vikalpa : short stories to change the way you think, feel and actregister here.login.find out more
inicio mail me! sindicaci;ón

මාධ්‍යකරුවන්ට භයානකම රටවල් අතුරින් ශ්‍රී ලංකාව 3 වන තැනට

_42485985_protest_afp250body1.jpg
The Press Emblem Campaign මගින් 2007 වසර තුළදී ලෝකයේ මාධ්‍යකරුවන්ගේ ජීවිතවලට එල්ල වූ තර්ජන පිළිබදව කරන ලද සමීක්ෂණයකට අනුව මාධ්‍යකරුවන්ට සිය වෘත්තියේ නියැලීම සදහා අනාරක්ෂිතම රටවල් අතරින් ශ්‍රී ලංකාව 3 වන ස්ථානයට පත්ව තිබේ. සමස්තයක් ලෙස ගත්විට පසුගිය වසරවලට සාපේක්ෂව 2007 වසර ලෝකය පුරාම මාධ්‍ය නිදහස දරුණු ලෙස උල්ලංඝණයට ලක්වූ සහ වැඩිම මාධ්‍යකරුවන් ප්‍රමාණයක් ඝාතනයට ලක් වූ වසර ලෙස වාර්තාගත වන බව එම සමීක්ෂණ වාර්තාව පෙන්වා දෙයි. මේ වසර තුළදී ලෝකයේ විවිධ රටවල්වල මාධ්‍යකරුවන් 110 දෙනෙකු ඝාතනයට ලක් වී ඇත. 2006 සහ 2005 වසරවලදී ඝාතනය කෙරුණු මාධ්‍යවේදින්ගේ ගණන පිළිවෙලින් 96 සහ 68 ක් විය.

2007 වසර තුළදී රටවල් 27 ක මාධ්‍යකරුවන් ඝාතනයට ලක් වී ඇත. ඒ අතුරින් මාධ්‍යකරුවන්ට භයානකම රට ලෙස පිළිගැණෙන ඉරාකයේ මාධ්‍යකරුවන් 50 දෙනෙකු ඝාතනය කෙරී ඇත. දෙවන භයාකනම රට වන සෝමාලියාවේ 2007 වසරතුළදී ජනමාධ්‍යවේදීන් 8 දෙකනකු මරා දමා ඇත.

මේ වාර්තාවට අනුව මාධ්‍ය වෘත්තිය සදහා 3 වන භයානකම රට වන ශ්‍රී ලංක‍ාවේ මේ වසර ඇතුළතදි මාධ්‍යවේදීන් 7 දෙනෙකු ඝාතනයට ලක් වී ඇත. 2006 වසරේදී මරා දැමුණු මාධ්‍යවේදීන් ගණන 4කි.

මාධ්‍යකරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සම්බන්ධයෙන් ගැටුම් සහිත රටවල ගැටුම් වල පාර්ශවකරුවන් දිගින දිගටම අසමත් වී ඇති බව අවධාරණය කරන PEC (Press Emblem Campaign) ව්‍යාපාරය, ගැටුම් කලාපවල සහ අනෙකුත් අනාරක්ෂිත තතත්වයන් තුළ වැඩකරන ජනමාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව සදහා වන ජාත්‍යන්තර සම්මුතියක් සම්මත කර ගැනීම උදෙසා දැවැන්ත උද‍්‍ඝෝණිත ව්‍යාපාරයක් දියත් කර තිබේ. මේ වන විට මේ සම්මුතිය කෙටුම්පත් කර එක්සත් ජාතීන්ගේ අනුමැතිය සදහා ඉදිරිපත් කර තිබේ.

මේ වාර්තාව සම්පූර්ණයෙන්ම කියවන්න, මේ සම්බන්ධකය හරහා යන්න.
http://www.pressemblem.ch/index2.html

Last 5 posts by Vikalpa_N

275 views for this article so far.

| Share this article on Facebook

JM said,

December 22, 2007 @ 5:48 pm

How many of those killed in Sri Lanka were real journalists, and how many were terrorist propagandists, spies and blackmailers masquerading as journalists. I don’t see any justification for the latter not to be treated as legitimate military targets.

RSS feed for comments on this post · TrackBack URI

Leave a Comment