vikalpa : short stories to change the way you think, feel and actregister here.login.find out more
inicio mail me! sindicaci;ón

සාමය ගැන හත වසර රචනා

මැණික් - කුරුණෑගල

2007 වසරේ මා ඉගැන්වූයේ හත වසර පන්තියට. මා උගන්වන එක් විෂයක් තමයි සිංහල. මේ වසරේ අවසාන වාර පරික්ෂණයට 7 වසර සිංහල ප්‍රශ්න පත්‍රයේ රචනා මාතෘකා 5ක් තිබුණා. සාමයෙන් පිරි රටක් ගොඩ නගමු යන්න ඉන් එකක්. සාමය ගැන හඩක් නොනැගෙන මේ වගේ කාලයක 7 වසරේ කුඩා දරුවන්ට එවැනි මාතෘකාවක් ලබා දීම සතුටට කාරණයක්. ඊටත් වඩා වැදගත් වන්නේ පොඩි එවුන් රචනා වල ලියා තිබුණ අදහස්. මේ මා බැලු උත්තර පත්‍රයන්හි හත වසරේ දරුවන් සාමය ගැන ලියා තිබු අදහස් ය.

“ සාමය යනු එකමුතු කමයි. එකට එක්ව ජීවත් වීමයි. රටේ භෞමික අඛණ්ඩ තාවය උදෙසා ජාතීන් අතර සාමය අත්‍යවශ්‍යම සාධකයකි. එය රටෙහි ඉදිරි සංවර්ධනය උදෙසාද බෙහෙවින් බලපායි.”

“සාමය නැති තැන යුද්ධයකි. නමුත් සාමය රැකුණොත් යුද්ධයක් ඇති නොවේ. අපගේ රට විවිධ ජාතීන් වෙසෙන බහු වාර්ගික රටකි. මෙහි ප්‍රධාන වශයෙන් සිංහල , දෙමල , මුස්ලිම් වැනි ජාතීන්ද සුළු වශයෙන් බර්ගර් සහ මැලේ යන ජාතීන්ද ජීවත් වේ. අපට මොවුන්ගේ එකමුතුව සමාජයේ විවිධ අවස්ථා වලදී දැක ගත හැකියි.”

“අප කවුරුත් දන්නා සමඟිය බලය වේ යන යන පඬි වදනින් අදහස් කරනුයේ ද සමඟිය ඉතා ශ්‍රේෂ්ට බවයි. පුරා අවුරුදු 24ක් පමණ තිස්සේ සිට පැවතෙන යුද්ධයට හේතු වී ඇත්තේ සිංහල හා දෙමල ජනතාව අතර ඇති අසමඟි කමයි. අපි මදකට සිතා බලමු මෙම කුරිරු යුද්ධය මිනිස් ජීවිත කීයක් බිලි ගත්තාද? දේපල කොපමණ විනාශ වූයේද? මෙම සියළු යුද්ධයන්ට බීජය වී ඇත්තේ බල ලොභී බව හා අසමඟියයි.”

“මෙම යුද්ධයේදී අසරණ අනාථ වූ පිරිස් හට නිවාස සාදා දිය යුතු වේ. ආහාර හා සනීපාරක්ෂක අවශ්‍යතාවයන් ආදිය සඳහා ද මුදල් වියදම් වේ. යුද්ධය සඳහා යුද්ධොපකරණ මිලදී ගැනීමද අත්‍යවශ්‍යය. මේ සඳහා වැය වන්නේ රටේ සංවර්ධනය සඳහා වියදම් කිරීමට ඇති මුදල් ය.”

දැන් යුද්ධය නිමා කිරීමට කාලය එළඹ තිබේ. යුද්ධය සඳහා තිරසාර එකම විසඳුම වන්නේ සාමයයි. ජාතීන් අතර සාමය ඇති කිරීම මහ ජනතාව හා පාසල් ළමුන් වන අපගේ යුතුකමකි. අපි යුද්ධය පිළිකුල් කොට සාමය අගයමු. සාමය ඇත්තේ කොතැනද ජය එම ස්ථානයේ තිබේ.”

“රටක සාමය ඇති කිරීමට එක වර නොහැකිය. අපි පළමුව එය නිවස තුළින් ආරම්භ කළ යුතු වෙමු. නිවස තුළ සාමකාමී පරිසරයක් ගොඩ නංවා නිවසින් ගමට ගමින් නගරයට නගරයෙන් රටට ආදී වශයෙන් අපට ලොවට ද සාමය උදා කළ හැකිය. රටට සාමය ඇති කර යුද්ධය යන තැනට සාමය මුදුන් පත් කොට ශ්‍රී ලංකාව මුළු ලොව රටවල් අතර ඇති සංවර්ධිත එමෙන්ම සාමයෙන් පිරි රට බවට ද පත් කරමු.”

“අප රට මුහුණ පාන විශාල ගැටළුවක් තිබේ. එනම් යුද්ධයයි. මෙම යුද්ධය පවතින්නේ හමුදාව හා ත්‍රස්තවාදීන් අතර යි. අද රටේ සාමය සහමුලින්ම නැති වී ඇති බව අපට වැටහේ. ත්‍රස්තවාදීන්ගෙන් කවුරු හො මිය යන විට අපට මහත් සන්තොෂයක් දැනේ. ඔවුනුත් එවැනිම සන්තොෂයකට ලක් වනු ඇති. මේ ගැටුම් වලින් ඉතිරි වන්නේ කුමක්ද? අහිංසක ජනතාවගේ ජීවිත නැති වී යාමයි. රට කෑලි වලට වෙන් වීමයි. මෙය නැති කිරීමට කා හට වත් වුවමනාවක් නැති බව අපට වැටහේ.”

මානව හිමිකම් දින 2007

Last 5 posts by Vikalpa_N

274 views for this article so far.

| Share this article on Facebook

පරෙවියා said,

January 1, 2008 @ 11:35 pm

නොහෙද අනේ මැණික් ඔයාගෙ ඔය ඉස්කෝලෙ තියෙන්නෙ? මාර උගත් බුද්ධිමත් ළමයි රංචුවක්නෙ ඔයාගෙ පන්තියෙ ඉඳල තියෙන්නෙ! ඔයා ළමයින්ට ඉගැන්නුවෙ සිංහලද, නැත්තං ‘ගෘහ කර්මාන්තයක් ලෙස සාමය’ ද?

RSS feed for comments on this post · TrackBack URI

Leave a Comment