අපේ සේසතම අළු වුණා..
ග්‍රෑන්ඩ්පාස් මහවත්ත ප්‍රදේශයේ පැල්පත් නිවාස 50 කට වැඩි ගණනක් පෙරේදා රාත්‍රියේ ඇති වු ගින්නකින් සම්පූර්ණයෙන්ම විනාශ වී ගියේය. ඒ වෙලාවේ නිවාස වල නිදා සිටි කිසිවෙකුටත් බරපතල හානි සිදු වී නැත. තමන් සන්තකයේ තිබූ සියලුම දේ පිච්චී අලු වී ගිය පැල්පත් වාසීන් දෙසීයකට ආසන්න පිරිසක් දැනට ග්‍රෑන්ඩ්පාස් සංඝරාජ විදුහලේ තාවකාලිකව ලැගුම් ගෙන සිටිති.
මහවත්ත යනු දහසකට ආසන්න පැල්පත් නිවාස සහිත ප්‍රදේශයකි. මේ පැල්පත් සාදාගෙන ඇත්තේ කොළඹ නගරයේ කුණු ගොඩ ගසන සුප්‍රසිද්ධ බ්ලූමැන්ඩල් කුණු කන්ද පාමුලය. මේ පැල්පත් ඉදිරියෙන් රේල්පාරය. දෙපැත්තෙන් කුණු ඇලය. ගින්න ඇති වූයේ කුණු කන්දේ ස්ථානයකින් බව ග්‍රූන්ඩ්පාස් පොලීසිය කියයි.
ඉහතින් දැක්වෙන්නේ ගින්නෙන් තමන්ගේ නිවාස සහ සියලු දේ විනාශ වී ගිය පැල්පත් වාසී කාන්තාවන් දෙදෙනෙකු විකල්ප වෙත දැක්වූ අදහස් ඇතුළත් වීඩියෝ පටයි. ඔවුන් අපට කිවු කතන්දරයේ සංක්ශේපයකි මේ.
‛‛අපේ හැමදේම පිච්චිලා ගියා. අපි මේවා හදාගත්තෙ හරි අමාරුවෙන්. එකතුකරගෙන තිබිච්ච බඩු මුට්ටු සේරම නැතිවුණා. ළමයින්ගෙ ඉස්කෝල පොත්, ක්ලිනික් කාඩ්, අපේ අයි ඩී, පිංපඩි කාඩ්, කිසිදෙයක් නෑ…….එදා රෑම අපිව ඉස්කෝලෙට ගෙනත් දැම්මා. හමුදාවේ මහත්තුරු කන බොන දේවල්, පැදුරු කොට්ට, බෙඩ්ෂීට් එහෙම ගෙනත් දුන්නා. අනේ, අපි කාටහරි පින් ඇත්තන්ට කියන්නෙ අපිට ලෑලි ටිකක් ගහලා, ඉන්න තැන ඉක්මනට හදා දෙන්න කියලයි…අඳින්න කරන්න කොහොම හරි හොයාගන්න පුළුවන්…අපිට ඉන්න වහලක් හදාගන්න
උදව් කරන්න…’’
‛‛ඊයේ ෆවුසි මහත්තයා ආවා සේරම බැලුවා…ගෙවල් හදාගන්න උදව් කරනවා කියලා ගියා. දුමින්ද සිල්වා මහත්තයත් ඇවිත් ගියා. එයත් ගෙවල් හදා දෙන බව කිව්වා……අපිට පුළුවන් ඉක්මනට මොනවා හරි උපකාරයක් කරනවානං පිං. අපිට ඉන්නෙ පුංචි දරුවො…මට මාස පහක අත දරුවෙකුත් ඉන්නවා….ගිය අවුරුද්දෙත් හරියටම දෙසැම්බර් මාසෙ සුළි සුළඟක් ඇවිල්ලා අපේ ගෙවල්වල වහලවල් ගහගෙන ගියා….මේ අවුරුද්දෙ සේරම අලුවෙලා ගියා.’’
‛‛අපේ හුඟක් අය ජීවත්වෙන්නෙ මේ කුණු ගොඩේ කාඩ්බෝඩ්, බෝතල් කෑලි, යකඩ කෑලි එකතු කරලා. ගෑනු අය ගෙවල් වල වැඩ කරලා කීයක් හරි හොයාගන්නවා. අපිට ඇඳුං, බඩු මූට්ටු ඕනෙ නෑ. ඕනෙ පැලක් අටවගන්නයි. ඒකට මන්ත්ර්‍රී තුමන්ලා අපිට උදවු කරාවි කියලා අපි බලා ඉන්නවා.’’
බලය සහ සම්පත් ඇති ජනතා නියෝජිතයන් මේ අසරණ මිනිසුන්ගේ දුක් ගිනි නිවන්නට තමන්ගේ බලය සහ ඒ බලයෙන් මෙහෙයවිය හැකි සම්පත්වලින් ශේෂයක් හෝ යොදවනු ඇතැයි විකල්ප බලාපොරොත්තු වෙයි. ඒ ගැන අදාළ අයට සිහිපත් කරන්නට අපි වගබලාගන්නෙමු.
Last 5 posts by Vikalpa_R
- மட்டக்களப்பு மாவட்டத்தில் இன ஜக்கியம் ஏற்படுத்தப்படுமா? அல்லது ஏற்படுமா? - August 7th, 2008
- පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් - July 31st, 2008
- සාක් ආරක්ෂාවට මිගමු ධීවරයන්ට තහංචි - July 30th, 2008
- NGO ගැන සමහර පොලිස් නිලධාරින්ගේ මතය - July 30th, 2008
- தீர்வுக்கு தேவை விட்டுக்கொடுப்புகளே! - July 29th, 2008


