vikalpa : short stories to change the way you think, feel and actregister here.login.find out more
inicio mail me! sindicaci;ón

අපේ දෙමළ යාළුවෝ….

අපේ දෙමළ යාළුවෝ

ආනන්දි මගේ පැරණි විශ්ව විද්‍යාල මිතුරියක්. ඇගේ උපන් ගම වවුනියාව. ඒත් දැනට අවුරුදු 5ක විතර ඉඳන් ඇගේ මුළු පවුලම ජීවත් වෙන්නෙ ගම්පහ. ආනන්දිට විශ්ව විද්‍යාලෙදි වැඩිපුර හිටියේ සිංහල යාළුවෝ. සාමාන්‍යයෙන් විශ්ව විද්‍යාලෙ දෙමළ මාධ්‍ය සහ සිංහල මාධ්‍ය සිසුන් අතරේ ලොකු සම්බන්ධයක් නැහැ. (මේ මං දන්න විදියට…මං විශ්ව විද්‍යාලෙ හිටපු කාලෙ නං එහෙමයි. දැන් ඒ තත්වෙ වෙනස්වෙලා නං හොඳයි.) ඒත් ආනන්දි නං සිංහල යාළුවොත් එක්ක විශ්ව විද්‍යාලෙ හැම වැඩකටම සම්බන්ධ වුණා. ඒක නිසාම එයාට හොඳට සිංහල කතා කරන්නත් පුළුවන් වුණා. ආනන්දි භූගෝල විද්‍යාව පිළිබඳ පළමු පෙළ සාමාර්ථයක් ලබා‍ෙගන විශ්ව විද්‍යාලෙන් පිට වුණා.
අවුරුදු ගාණකට පස්සෙ මීට සුමාන දෙක තුනකට කලින් මට පාරෙදි අහම්බෙන් වගේ ආනන්දිව මුණ ගැහුණා. මොනවද දැන් කරන්නෙ කියලා ඇහුවම එයා කිව්වෙ රට යන්න ලෑස්ති වෙනවයි කියලා. මං දැනං හිටියා ආනන්දිලා වගේ අයව මේ රටේ තියාගන්න තරං හිතවත්කමක් අපේ සමාජය එයාලට පෙන්නලා නැ කියලා. ‍‍එදා එයා මට හම්බ වුණේ අ පො ස උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ සහතික පත්‍ර දෙක ලබා ගන්න කොල්ලුපිටියේ විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් කාර්යාලයට ගිහින් එන ගමන්. විසා ලබා ගන්න ශ්‍රී ලංකා රජයේ නිල මුද්‍රාව සහිත මේ අධ්‍ය‍ාපන සහතික දෙක ඉදිරිපත් කිරීම අනිවාර්යයිලු.

‘’ මං එතෙන්ට ගියේ උදේ 8.45ට. ……දැන් කීයද වෙලාව….3.20යි…” ආනන්දි හිටියෙ හෙම්බත් වෙලා.

ර‍ජයේ ආයතනයකට ගියාම සිද්දවෙන රස්තියාදුව ගැන ඉතිං අපිට අලුතෙන් කියන්න දෙයක් නෙවෙයිනෙ….විශේෂ සිද්දිය වෙන්නෙ සිංහල නොදන්න අයට රස්තියාදුවට අමතරව අතිශය පීඩාකාරී අත්දැකීම්වලටත් මුහුණ දෙන්න සිදුවිමයි.
‘’එතෙන්ට ඇවිල්ලා හිටපු අයගෙන් බ‍ාගෙට බාගයක්ම දෙමළ අය…මුස්ලිම් අයත් හිටියා..හුගක් අය කොළඹීන් පිට පළාත්වලින් ආපු අය.. ඒත් එතන හැම නිවේදනයක්ම දුන්නෙ සිංහලෙන් විතරයි..පෝලිම්වල ඉන්න අයගෙ නොම්මර කතා කරලා කවුන්ටරේට එන්න කියනවා. ඒ නොම්මරේ කියන්නෙ සිංහලෙන් විතරයි..සිංහල කිසිම දෙයක් තේරෙන්නෙ නැති අය අසරණ වෙනවා. ඒ ගෙ‍ාල්ලො වට පිට බලලා සිංහල වගේ පේන කෙනෙක් ළගට ගිහිල්ලා ඒ කතා කරන්නෙ මොන නොම්මරේද කියලා දෙමළෙන් හරි ඉංග්‍රීසියෙන් හරි අහනවා…..අහන්නෙ මොකක්ද කියලා තේරෙන කෙනෙක් හිටියොත් කියලා දෙනවා. ඒත් ඉංග්‍රීසි දන්නෙ නැති සිංහල සහ දෙමළ අය හුගක් ඉන්නවනේ..අයියෝ එතන එකම අවුලක්..කවුන්ටරේට ගියාට පස්සෙ එතන ඉන්න කාටවත් දෙමළ බැහැ..සමහර අය හුගක් අසරණ වෙනවා…බැනුනුත් අහනවා….”
ආනන්දි කියාගෙන ගියේ කළකිරීමෙන්.

