අවිචාරවත් මැදවච්චිය මුරපොල
අවිචාරවත්
මැදවච්චිය මුරපොල
දිනය 2006 දෙසැම්බර් 08 වෙනිදා. වෙලාව හවස 3.30ට විතර ඇති. මැදවච්චිය මුරපොළේ වෙනදා මෙන් සෙනගක් අද දකින්නට නැත. මා ඉදිරිපසින් මිනිස්සු 10ක් 12ක් පමණ ඉදිරියට ඇදෙති.
‘’අත්දෙක උස්සන්න….”
එතැන හිටපු ග්‍රාමාරක්ෂක නිළධාරියෙක් මා පිරික්සිමට ලක්කරයි.
‘’සාක්කුවෙ මොකක්ද?'’
‘’ඉන්න පෙන්නන්නං'’ මම සාක්කුවෙන් ඇද මගේ කුඩා කැමරාව ඔහුට පෙන්වූයෙමි. ඔහු එය එතරම් හොඳින් පරීක්ෂා කරනවා පෙනෙන්නට නොතිබිණි.
‘’මෙන්න කැමරාව..'’ බිම නොවැටී කැමරාව යළි මා අතට පත්වූයේ අහම්බෙනි.
මා ඇතුළු එතැන සිටි සියලු දෙනා පෝලිමට ඉදිරියට ඇදුණහ. ‘’ජාතික හැඳුනුම්පත දෙන්න…'’ එතැන සිටි එක් පොලිස් නිළධාරියෙක් මට කිය. මා පසුම්බිය ඇද මාගේ වලංගු රියදුරු බලපත්‍රය ඔහුට දිගු කළෙමි.
‘’ජාතික හැඳුනුම්පත දෙන්න'’ ඔහු ඉතාමත් තර්ජනාත්මකව මට කීය.
‘’එය මට ගෙනෙන්න බැරිවෙලා…ඇයි මහත්මයා මේ බලපත්‍රය වලංගු නැද්ද?'’
එම පොළිස් නිළධාරියාගෙන් මම විමසුවෙමි.
ඳිඳුඳු‘’මට ඔය එක එක සේවා හැඳුනුම්පත් …තව තව හැඳුනුම්පත් වැඩක් නෑ. මට ඕනෙ ජාතික හැඳුනුම්පත.'’ නැවත වරක් ඔහු මට පැවසීය.
‘’තමුන්ලා නොදන්න දේවල් අපට දැනගන්න තියෙනවා ජාතික හැඳුනුම්පෙත්….ඒ නිසා ජාතික හැඳුනුම්පත දෙන්න….'’
‘’මම නොදන්න දේවල් මගේ ජාතික හැඳුනුම්පෙත් තියෙනවා කියලා මම දන්නෙ අද..කරුණාකරලා මට ඒක කියනවද..?'’ මම විමසුවෙමි.
ඳු‘’මට එව්වා වැඩක් නෑ අයිසේ..'’ ඔහු ඉතාමත් තර්ජනාත්මක ලෙසින් පැවසීය.
‘’හරි මහත්තයා…මගේ රියදුරු බලපත්‍රය වලංගු නැද්ද මේ මුරපොලට..කරුණාකරලා මට කියන්න.'’
ඳුඔහු මගේ බලපත්‍රයේ ඇති නම කියවීය. අනතුරුව මදෙස බලා ‘’ආයෙ එනකොට ජාතික හැඳුනුම්පත අරගෙන එනවා.” කියා එය මා වෙත දික්කළේය. මම සිනාසී ‘’මගේ රියදුරු බලපත්‍රය වලංගු නැද්ද මේ මුරපොලට…කරුණාකරලා මට කියන්නැයි'’ ඔහුගෙන් විමසුවෙමි. ඔහුගේ මුහුණ, ඇස් තර්ජනාත්මකව මා දෙස බලා සිටී. මම මුරලපාලේ පෝලිමෙන් එළියට පිවිසුණෙමි.
කුරුණෑගල සිටින මාගේ දමිළ මිතුරෙකු, කොළඹ කැළණි පාලම උඩදී ජාතික හැඳුනුම්පත සහ අනිකුත් සියලුම ලියකියවිලි තිබියදීත් තමන්ව පැය ගාණක් නිකරුණේ රදවාගෙන සිටි බව වේදනාවෙන් පැවසූ අයුරු මට සිහිවිය. ඒ ඔහු දමිළ නිසාවෙනි. තුවක්කු බෝම්බ පිළිබඳ විශ්වාස කරන රාජ්‍යයකට සිංහල, දමිළ, මුස්ලිම්, ගැහැණු, පිරිමි…අඩුම තරමේ මිනිසුන්ගේ මනුස්සකමවත් අවශ්‍ය නැත. මම අවට බැලූවෙමි. මුරපොලේ සිටි සාමාන්‍ය වැසියන් හැමකෙනාගේම මුහුණේ ඇත්තේ බිය මුසු වු පෙනුමකි.
