vikalpa : short stories to change the way you think, feel and actregister here.login.find out more
inicio mail me! sindicaci;ón

බුද්ධිමත් පොලිස් රාළහාමිලා..

ඊයේ එනම් දෙසැම්බර් 03 වනදා ලෝක අබාධ සහිත වූවන්ගේ දිනය. ලංකාවෙත් ඒ දිනය සමරනු ලැබුවා. මේ කියන්න යන කතාව ඊයේ නෙමෙයි පෙරේදා, ඒ කියන්නෙ දෙසැම්බර් 02 දා වෙච්ච එකක්.

වෙලාව උදේ 10. 30 ට විතර ඇති. මම ජයවර්ධනපුර රෝහලේ ඉඳන් ගෙදර එන්න මහරගමට යන බස් එකක නැග්ගා. එදා පොලීසිය සහ හමුදාව හැමතැනම මාර්ග බාධක දාලා දැවැන්ත සෝදිසි මෙහෙයුමක් පැවැත්වුණු දවසක්.

අපි ආපු බස් රියත් අතරමග මාර්ග බාධකයක නැවැත්වුවා. පොලිස් සහ හමුදා නිලධාරීන් මගින්ගේ හැඳුනුම්පත් පරීක්ෂා කරන්න පටන් ගත්තා . පැය එකහමාරකට වඩා එතන ගත කරන්නට සිදුවුණා. ඒත් කතාව ඒක නෙමෙයි. අපේ බස් එකේ තරුණයෙක් හිටියා. ඔහු හිටියේ තනියම. බැලූ බැල්මටම ඔහු විශේෂ අව්‍යශතා සහිත, මානසික තලයක සිටි පුද්ගලයෙක් බව පෙනුණා.

අපව බස් රියෙන් බස්සලා එක් එක්කෙනාගෙ හැඳුනුම්පත් පරීක්ෂා කළා. නමුත් අපේ කාගෙවත් ගමන්මලු පරීක්ෂා කළේ නෑ. ටික වේලාවකින් අර කලින් කී තරුණයාගේ වාරය ආවා. එතැන ඇති වුණේ් මේ වගේ දෙබසක්.

පොලිස් නිලධාරියා - කෝ උඹේ අයි ඩී එක?

අර තරුණයා තුෂ්ණිම්භූත වී එක එල්ලේ පොලිස් නිලධාරියා දෙස බලා සිටියා.

පොලිස් නිලධාරියා - පල යන්න. ගිහිං හිටගෙන හිටපිය අව්වේ

මඳක් එහා අව් රශ්මිය තිබූ තැනකට අර තරුණයාව තල්ලු කළා.

ඒ නිලධාරියා අර තරුණයාට කතා කළ ආකාරය ගැන මට ඇති වුණේ විශාල පිළිකුලක්. මේ දෙන්නගෙන් ඇත්තටම මානසික වශයෙන් අව මට්ටමක ඉන්නෙ කවුද කියන හැඟීමත් මට ඇතිවුණා. ලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් අපේ විශේෂ අවධානය යොමු විය යුතු පුද්ගලයින්ට මේ විදියට සැලකීමෙන් සමාජයට දෙන්නේ මොනතරම් හානිකර පණිවිඩයක් ද කියන එකත් මගේ හිතට ආවා. නමුත් මේකෙන් අදහස් වෙන්නෙ නෑ මුළු පොලිස් දෙපාර්තමේන්තුවේ සියලුම නිලධාරීන් මේ විදියට හැසිරෙනවයි කියන එක.

කොහොම හරි ඊට පහුවෙනිදා අපි ජාත්‍යන්තර අබාධ සහිත වූවන්ගේ දිනය සැමරුවා.

කාශ්‍යප

විශේෂ සටහනක්- අබාධ සහිත වූවන්ගේ දිනය යන්න භාවිතා කිරීම මාධ්‍ය ආචාරධර්මවලට අනුකූල නොවන බව විකල්ප සංස්කාරකවරුන්ගේ අදහසයි. නමුත් අප රටේ තවමත් සියලුම ප්‍රධාන මාධ්‍යවල භාවිතා වෙන්නේ මේ වචනයි. මේ ලිපියෙන් මතු කළ යුතු අදහස පැහැදිලිව පිළිඹිබු වීමට නම් කවුරුත් දන්නා මේ වචනයම මෙහිදී යොදන්නට සිදුවිය.

Last 5 posts by Vikalpa_N

303 views for this article so far.

| Share this article on Facebook

Leave a Comment