vikalpa : short stories to change the way you think, feel and actregister here.login.find out more
inicio mail me! sindicaci;ón

නීති පීඨයට ආ නවක සිසුවිය …..!

පසුගිය දිනක මම විශ්ව විද්‍යාලයේ ක්‍රීඩාගාරයට ගියේ නීති පීඨයේ අධ්‍යාපනය ලබන මගේ පාසල් මිතුරෙකු හමුවීමටයි. නීති පීඨයේ නවක සිසු සිසුවියන් පිළිගැනීමේ උත්සවය එහි පැවැත්වෙන බව මම එතැනට යන තෙක්ම දැන සිටියේ නැහැ. මගේ මිතුරා හමුවී ඉක්මණින් ආපසු එන්නට එහි ගිය මම මොහොතක් නැවතුනේ නවක සිසුවියන්ගේ රූප සුන්දරිය තේරීමේ තරඟය නැරඹීමට උපන් කුතුහලය නිසයි.
නා නා විධ වර්ණයන්ගෙන් යුතු සාරි වලින් සැරසුණු නීති පීඨයේ නවක සිසුවියන් වේදිකාව මත ඒ මේ අත ඇවිදිමින් සිටියා. අවසන් වටයට තේරුණු සිසුවියන් දොළොස් දෙනා ට විවිධ ප්‍රශ්න යොමු කළේ නිවේදන කටයුතු කළ සහෝදරිය සහ සහෝදරයායි.
ඔබ නීතිඥවරියක් වූ පසු විවාහ ජීවිතයේ දී එය සමබරව ගෙන යන්නේ කෙසේද?
ඔබේ අනාගත සැමියා කිව්වොත් රැකියාවක් කරන්න එපා කියලා ඔබ කාන්තාවක් විදියට මොකද කරන්නේ?
මේ ආකාරයේ ප්‍රශ්න සියළුම සිසුවියන් වෙත යොමු වුණා. ඒ අතරින් එක් නවක සිසුවියක් දුන් පිළිතුරින් මගේ සිතේ ඇය පිළිබඳව පහන් හැඟීමක් ඇතිකළා.

මට මේ තරඟයට ඉදිරිපත් වෙන්න අවශ්‍ය වුණේ නැහැ. මේ වගේ කාන්තාවන්ගේ ලස්සන මනින තරඟ වලට මම විරුද්ධයි. මම හිතන විදිහ ස්ත්‍රීවාදී වෙන්න පුළුවන්. නමුත් ගැහැණියක් කියන්නේ ලස්සන මනින බඩුවක් නෙමෙයි. නීති පීඨයේ වැඩි පුරම ඉන්නේ ගැහැණූ ළමයි. එහෙම වෙලත් තවමත් ඇයි ගැහැණිය ලස්සන මනින බඩුවක් විදියට සලකන්නේ?

මේ විදියට හිතන එක්කෙනෙක් හරි විශ්ව විද්‍යාලයේ ඉන්න එක ලොකු දෙයක් කියලා මට හිතුණා. මොකද ඇය කියපු දෙය විශ්ව විද්‍යාලය තුළදී මමත් ඇය වගේම අත්දකිමින් සිටිනවා.

පබා දේශප්‍රිය

Last 5 posts by Vikalpa_R

326 views for this article so far.

| Share this article on Facebook

Leave a Comment