vikalpa : short stories to change the way you think, feel and actregister here.login.find out more
inicio mail me! sindicaci;ón

අධ්‍යාපනයේ සිංහල දෙමළ…..

මෙත්සිරි වඩුගේ

මා දන්නා පාසැළක වසර කිහිපයකට පෙර දෙමල බස 11වන ශ්‍රේණියට අනීවාර්‍ය කළාය. දරුවන් කැමැත්තේන් දෙමල බස ඉගෙන ගත් නමුත් ඔවුන්ට දෙමල විෂය උදෙසා ඒ සාමාර්ථ ලබා ගැනීමට බැරිවිය. පාසැලේ තත්ත්වය මැනෙන්නේ ඒ සාමාර්ථ මගින් නිසා මාපියන් සහ ආදි ශිෂ්‍යාවන් එකතුව දෙමල බස ඉගැන්විම පසෙකට දැමුවා ය.

අද මෙරට රැකියා ක්ෂේත්‍රයේ වැඩිම ඉල්ලුමක් ඇති සුදුසුකමක් වන්නේ ත්‍රෛභාෂා දැනුම ය. ඊට ඒ සාමාර්ථ ගැනීම අවශ්‍ය නැත. නමුත් ඒ සාමාර්ථ පසුපස දුවන අද පවතින ව්‍යාජ අධ්‍යාපන වටිනාකම් විසින් ඉංග්‍රීසි හැර අනෙක් දේශිය භාෂා ඉගෙන ගැනීම දමා ඇත්තේ දෙකේ කොළයට ය.


මෙම තත්ත්වය මනා ලෙස පෙන්වන අපේ අධ්‍යාපනයේ හැටි බලන්න.

නිදහසින් වසර 60ක් ගෙවීමට ආසන්න අපේ අධ්‍යාපනයේ බහු වාර්ගිකත්වය මෙන්න:

(2006 අධ්‍යාපන සංගනනය, මූලික වාර්තාව)
අධ්‍යාපන මාධ්‍ය අනුව පාසැල් බෙදී යන හැටි

සිංහල පමණක් 6,435
දෙමල පමණක් 2,804
සිංහල සහ දෙමල 38
සිංහල සහ ඉංග්‍රිසි 298
දෙමල සහ ඉංග්‍රිසි 110
සිංහල, ඉංග්‍රිසි සහ දෙමල 29

සිංහල, ඉංග්‍රිසි සහ දෙමල ත්‍රෛභාෂා පාසැල් 29 යෙන් 24ක්ම ඇත්තේ බස්නාහිර සහ මධ්‍යම පලාත්හීය.

සිංහල සහ දෙමල ද්විභාෂා පාසැල් 38න් 35ක්ම ඇත්තේ දකුණු, බස්නාහිර සහ මධ්‍යම පලාත්හීය.

ද්විභාෂා පලාත්වන උතුරුමැද, සබරගමුව සහ ඌව පලාත්හී සිංහල සහ දෙමල මාධ්‍ය පාසැල් එකක්වත් නැත.

සිංහල මාධ්‍යයෙන් සියයට 72.8ක් ද දෙමළ මාධ්‍යයෙන් සියයට 26.1ක් ද ඉගෙන ගන්නා අතර ඉංග්‍රිසි මාධ්‍යයෙන් ඉගෙන ගන්නේ 1.1ක් පමණි.

එක ජනතාවක්ද? බෙදී ගිය ජනතාවක්ද?

Last 5 posts by Vikalpa_R

169 views for this article so far.

| Share this article on Facebook

Leave a Comment