ඳුඳ ‘’ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අද සිට බරපතල විදියට අපේ ආණ්ඩුව ක්‍රියාත්මක කරනවා.'’ එක්තරා ඇමතිවරයෙකු රූපවාහිනියෙන් කියනු මට සිහිවිය. 88/89 කාලවකවානුවේ අහිංසක තරුණ තරුණියන් දහස්ගණනක් අමු අමුවේ මරා දමන ලද්දේ එම පනතින්ය. හැඳුනුම්පත තිබුණද අත් අඩංගුවට පත්ව කුරිරු වධහිංසනයන්ට ලක් වූ තරුණ තරුණියෝ බොහෝ දෙනෙක් මේ භූමියේම අදද ජීවත් වෙති.
ඒ සමයේ මගතොට විසිරී තිබූ තිබුණු සිංහල තරුණයන්ගේ කඳ නැති ඔලු මට සිහිවිය. ටයර් සෑයවල්වලින් නැගුණු දුමාරය අද ද මසිත මවනුයේ අඳුරු සංවේදී සිතිවිල්ලක්මය. ඒ සිදුවිම් අන් කිසිවක් නිසා නොව තමන්ට සිදු වන අසාධාරණකම් නිසා වීදි බැසි තරුණයන්ට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතින් දුන් පිළිතුරුය.
ඳුඳ ඳුඳ ඳුනමුත් එම පනත ගෙන එන ලද්දේ උතුරු නැගෙනහිර දමිළ ත්‍රස්තවාදය වැළැක්වීමටය. සත්‍ය එසේ වුවද මහවැලි ගගේ පාවුණේ දකුණේ සිංහල තරුණ තරුණියන්ගේ මළ සිරුරුය. ඔවුන් බහුතරයක් ජවිපෙ සාමාජිකයක් බව පැවසේ. පසුගියදා ජවිපෙ ඉල්මහ විරුවන් ලෙස සමරන ලද්දේ ඔවුන්ය. මෙහි වන සරදම නම් ඒ විරුවන්ට තැබූ මල්වල සුවඳ යන්නටත් කලින් ජවිපෙත් එම තම සගයන් මරා දැමූ නීතියට පක්ෂ විමය. ඒ මරා දමන ලද ඔවුන්ගේ සඟයන්ගේ ආත්මයන් අද කුමක් කියනු ඇත්ද…..?
මට සිහිපත් වනුයේ දකුණු අප්‍රිකාව පිළිබදව ඇලන් පේටන් සිය හඞනු පෙම්බර දේශය කෘතියේ සටහන් කළ වදන් කිහිපයකි.
‘’කැඩී බිඳී ගිය ගෝත්‍රය ගැන, පලාගොස් ඇති නීතිය හා චාරිත්‍ර ධර්ම ගැන වැළපෙන්න. ඔව්, මළ ගිය මිනිසා පිළිබඳව, වියෝ දුකට පත්ව සිටින බිරිඳ හා දරුවන් ගැන වැළපෙන්න. මෙය තවත් අවසානයට පැමිණ නැත. මිනිසාට සතුටින් විසිය නොහැකි නම් සොඳුරු දේශය මත හිරු කඩා හැලෙමින් තිබේ. ඔහු හඳුනන්නේ ඔහුගේ හදවතේ බිය පමණි.'’
අවසන මා සටහන් කරමි. මෙය තවත් එක් සිදුවීමක් පමණි. නමුත් හෙට……?
සම්පත් බණ්ඩාර සමරකෝන්
sampathslk@gmail.com
Last 5 posts by Vikalpa_N
- தென்னிலங்கையில் பிரபலமாகும் அரசாங்கத்தின் போர் அணுகுமுறை - May 8th, 2008
- දෙමළ ජීවිතය - May 8th, 2008
- මහජන සේවයට කැපවුණු ලංගම සේවකයෝ - April 21st, 2008
- ජවිපෙ දෙකට කැඩෙයි.....?? - April 9th, 2008
- அதிகாரப் பரவலாக்கத்திற்கு அரசாங்கம் தயாராகிறதா? - March 31st, 2008
sam said,
I think you are taking little bit far than it should go. The police office you talked to is an asshole, totally agree. And you were trying to pick a fight with him too.
I have met wonderful police officers in Sri Lanka most of the time and quite large number of assholes too. At the same time I have firsthand experience how worst NYPD get some times. Couple of months back NYPD officers shoots two totally innocent black men, coming out form a bachelor party before the wedding day, 41 times. Police officers are assholes by general – in every country.
You are trying to connect this with arms rebels trying to take over taxation. I know you try to make an emotionally disturbing picture. But I feel like you are going too far. One police officer’s act do not justify a group of rebels taking over taxation rights (no. they didn’t just protest on the road – they control half of the bloody country back then).
RSS feed for comments on this post · TrackBack URI


