vikalpa : short stories to change the way you think, feel and actregister here.login.find out more
inicio mail me! sindicaci;ón

මරණයේ ප්‍රවෘත්තිය ….!

‛‛ඔබ ප්‍රවෘත්තියක් බවට පත් වීමෙන් වලකින්න’’

මේ ලොව පුරා ජනමාධ්‍යවේදීන්ට පොදුවේ ලැබෙන උපදෙසකි.

එහෙත් මෙරට ජනමාධ්‍ය ඉතිහාසයේ තවත් ඛේදවාචකයක් සනිටුහන් කරමින් කැබිතිගොල්ලෑව දිවයින ප්‍රාදේශීය මාධ්‍යවේදියා තවදුරටත් ප්‍රවෘත්ති වාර්ථා කරන්නෙකු නොව ඛේදජනක ප්‍රවෘත්තියක් බවට පත්ව ඇත.

‛‛…..මිය ගිය පිරිස අතර කැබිතිගොල්ලෑව දිවයින ප්‍රාදේශීය මාධ්‍යවේදී ඩබ්. ගුණසිංහ මහතාද වෙයි. පදවිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ඒ මහතා වෘත්තියෙන් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයෙකු වන අතර ඊයේ (5 දා) අනුරාධපුරයේ පැවති රාජකාරී රැස්වීමකට සහභාගී වී මෙම බස් රියෙන් ආපසු නිවෙස බලා යමින් සිටියදී ඔහු මෙම ප්‍රහාරයට ලක්වී මියගොස් ඇත…’’

2007 දෙසැම්බර් මස 6 වනදා දිවයින පුවත්පත එම ඛේදවාචකය වාර්ථා කර තිබුනේ එසේය.

අනුරාධපුර සිට ජනකපුර බලා ධාවනය වෙමින් තිබූ බස් රථයකට දෙසැම්බර් මස 05 වනදා රාත්‍රී 8.30 ට පමණ
කැබිතිගොල්ලෑව අභිමානපුරදී එල්ලවූ අධිබලැති ක්ලෙමෝ බෝම්බ ප්‍රහාරයකින් මෙම විපත සිදුවිය.

මීට පෙර සිදු වූ මෙවැනි ඛේදවාචකයන් කොපමණක් මෙම ප්‍රාදේශීය මාධ්‍යවේදියා ලෝකයට වාර්ථා කරන්නට ඇද්ද?

…… බ්ම් බෝම්බ, වෙඩි ප්‍රහාර, පැහැර ගැනීම්, කපා කොටා සිදු කළ ඝාතන, ක්ලේමෝ ප්‍රහාර, සමූහ ඝාතන …….

මේ සියළු දේ වාර්තා කිරීමෙන් ඔහු අපේක්ෂා කළේ තමන් ජීවත් වන සමාජයෙහි පවතින කටුක බව, දුෂ්කර බව හා අනාරක්ෂිත බව ලෝකයට කීමය. එහෙත් මින් මතු කිසි දවසක ඔහු එසේ නොකරයි. තම ජීවිතයෙන්ම ඔහු එය කළ බැවිනි.

එහෙත් එය ඇසෙන්නේ කාටද? එතෙක් මෙතෙක් ඔහු තම පෑනෙන් මෙවැනි ඛේදවාචකයන් කොපමණ ලියා පල කරන්නට ඇද්ද? ඒ සියලු දේ මේ වන විට පරණ පත්තර පිටු අතර සැඟව ගොස් හමාරය. අලුත් පිටුවලින් පරණ පිටු වැසීයයි. අලුත් විපතකින් පරණ විපත අමතකව යයි. තමන් පිළිබඳ ප්‍රවෘත්තියද ඒ අතරට එක් වනු ඇතැයි ඔහු කිසි දිනක සිතන්නට නැත. එහෙත් දැන් එය සිදුවී හමාරය.


ඔහුගේ තැනගත් ඔහුගේ සගයන් මෙතැන් සිට ඒ ඛේදවාචකය වාර්තා කරනු ඇත. ඔවුන්ගේ අලුත් වාර්තා වලින් පැරණි වාර්තා වැසී යන විට කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය මාධ්‍යවේදී ඩබ්. ගුණසිංහ මහතා පිළිබඳ වාර්තාවද ඒ අතර තිබෙන බව අප බොහෝ දෙනෙකුට අමතකව තිබෙනු ඇත.

සීමා

Last 5 posts by Vikalpa_R

177 views for this article so far.

| Share this article on Facebook

Leave a Comment