vikalpa : short stories to change the way you think, feel and actregister here.login.find out more
inicio mail me! sindicaci;ón

ලංකාවේ මානුෂවාදී අර්බුදය අතිශයින් බරපතලයි..

-විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ අලුත්ම වාර්තාව පෙන්වා දෙයි-


2006-2007 වසර තුළදී ශ්‍රී ලංකාව තුළ ඇති වූ මානුෂවාදී අර්බුදය හා බැඳුණු ප්‍රධාන සිදුවීම් සහ තීරණාත්මක කාරණා අවධාරණය කෙරෙන වාර්තාවක් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් ඊයේ (2007 දෙසැම්බර් 19 ) නිකුත් කරනු ලැබුවා. මේ වාර්තාව මේ දිනවල ලංකාවට පැමිණ සිටින, අවතැන් වූවන්ගේ මානව අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත, වෝල්ටර් කේලීන් මහතා වෙත බාරදෙනු ලැබුවා.

ප්‍රධාන වශයෙන්ම යුද්ධය හේතුවෙන් අවතැන් වී සිටින උතුරු නැගෙනහිර ජනයා අද මුහුණ පාමින් සිටින මානුෂවාදි අර්බුදය කෙරෙහි අවධාරණය කෙරෙන මේ වාර්තාව මගින් මානව හිමිකම් හා බැඳුණු ප්‍රතිපත්තිමය සහ නෛතික කාරණා පිළිබඳවත් මානුෂවාදී ආධාර සපයන ජාත්‍යන්තර සහ ජාතික ආයතනවල ක්‍රියාකාරිත්වය පිළිබඳවත් විග්‍රහයක යෙදෙයි.

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් පසුගිය කාලය තුළදී උතුරු නැගෙනහිර පළාත්වල කරන ලද තොරතුරු සෙවීමේ දූත සංචාරයන් මගින් අනාවරණය කරගත් සිදුවීම් මත පදනම්ව මේ විග්‍රහයන් කෙරී ඇත. මේ ප්‍රතිපත්ති වාර්තාව මූලික වශයෙන්ම මානව හිමිකම් සහ මානුෂවාදී ගැටළු සම්බන්ධ ප්‍රතිපත්ති සම්පාදකයන් ඉලක්ක කරගත්තකි.

මේ වාර්තාව පිළිබඳවත්, පොදුවේ වර්තමාන ශ්‍රී ලංකාවේ ජනතාව මුහුණ පා සිටින මානුෂවාදී අර්බුදය පිළිබඳවත්, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ සාමය සහ ගැටුම් නිරාකරණ අංශයේ ජ්‍යෙස්ඨ පර්යේෂකයෙක් වන මිරාක් රහීම් මහතා විකල්ප වෙත දැක්වූ අදහස් ඉහත වීඩියේ පටයෙන් දැක්වේ.

Last 5 posts by Vikalpa_R

213 views for this article so far.

| Share this article on Facebook

Leave a Comment