසාව පිළිලයක් ලෙස වර්ධනය විමට බලපෑ හේතු සාධක ලෙස නඩු පමාව= අධිකරණ ක‍්‍රියාදාමය තුළ පැතිරපවත්නා අකර්මන්‍ය බව ර්‍ණ වින්දිතයින් හා සාක්‍ෂිකරුවන් ආරක්‍ෂා කිරිමට ප‍්‍රමානවත් වැඩපිළිවෙලක් නොමැතිවිම ර්‍ණපහළ නිලධාරින්ගේ ක‍්‍රියාවන්ට ඉහළ නිළධාරින් වග නොකියන ස්වභාවය සහ අධිකරණමය වශයෙන් වෛi විμාත්මක පරීක්‍ෂණ පැවැත්විම සඳහා ප‍්‍රමාණවත් පහසුකම් නොමැතිවිම දැක්විය හැක‘
ශ‍්‍රි ලංකාව තුළ මෑත කාලයේ වධහිංසා පැමිණවිම සීඝ‍්‍රයෙන් පැතිර ගොස් ඇති මෙහිලා බලපෑ ප‍්‍රධාන සාධකය ජාතික පොලිස් කොමිෂන් සභාව සහ මානව හිමිකම් කොමිෂන් සභාව නිසිපරිදි ක‍්‍රියාත්මක නොවිමයි‘ වර්තමානයේ මෙම කොමිෂන් සභා වලට සාමාජිකයින් පත්කර ඇත්තේ රටේ පිළිගත් නීතියට පටහැනිවය එනම් රජය 17 වන ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සංශෙෘ්ධනය නොසලකා හැර ඇති ආචාර්ය රාධිකා කුමාරස්වාමි මහත්මිය මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනිය ලෙස කටයුතු කරන සමයේ වධහිංසාව සම්බන්ධයෙන් ශූන්‍ය ඉවසිමේ ප‍්‍රතිපත්තිය ක‍්‍රියාත්මකව පැවතිණි’ : ’ැරද එදකැර්බජැ *
වධහිංසාව බරපතල මානව හිමිකම් උල්ලංඝනයකි‘ එහෙත් එය මුලිනුපුටා දැමිමේ අවංක අභිලාෂ්‍ය ඇත්නම් එය තුරන් කළ හැකිය‘ ර්‍ණඋැ ීය්කක ය්ඩැ එද රුචැබඑ සබ එයසි ටැබැර්එසදබ භදඑ ිද පමජය දෙර එයැ ැඩසක ාැැාි දෙ එයැ අසජනැා චැදචකැ ල ඊමඑ දෙර එයැ ්චච්කකසබට ිසකැබජැ දෙ එයැ ටදදා චැදචකැ ර්‍ණ – ෘරග ඵ්රඑසබ ඛමඑයැර ණසබට ග
හර්ෂි චිත‍්‍රාංගි පෙරේරා
Last 5 posts by Vikalpa Admin
- Interview with train bomb victim - May 27th, 2008
- Citizen reports of election violence and malpractices in the Eastern Province - May 5th, 2008
- Scheduled downtime for Vikalpa - April 9th, 2008
- Launch of Citizen Journalism Video Channel in Sri Lanka - Vikalpa YouTube Video - January 9th, 2008
- Video of slain UNP MP T. Maheswaran's funeral in Colombo - January 4th, 2008


