පුරවැසියකු මාධ්යකරුවකුගේ සටහන් - ඔක්කොම කොටි මතවාදය
සුනන්ද දේශප්‍රිය
ගුණදාස අමරසේකර සහ ඇල්ලේ ගුණවංස හිමි මෑතක් වන තුරුම ජනතා විමුක්ති පෙරමුණේ බහුජන සංවිධානයක් වන දේශහිතෙශී ජනතා ව්යාපාරයේ බලකනු වශයෙන් සිටියහ. නමුත් ඒ දෙනොට ම අනුව ජනතා විමුක්ති පෙරමුණ දැන් එල්ටීටීඊ හිතවාදී ජාති ද්රෝහීන් ය. ඒ අයවැය දෙවන වර කියවීමට විරුද්ධව ජන්දය දුන් නිසා ය. ආණ්ඩුව විසින් අයුතු පරිහරණයට යොදාගෙන ඇති මහජන සේවා ජනමාධ්ය විය යුතු රාජ්ය ජනමාධ්ය යොදා ගනිමින් ඒ දෙපලම පසුගිය දිනයන්හි අයවැයට විරුද්ධ වූ සියළු දෙනා කොටි සහායකයින් ලෙස හංවඩු ගැසූහ.
ජනතා විමුක්ති පෙරමුණ අයවැයට විරුද්ධ වූයේ මහින්ද රාජපක්ෂ පවුල් පාලනය, ඇමැතියන් සියය සහ එන්න එන්නම උත්සන්න වන ආර්ථික අමාරුකම් හේතු වශයෙන් දක්වමිනි.
ඊට පිළිතුරු වශයෙන් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ උපදේශක කාර්්ය භාරයක් ඉටු කරන හෙළ උරුමයේ බහුජන සංවිධානයක් වන ත්රස්ත විරෝධි ව්යාපාරය පුවත් පත් දැන්වීමක් පළ කරමින් සහ කොළඹ පොස්ටර් අලවමින් කිියා සිටියේ දෙවන ලෝක යුද්ධය කාලයේ බජිරි කෑවා නම් දැන් ටිකක් දුක් විදින්න බැරි මොකද කියා ය. ඇත්ත වශයෙන්ම නම් ජනතා විමුක්ති පෙරමුණ පවා කියමින් සිටියේ එවැනි කතාවකි. එනම් යුද්ධය දිනීම පිනිස ඕනෑම පරිත්යගයක් කළ යුතුය කියා ය. අමරසේකර - ඇල්ලේ දෙපොල තවම කියන්නේ ඒ කතාව ය.
1988 - 1990 සමයේ ජනතා විමුක්ති පෙරමුණේ කොල්ලන්ට පිස්සු හැදී තිබූ බවත් පිස්සු බල්ලන් මරා දැමීම හැර කළ යුතු දෙයක් නැති බවත් අමරසේකර ටීඑන්එල් ?පවාහිනි විවාදයක දී කීවේ 2000 මුල් කාලයේ ය. දැන් ඒ න්යායයෙහි ජනතා විමුක්ති පෙරමුණ වෙනුවට එල්ටීටීඊ ය යොදා විමල් වීරවංශ අද කියන්නේත් ඒ කතාව ය. එදා එලෙස ජනතා විමුක්ති පෙරමුණේ දහස් ගණන් ඝාතනය කිරීමට නායකත්වය දුන් යුද හමුදා නායකයින් අද විමල් වීරවංශගේ විරයින් ය.
යුද්ධය හෝ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විවේචනය කරන අන් සියළු දෙනා කොටි ඔත්තුකරුවන් ලෙස හැදින්විම රට පුරා ගෙන ගියේත් විමල් වීරවංශ ඇතුලූ ජවිපෙ කථිකයින් ය. දැන් ජවිපෙට විරුද්ධව යොදා ගැනෙන්නේත් එම තර්කයන්ම ය.
ආණ්ඩුවෙන් ඉවත් වු වහාම මංගල සමරවීර සහ ශ්රීපති කොටි සහායකයින් ලෙස නම් කරන ලද්දේ ද කිසිම සාක්ෂියක් ඇතිව නොව හුදෙක් ආණ්ඩුවට විරුද්ධ වූ නිසා ය. ඔව්න් යුද්ධයට විරුද්ධ වූයේ නැත. කාලයකට පෙර මෙම කොටි ලේබලය ඇලවීමේ මූලිකත්වය ගෙන සිටියේ ඔව්න්ය. අන්තිමේ දී ඔව්න්ට ද එම ලේබලයම ඇලවූහ.
දැන් ශ්රී ලංකා මුස්ලිම් කොන්ග්රසය ආණ්ඩුවෙන් ඉවත් වීමට ගෙන ඇති තීරණය නිසා රවුප් හකීම් ඇතුලූ මුස්ලිම් කොන්ග්රසය කොටි හිතවාදීන් බවට ක්ෂණයකින් පත් වනවා ඇත.
මානව හිමිකම් සම්බන්ධයෙන් පෙනි සිටින සියළු දෙනාම කොටි සහායකයින් ලෙස නම් කළේ ද ආණ්ඩුව සහ ජවිපෙ එකට ය. රාජ්ය නොවන සංවිධාන විරෝධි ව්යාපාරයක් ගෙන ගියේ ද එම ලේබලය යටතේ ය. නමුත් කිසිදු රාජ්ය නොවන සංවිධානයක් වරදකරුවන් කිරීමට එලෙස පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට තවම බැරි වී තිබේ.
