ජනපතිට ආසන නොදුන් පීටර් හිල් ගෙදර….
ඩූබායි ජාතිකයකු වූ පීටර් හිල් එයාර් ලංකා සමාගමේ ප්‍රාධාන විධායක නිලධාරියා විය. ඔහු ඒ තනතුරට පත්කරනු ලැබූවේ එයාර් ලංකා සමාගමේ කොටස් 51ක් හිමි එමිරේට්ස් ගුවන් සමාගම විසිනි.
නමුත් ශ්‍රී ලංකාවේ සිට මෙම රාජකාරිය කරගෙන යෑමට නම් ඔහුට මෙරට රැකියා අවසර පත්‍රයක් තිබිය යුතු ය.
ආණ්ඩුව ඊයේ එනම් දෙසැ.19දා ඔහුගේ රැකියා අවසර පත්‍රය අහෝසි කළේ ය.
ප්‍රශ්නය වුයේ පිටර් හිල් කාරිය සූරද නැත්ද යන්න නොවේ. පසුගිය දා සිය පුත්‍රයාගේ විසිර යාමේ පෙරෙට්ටුව නැරඹිමට එංගලන්තයට ගිය ජනපති සහ ජනපති බිරිඳ ට ආපසු ඒමට එයාර් ලංකා ගුවන් යානයන්හි ආසන දෙකක් ලබා දීමට අසමත්වීම ය.
එසේ අසමත් වූයේ ගුවන් යානයන්හි ආසන සියල්ල පිරී තිබූ නිසා ය. ජනපතිට සහ ජනපති බිරිඳට ආසන ලබා දිමට නම් කලින් සිය ආසන වෙන්කරවා ගෙන තිබූ මගීන් දෙදෙනෙකු බැස්සවිය යුතු විය.
පීටර් හිල් ගෙදර යැවෙන්නේ එලෙස මගීන් දෙදෙනෛකු බස්සවා රටේ නීතිය හා සාමය බාරව සිටින ප්‍රධාන පුරවැසියාට සහ ඔහුගේ බිරිඳට ආසන ලබා නොදුන් නිසාය !
එලෙස ගුවන් යානයෙන් කලින් ආසන වෙන් කරවා ගෙන සිට බැසීමට සිදු වූයේ ඔබට නම්…..
මෙවැනි කතා අසන්නට ලැබුනේ ඉඩි අමින්ගේ කාලයේ උගන්ඩාවෙනි. වෙනත් එවැනි රට වලිනි. දැන් ලොකෙන්ම උතුම් ශ්‍රී ලංකාවෙන් ද ඇසෙන්නේ එවැනි කතා ය.
අයවැය ජන්දයේ දී ආණ්ඩු පක්ෂය පරදින තත්ත්වයක් උදා වූ විට ඡන්දය නොදෙන ලෙස බල කිරිමට විපාක්ෂික මංත්‍රින්ගේ ඥාතීන් පැහැරගෙන යති.
සිය ප්‍රජාවගේ බලපෑම මත ආණ්ඩුවෙන් ඉවත් වන මංත්‍රීන්ගේ ආරක්ෂාව එසැනින්ම ඉවත් කෙරෙති.
අයවැය ජන්දයේ දි විරුද්ධව ජන්දය දෙන හිටපු ඇමතිවරුන් පිටුපස ආදායමි බදු නිලධාරීහු පන්නති.
පිටර් හිල් ගෙදර යැවීම අහම්භ සිද්ධියක් නොවේ. අද මෙරට සිදුවන නීතියේ පාලනය නායයෑමේ බිය ජනක සළකුනු ය. මෙවැනි පාලනයක් ඇති රටක කිසිම පුරවැසියකු ආරක්ෂාකාරි යැයි කිව හැකි ද?
Last 5 posts by Vikalpa_R
- කලු ජූලිය 25 - කටු සටහනක් - පුරවැසි ජනමාධ්‍යවේදියකුගේ සටහන් - July 25th, 2008
- පුරවැසි ජනමාධ්‍යවේදියකුගේ සටහන් - ආණ්ඩුකාර පොලිස්පති සහ උතුරේ යුද්ධය - July 18th, 2008
- නාමල්ට පහරදුන් මැරයන් අල්ලනු....... උද්ඝෝෂණය - July 3rd, 2008
- වීරෝදාර රණවිරුවන්ට පුරවර සරසවියෙන් පානීය ජලය - July 2nd, 2008
- මාධ්‍යවේදී තිස්සනායගම් මුදාහරිනු..... - July 1st, 2008


