vikalpa : short stories to change the way you think, feel and actregister here.login.find out more
inicio mail me! sindicaci;ón

සීසන් නිසා දරුවන් මහමග…..!

school-chidren.jpg
දිනපතා උදේ 5.30ට මරංගහවෙල සිට බදුල්ල බලා යන ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බණ්ඩාරවෙල ඩිපෝවේ බස් රථයට පාසල් යන සිසු දරු දැරියන් විශාල පිරිසක් නගිති. මේ සිසුන් ගමන් කරන්නේ බණ්ඩාරවෙල ඇති විදුහල් කරා යාමටය. පාසල් සිසුන් ගමන් කරන්නේ සීසන් වලිනි.

මේ බස් රථයේ රියදුරා සහ කොන්දොස්තරවරයා සීසන් වලින් යන මේ දරුවන්ව හපුතලෙන් බස්සවා වෙනත් බස් එකක එන ලෙස කියා, මග සිටින වෙනත් මගීන්ව නග්ගාගෙන පිටත්ව යති. ඊළඟ බස් රිය එනතුරු සීතලේ ගැහි ගැහී බලා සිටින්නට මේ අසරණ දරුවන්ට සිදුවෙයි. එසේ එන බස් රියේ සීසන් පෙන්නා යන්නටද බැරිය. මන්ද, කලින් බස් රියේ කොන්දොස්තර මහතා ඒ සීසන් කපා ඇති නිසාය.

මේ තතත්වය නිසා මේ දරුවන් හැමදාම පාසලට එන විට පාසල පටන් ගෙන හමාරය.

මේ රියදුරු සහ කොන්දොස්තරගේ හිංසාකාරී වැඩ පිළිවෙළ ගැන බලධාරීන්ගේ ඉක්මන් අවධානය යොමුකරන මෙන් බස් මගීහු ඉල්ලා සිටිති.

සිරිල් සෙනෙවිරත්න
බදුල්ල

පසු සටහන- විකල්ප මේ පිළිබඳව විමසීමට බණ්ඩාරවෙල ඩිපෝවේ සහකාර කළමණාකාර, ධාවන ආවරණ, ලීලානන්ද මහතාට දුරකතනයෙන් කතා කළා. ඒ මහතා පැවසුවේ දැනට මේ ගැන පැමිණිල්ලක් ලැබී නැති බවයි. නමුත් මේ කාරණය ගැන තමා වහාම සොයා බලා අදාල වැරදිකරුවන්ට දඬුවම් ලබාදීමට කටයුතු කරන බවත් ඔහු කියා සිටියේය.

Last 5 posts by Vikalpa_N

241 views for this article so far.

| Share this article on Facebook

Leave a Comment