පසුගිය දා නුගේගොඩ බෝම්බ පිපිරීම ඒ අවස්ථාවේ ම පටිගත කොට සිරිස රූපවාහිනයට දුන් කවර හෝ පුරවැසි මාධ්යකරුවා එල්ටීටීඊ සංවිධානයේ නියෝජිතයෙක් ලෙස ජවිපෙ හිතවාදී ලංකා පුවත්පත නම් කලේ ය.
1981 සිටම ලංකාණ්ඩුව දෙමළ සන්නද්ධ ව්යාපාර සමඟ යුද්ධයක යෙදී සිටින නමුත් සියළු විරුද්ධවාදීන් මත කොටි ලේබලය ඇලවීම මේතරම් භයානක අඩියකට ඉහළ නැගුනේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව යටතේ ය. මෙම පිළිවෙත මහින්ද රාජපක්ෂ මහතාගේ හෝ ජනතා විමුක්ති පෙරමුණේ එකක් නොවේ. අද ආණ්ඩුවේ ප්රබලයකු වන චම්පික රණවක මහතාගේ ය. ඒ බව දැන ගනීමට අවශ්ය කරන කවරකු වුවත් කළ යුත්තේ ඒ මහතා විසින් රචිත කොටි විනි විදීම නම් පොත් පිංව කියවීම යි. එම පොත ඔහු ලියූවේ ත්රස්ත විරෝධි ජාතික ව්යාපාරය වෙනුවෙනි.
ඒ අනුව සිටිය හැක්කේ දෙපිරිසකි. කොටි විරෝධි පිරිස් සහ පක්ෂපාති පිරිස් ය. සරළ කලූ සුදු චිත්රයක් පමණි. ඊට අනුව ඩල්ගස් දේවානන්ද, සිද්ධාර්තන් යනාදි සියළු දෙනා සැඟවුනු කොටි ය. නිදසුනක් ලෙස ඩග්ලස් දෙවානන්ද ගැන ඔහු කියන දේ බලමු: ඊ.පී.ඞී.පී, සංවිධානය තනිකරම එජාප ආණ්ඩුවේ නිර්මාණයකි. ඩග්ලස් දේවානන්දට කුලී හේවායකුගේ සිට සම්භාව්ය මහජන නියෝජිතයකු දක්වා වෙස්මාරුව සිදු කරදුන්නේ ශ්රී ලංකා ආණ්ඩුව යි. අද ඔහුට ජනතාවගේ අරමුදල්වලින් පඩි ගෙවනු ලැබේ. (පිටුව 28*
ඝාතනය කරන ලද පාර්ලිමේන්තු මංත්රී ජෝසප් පරරාජසංහම් ගැන ඔහු කියන්නේ මෙසේ ය: පරරාජසංහම් වැනි මඩපාට කොටි සහමුලින්ම මර්ධනය කරලීම අත්යවශ්ය වේ. (පිටුව 89*
ඔම පොත් පිංචට අනුව ජනතා විමුක්ති පෙරමුණ ද කොටි සහායක දේශපාලන බලවේගයකි. සමසමාජ සහ කොමියුනිස්ට් පක්ෂ හදුන්වා ඇත්තේ ද විනාශ කළ යුතු කොටි සහායක බලවේග ලෙස ය.
දෙමල ජනයා දහස් ගණනින් අත් අඩංගුවට ගැනීම, මුස්ලිම් දේශපාලන පක්ෂ කඩාබිඳ විනාශ කිරිමට පියවර ගැනීම යනාදී අද සිදුවන බොහෝ දේ මෙම පොත් පිංචෙහි කළ යුතු දෑ ලෙස සදහන් කර තිබේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ මතවාදය අනුව එල්ටීටීඊ සහායක බලවේගයකි. යුනිසෙප්, යුනෙස්කෝ, යූඑන්ඞීපීථ යනාදි සියළු එක්සත් ජාතීන්ගේ සංවිධාන එල්ටීටීඊයට සහාය දෙති. එජ සංවිධානයේ නියෝජිතයින් වූ ඇලන් රොක් ගේ සිට මානව හිමිකම් පිළිබඳ එජා සංවිධානයේ විශේෂ නියෝජිතවරිය වන ලූවිස් ආබර් දක්වා ද එල්ටීටීඊයේ වක්ර සහායකයින් ය.
අද ආණ්ඩුවේ සටන්පාඨය බවට පත්ව ඇත්තේ අප හැරණ විට ඉතිරි ඔක්කොම කොටි යන්න ය. දෙමළ සන්නද්ධ සංවිධාන සමඟ කැරෙන යුද්ධය මෙරට දේශපාලනයේ ප්රධාන සාධකයක් වන නමුත් දේශපාලනය තීරණය කරන එකම සාධකය එය නොවේ. ආර්ථික සහ සංස්කෘතික ක්ෂේත්රයේ ද මෙරට දේශපාලනය කරන තීරණාත්මක සාදක වෙති. ඒ සියල්ල අමතක කිරීම වර්ථමානය උදෙසා අනාගතය බිල්ලට දීමකි.
Last 5 posts by Vikalpa Admin
- Interview with train bomb victim - May 27th, 2008
- Citizen reports of election violence and malpractices in the Eastern Province - May 5th, 2008
- Scheduled downtime for Vikalpa - April 9th, 2008
- Launch of Citizen Journalism Video Channel in Sri Lanka - Vikalpa YouTube Video - January 9th, 2008
- Video of slain UNP MP T. Maheswaran's funeral in Colombo - January 4th, 2008


