සංචාරකයන්ට සංග්‍රහ කිරීම ….!
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවති ක්‍රිකට් තරගාවලිය නැරඔම සදහා එංගලන්තයේ සිට ශ්‍රී ලංකාවට පැමිණ සිටින එංගලන්ත ජාතික ක්‍රිකට් ලෝලීන් අතරින් පස් දෙනෙක් මේ වන විට ශ්‍රී ලංකාවේ රෝහල් ගතව සිටිති.
දෙදෙනෙක් රෝහල් ගතව සිටින්නේ ශ්‍රී ලාංකික නරඔන්නකුගේ උණුසුම් ගුටි ප්‍රහාරයකට ගොදුරු වීමෙනි. අනෙක් තිදෙනා රෝහල් ගතව සිටින්නේ ප්‍රේක්ෂකාගාරයේ වහලයේ ටකරන් ගැලවී හිස මත වැටීමෙනි. (වාසනාවකට බෙල්ල බේරී ඇත.)
අප දන්නා පරිදි විදේශික සංචාරකයන් ගෙන්වා ගැනීමට මේ දවස් වල ලංකාව දරන්නේ පුදුම වෙහෙසකි.
බිම බැලුවොත් බිම් බෝම්බ පුපුරණ, උඩ බැලුවොත් නාදුනන ගුවන් යානා සැරිසරන, පාර දිගේ ගිනි අවි දරාගත් යුධ සෙබලුන් සහිත මුර කපොළු ඉදිවී තිබෙන, දෙනෝ දාහක් පොදිකන වෙළදසල් ඉදිරිපිට බෝම්බ පුපුරන, මෙහෙව් රටකට එන සංචාරකයන් සැබවින්ම සංචාරකයන් ලෙස නොව මෙරට ඉතිහාසයේ වීරයන් ලෙස ලියැවීමට තරම් සුදුසුය. ඒ තරම් දේශප්‍රේමීන් පිරිසක් මේ රටේ සමහර දේශප්‍රේමී දේශපාලන පක්ෂ වලත් සිටිනවාදැයි සැක සහිතය. ඇත්තනම් මේ තත්ත්වය යටතේ මෙම සංචාරකයන් මේ රට තුල නිරත වන්නේ විනෝද චාරිකාවක නොව, වීර චාරිකාවකය.
එහෙව් ‛‛වීරයන්’’ටත් අතින් පයින් සලකන්නට ඉදිරිපත් වෙන පුරවැසියන් සිටින ශ්‍රි ලංකාව මෙහෙව් ඉරණමකට මුහුණ දීම එක් අතකින් පුදුමයක් නොවේ.
මෙහෙව් දුක් විඳ මේ රටට ගෙන්න ගන්නා සංචාරකයන්ගේත් බෙල්ල ගැලවී යන වැඩ කරන කෙරුමන් සිටින රටක් මෙහෙමවත් ඉතිරි වී තිබෙන එකයි පුදුමය!
සීමා
Last 5 posts by Vikalpa_R
- රත්නායක විමලාවතී දෙමළ වූවාය - September 3rd, 2008
- පුරවැසි මාධ්‍යකරුවකුගේ සටහන් - යුද්ධයට වරම සහ වෙනසක අවශ්‍යතාවය - August 28th, 2008
- අපිට නිදහස දෙන්න - යාපනය විවෘත සිර කදවුර - August 22nd, 2008
- තිස්සගේ නඩුව සහ මහින්දගේ වාර්තාව - පුරවැසි මාධ්‍යකරුවකුගේ සටහන් - August 22nd, 2008
- පුරවැසි මාධ්‍යකරුවකුගේ සටහන් - කිළිනොච්චිය ගමන සහ තිත්ත ඇත්ත - August 14th, 2008
lankaalien said,
its quite regrettable to hear about some of the incidents, usually lankans are known for their hospitality. But there are few fools who think they are the “CHANDI’ when the consume some alcohol. Also Srilanka cricket must be more aware the conditions inside the grounds, i remember there were some complains about the press box during a previous tour. They must spend the millions of rupees they earn
not only for gala events but for these things as well.
JM said,
We’re not like the Indians who use racial slurs against visiting cricketers when they are losing. All those responsible for this attack against tourists should be prosecuted and punished to the maximum extent allowed by the law. Sri Lankans follow cricket, we don’t worship it like our neighbours do.
RSS feed for comments on this post · TrackBack URI