‘’මෙච්චර දුර ඇවිල්ලත් ‍අපේ රටේ මේ වගේ පුංචි දේවල්වත් වෙනස්වෙලා නැති එක පුදුමයක්…වෙන දේවල් නැතත් අඩුම ගාණේ නොම්මරේ විතරක්වත් ඉංග්‍රීසියෙන්වත් කියන්න පුළුවන්නෙ…

එක ගෑනු ළමයෙක් කවුන්ටරේට ගිහින් ඇහුවා එයාලගෙ නොම්මර කතා කරන්න තව කොච්චර වෙලා යයිද කියලා…ඒ ළමයා දන්නෙ දෙමළෙන් කතා කරන්න විතරයි…කවුන්ටරේ හිටපු නෝන මහත්මයා දන්නෙ සිංහල විතරයි….වෙනස වුණේ ඒ නෝන මහත්මයාට අර ළමයා එක්ක තරහා ගිය එක සහ අර ළමයා තමන්ට සිංහල බැරි එක තමන්ගෙ වැරැද්දක් වගේ බයාදුවෙන් හැසිරීමයි”
කොල්ලුපිටියේ අධිආරක්ෂක කලාපයේ තියෙන විදේශ අමාත්‍යාංශයේ මේ කියන කොන්සියුලර් කාර්යාලයේ තාප්පෙන් එහා පැත්තේ තියෙන්නේ අරලිය ගහ මන්දිරය. රටට සාමය සමාදානය ගේන්න වලිකන අපේ ගරු ජනාධිපතිතුමා ඉන්නෙ එතන.
‘’ආනන්දි කොච්චර කාලෙකින්ද ආපහු එන්නෙ?” වෙන්වෙලා යද්දි මම නිකමට ඇහුවා.
‘’ආයි එන්නෙ නෑ…විසා හදාගෙන එහෙ පදිංචි වෙනවා….”

ආයෙ කවදා කොතැනක හමුවේදැයි නොදැන අපි පෙර පුරුද්දට අතිනත අල්ලා ගත්තා.

‘’පරිස්සමින් ඉන්න….දැන් මෙහෙ හරි භයානකයිනෙ…” වෙන්වෙද්දි ආනන්දි මට කිව්වා.
අවුරුදු පහක් විශ්ව විද්‍යාලෙ එකට ඉදලත් දෙමළ ටිකක් ඉගෙන ගත්තෙ නෑ නේද කියලා විශාල ලැජ්ජාවක් ආපහු එද්දි මට දැණුනා.
දර්ශි කුමාරි

Last 5 posts by Vikalpa_N

294 views for this article so far.

| Share this article on Facebook

sasha said,

August 3, 2007 @ 10:25 am

Excellent work Nadie, we talk of development and social change but in practicality has any thing changed in this country for the last 50 years, if im not mistaken the few years a go the Gramasevaka of Wellawatta a predominantly Tamil neighborhood was a Sinhalese who did utter a word in Tamil, imagine the plight of the residents.

Further we are so concerned about national security which is demonstrated by check points at every corner, the irony is in most of these check points you will not find a person who can speak Tamil, what about the Tamil people who go a cross the check points should they be fluent in Sinhalese? This is a question that has constantly bothered me, for which I have not found an answer to date.

RSS feed for comments on this post · TrackBack URI

Leave a Comment