පාසල් දරුවන්ට වෘත්තීය පුහුණුව කවදාද?
පසුගිය බදාදා පාසැලේ පස්වැනි කාලඡේදයේ 7 වසරට තිබුණේ ජීවන නිපුණතා. එදාට කරන්න තිබුණෙ වෘත්තීය සංවර්ධනය කියන අන්තිම පාඩම. පාඩමට ප්‍රවිශ්ඨයක් විදියට මා පංතියේ දරුවන් පනස් දෙනාගෙන් ප්‍රශ්නයක් ඇහුව.
ඔයාල කරන්න කැමති රැකියාව මොකක්ද?
දරුවන් මේ විදියට පිළිතරු දුන්න.
29 දෙනෙක් වෛද්‍ය වෘත්තිය.
10 දෙනෙක් ඉංජිනේරු.
2 ක් ගුරු වෘත්තිය.
2ක් නීතීඥ
2 ක් ගුවන් නියමු.
5ක් ආරක්ෂක සේවය.
පාසැල් යන ඕනෑම දරුවකුගෙන් මේ ප්‍රශ්නය ඇහුවොත් අපට ලැබෙන්නෙ මීට සමාන පිළිතුරු.
මෙයින් පැහැදිලි වෙන්නෙ පාසැල් වල ඉගෙන ගන්නා දරුවන් තුළ රැකියා පිළිබද තිබෙන ආකල්පයයි. මේ ආකල්පය සමාජය පුරා ඇති කර තිබෙන්නෙ අපේ රටේ අධ්‍යාපන ක්‍රමයෙන්. දැනට අපේ රටේ පවතින අධ්‍යාපන ක්‍රමය වසර හැටක් පමණ තිස්සේ උත්සහා දරා ඇත්තේ උගතුන් බෝකිරීමටය.
මා දරුවන්ට ඊළග ප්‍රශ්නය යොමු කළා.
අපේ රටේ වසරකට පාසැල් වලට ඇතුල් වන දරුවන්ගෙන් විශ්ව විද්‍යාල වලට යන්නෙ සීයට දෙකකටත් අඩු ප්‍රමාණයක්. ඉතිරි
සීයට අනු අට දෙනා කරන රැකියා මොනවද?
මේසන්වැඩ, වඩුවැඩ, කෝකි, ඇගලුම් රැකියා, මැද පෙරදිග රැකියා, හෙදි, ලිපිකරු, රියැදුරු, කොන්දොස්තර, බාබර්, පොල්කැඩීම, රෙදි මැදීම, වෙළදාම, බයිසිකල් වැඩ, සුපවයිසර් වරු ආදි වශයෙන් දරුවන් පිළිතුරු දුන්න. එතනින් එහාට මා රැකියා පිළිබද දරුවන්ගෙ ආකල්ප වෙනස් කිරීම සදහා ඔවුන් සමග සාකච්ඡාවක යෙදුණා.
මේ රැකියා කරන අය බොහෝ දෙනෙක් උසස් පෙළ අධ්‍යාපනය හමාර කර එතැන් සිට තමන් තෝරා ගන්නා රැකියාව සදහා වෙනම පුහුණු විය යුතුයි. ඒ වන විට ඔවුන්ගේ වයස අවුරුදු විසි එකක් හෝ විසි දෙකක් පමණ වෙයි.
පසු දා පාසැල් වත්ත අලංකරණය කිරීමේ ව්‍යාපෘතිය යටතේ පාසැල් මිදුලේ මල් පාත්ති සකස් කිරීමට විදුහල්පති තුමා සිසුන්ට උපදෙස් දුන්න. පාත්තිය උදැල්ලෙන් ක්‍රමානුකූලව කෙළින් සකස් කිරීමට අපොහොසත් වූු සිසුන් දැක විදුහල්පති තුමා පැවසුවේ දැන් ළමයින්ට උදැල්ලක් අල්ලල වැඩ කරන්න පුරුදු නෑ කියලා. ඒ පුහුණුව ඉස්කෝලෙන් දෙන්න ඕනෑ. අඩු ගණනේ සාමාන්‍ය පෙළින් වලින් පස්සෙවත් ළමයින්ට වෘත්තීය අධ්‍යාපනය ලැබෙනව නම් රැකියා ප්‍රශ්නෙත් නෑ. තරුණ අසහනයත් නැති වෙනව. තියන රස්සා වලට පුහුණු අයත් ඉන්නව. මේක අපේ රටේ අධ්‍යාපන බලධාරීන්ට තේරෙන්නෙ නෑනෙ.
මැණික්
Last 5 posts by Vikalpa_N
- தென்னிலங்கையில் பிரபலமாகும் அரசாங்கத்தின் போர் அணுகுமுறை - May 8th, 2008
- දෙමළ ජීවිතය - May 8th, 2008
- මහජන සේවයට කැපවුණු ලංගම සේවකයෝ - April 21st, 2008
- ජවිපෙ දෙකට කැඩෙයි.....?? - April 9th, 2008
- அதிகாரப் பரவலாக்கத்திற்கு அரசாங்கம் தயாராகிறதா? - March 31st, 2008


