අනේ සර් අනුකම්පා නොසිතේද?…
කොළඹ බදුල්ල මහා මාර්ගයේ ධාවනය වන ලංගම සහ පුද්ගලික බස් රථ සියල්ලම දියතලාව හරහා ධාවනය වෙයි.
මේ බස් රථ දියතලාව හමුදා කදවුර අසල තිබෙන (මිනින්දෝරු හන්දියේ) මාර්ග බාධකයේදී හමුදාව විසින් පරීක්ෂාවට ලක්කරයි. මෙිදී මගීන් බසයෙන් බැසිය යුතු අතර පරීක්ෂාවට ලක් කරනු ලැබීමෙන් පසු නැවත බසයට නැගිය හැක්කේ ටිත දුරක් පයින් ඇවිදගෙන ඉදිරියට යාමෙන් පසුවයි. සාමාන්‍යයෙන් අසනීප තත්ත්වයේ පසුවන අයට බසයෙන් බසින්නට බල කෙරෙන්නේ නැත. මෙහිදී තරුණ හමුදා නිලධාරීන් බසයට නැග අසනීප අයගේ හැදුනුම්පත්සහ ගමන් මලු පරීක්ෂා කරති.
එහෙත් මැදිවියේ පසුවන එක්තරා හමුදා නිලධාරියෙකු බොහෝ දිනවලදි මේ පරීක්ෂණ මුරපොළේ සේවයට යොදවා සිටිනු ලැබෙයි. ඔහුගෙන් නම් කොයිතරම් අසාධ්‍ය රෝගියෙකුට වුවත් බේරුමක් නැත. ඔහු රෝග නිදානයේ සිට සියලු දේ විමසන්නේ නුරුස්නා හඩකිනි. පසුව ‘’තමුසෙට ෙලාකු අසනීපයක් නැහැනෙ..” කියමින් රෝගීන්ව බසයෙන් එලවා දමයි. කුඩා පාසල් දරුවන්ව පවා බසයෙන් බස්සවයි.
මහලූ වූවන් පමණක් නොව තරුණ තරුණියන්ද රෝගී වන බවත්, ඔහු නොදන්නවා විය හැකියි. පරිණත වියේ පසුවන මොහුගේ ක්‍රියාකලාපය ගැන බසු මගීන් පුදුම වුවත්, ඔහුගේ විධානයට කීකරුව අවනත වනවා මිසක් මේ අවනඩුව කියන්නට කෙනෙක් නැත.
සිරිල් සෙනෙවිරත්න
බදුල්ල
Last 5 posts by Vikalpa_N
- தென்னிலங்கையில் பிரபலமாகும் அரசாங்கத்தின் போர் அணுகுமுறை - May 8th, 2008
- දෙමළ ජීවිතය - May 8th, 2008
- මහජන සේවයට කැපවුණු ලංගම සේවකයෝ - April 21st, 2008
- ජවිපෙ දෙකට කැඩෙයි.....?? - April 9th, 2008
- அதிகாரப் பரவலாக்கத்திற்கு அரசாங்கம் தயாராகிறதா? - March 31st, 2008


