vikalpa : short stories to change the way you think, feel and actregister here.login.find out more
inicio mail me! sindicaci;ón

යෝජිත පනත සහ ජෙරාඩ් පෙරේරා

අපරාධ වින්දිතයින් සහ සාක්‍ෂිකරුවන් ආරක්‍ෂා කිරීමේ පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුව ලහි ලහියේ සූදානම් වෙයි. අයවැය විවාදය සම්පූර්ණයෙන් අවසන් වූ පසු මෙය සිදුවෙනු ඇති බවට විශ්වාස කෙරේ. මෙය ඉතා යහපත් ප්‍රයත්නයකි.

වධහිංසාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු මැන්ෆෙඩ් නොවක් පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණි අතර ඔහු සිය වාර්තාව මෑතකදී ප්‍රකාශයට පත් කළේය. සිය වාර්තාව මගින් ඔහු ශ්‍රී ලංකා රජය වෙත නිර්දේශ රැසක් ඉදිරිපත් කර ඇත. ඒ අතර වධහිංසාවට පාත්‍ර වූ වින්දිතයින් සහ සාක්‍ෂිකරුවන් ආරක්‍ෂා කරන විධිමත් යාන්ත්‍රණයක් ස්ථාපිත කර පවත්වාගෙන යාම ප්‍රධාන වෙයි.

යෝජිත පනත පිළිබඳ කතා බහ ඇතිවෙද්දී අපට සිහිපත් වන ප්‍රධාන චරිතයක් වෙයි. ඒ ජෙරාඩ් මර්වින් පෙරේරා යි. මිනීමැරුම් චෝදනාවකට අත් අඩංගුවට ගනු ලැබූ ජෙරාඩ්ට වත්තල පොලීසිය අමානුෂික ලෙස වධහිංසා පමුණුවනු ලැබීය. පසුව ඔහු නිදොස් යැයි පෙනී ගියෙන් ඔහුව නිදහස් කරනු ලැබීය. පොලිස් පහරදීම්වලින් බරපතල තුවාල ලැබූ ජෙරාඩ් ප්‍රතිකාර ගෙන සුව වීමෙන් පසු තමාට වූ අසාධාරණයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවක් පැවරුවේය. එම නඩුව විභාග කරද්දී මාක් ප්‍රනාන්දු විනිසුරු සඳහන් කළේ ජෙරාඩ් නමැති අය අත් අඩංගුවට ගැනීමට කිසිදු සාධාරණ පැමිණිල්ලක් නොවන බවයි.

ජෙරාඩ් සිය මහාධිකරණ නඩුවේ ප්‍රධාන සාක්‍ෂිකරුව සිටියදී වත්තල පොලීසිය විසින් ඔහුව මරා දමනු ලැබීය. ඒ 2004 නොවැම්බර් මස 24 වැනිදායි. මේ මස 23 වන දින සහ 26 වන දින ජෙරාඩ් පිළිබඳ සමරු වැඩසටහන් දෙකක් සංවිධානය කර තිබුණි. 23 වන දින ඔහුගේ ගමේ (හැඳල) සහෝදර ජනතාව ඔහුව සමරනු ලැබූහ. 26 වන දින වධහිංසාවට එරෙහි ජනසංධානය, ජනසංසදය හා ආසියානු මානව හිමිකම් කොමිෂම එක්ව සාක්‍ෂිකරුවන්ගේ ආරක්‍ෂාව පිළිබඳව සම්මන්ත්‍රණයක් සංවිධානය කර තිබුණි. ඒ ජෙරාඩ් හා සියළු අකටයුතුකම් වලට ලක්වූ වින්දිතයින් සහ සාක්‍ෂිකරුවන් සිහිගන්වා ඔවුන් පිළිබඳව අප්‍රමාදිතව යුක්තිය ඉටුකරන ලෙස වගකිව යුත්තන්ට බල කිරීම පිණිසයි.

ජෙරාඩ් වධහිංසා පනත යටතේ පැවරූ නඩුව තවමත් අවසන් වී නොමැත. රජයේ ක්‍රියාමාර්ග පනත් සම්මත කිරීමට පමණක් සීමා නොවිය යුතයි. කඩිනම් යුක්තිය පසිඳලීමක් සහතික කිරීමේ අවංක අරමුණ ද ඒ සමග අත්වැල් බැඳගත යුතයි. එසේ නොවුවහොත් පනතක් යන්න හුදු කඩදාසියක් පමණක් වනු ඇත. ප්‍රතිඵලය ජෙරාඩ්ට අත්වූ ඉරණම තව තවත් වධහිංසාවට පාත්‍ර වින්දිතයින්ට සහ සාක්‍ෂිකරුවන්ට අත්විඳීමට සිදුවීමයි.

හර්ෂි චිත්‍රාංගි පෙරේරා

Last 5 posts by Vikalpa_N

211 views for this article so far.

| Share this article on Facebook

Leave a Comment