vikalpa : short stories to change the way you think, feel and actregister here.login.find out more
inicio mail me! sindicaci;ón

මොකද.. එල්.ටී.ටී.ඊ ද?

පසුගිය දෙසැම්බර් 18 වන දින මාත් මගේ බිරිදත් මාගේ මිතුරියකුත් ත්‍රීරෝද රථයකට නැග්ගේ නගරාන්තර දුම්රියේ ආසන වෙන්කරවා ගැනීමට කොටුව දුම්රිය පොළ වෙත යාමටයි. අප ගමන්ගත් ත්‍රීරෝද රථය දුම්රිය පොළ ඉදිරිපිට ඇති වාහන නැවතුම වෙත යාමට ප්‍රවිෂ්ඨ මාර්ගයට ඇතුළු වුනා. බැරියර් එකක් තිබුනට ඒක උස්සලයි තිබුනෙ. ඒ නිසා අප ඉදිරියට ගියා එකවරම හෝව්..හෝව්… කොහිද යන්නේ නවතිනව නවතිනව…. කියා කෙනෙකු කෑගසනව ඇහුන ඒ සැනෙන්ම අපි ගමන් ගත් ත්‍රීරෝද රථයේ තිරිංග තදවුනා.

කොහේද යන්නේ එල්.ටී.ටී.ඊ ද.. එල්.ටී.ටී.ඊ ද.. එල්.ටී.ටී.ඊ ද? බොහෝම සැර කටහඬක්

පොලිස් රාළහාමි කෙනෙක්, ඔහුගේ නිළ අංකය 29925 , බැරියරය අසල කූඩුවක් ඇතුලෙ ඉදගෙනයි ඔහු කෑගහන්නේ.

අප සිටි ත්‍රීරෝද රථයේ රියදුරාට හොදටම තදවුනා. ඔව් එල්.ටී.ටී.ඊ තමයි ඔහු කිව්ව.

‛‛එල්.ටී.ටී.ඊ ද එහෙනම් ගන්නව ත්‍රීවීලරේ ප්‍රොඩියුස් කරන්න? බහිනව බහිනව….’’ බොහෝම සැරෙන් කියාගෙන ඔහු අප සිටි ත්‍රීවීලරය අසලට ආව

‛‛ඇයි එහෙමද අපිව පේන්නෙ? එවිටම ත්‍රීවීලරයේ රියදුරුත් ටිකක් සැරෙන් ඇහුව.

පොලිස් රාළහාමි තරමක් මෙල්ල වූ සෙයකි… දන්නැද්ද මෙහෙට වාහන ගන්න බැහැ අරගන්නව… අරගන්නව.. යන්න ඕන අයට බැහැලා යන්න කියනව කියමින් ත්‍රීවීලරය තුළ සිටි අප දිහාද බැලුව.

‛‛ඔව් අපි එල්.ටී.ටී.ඊ තමයි හැබැයි කරුණාගේ පිලේ’’ ඔහුට කීමට මට අවශ්‍ය උනත් මොකුත් නොකියා ඉන්න එක හොඳයි කියල මට හිතුන.

අපට පෙනෙන්නටම තවත් ත්‍රීවීලර් මෙන්ම වාහනද තොගයක් දුම්රිය පොළ ඉදිරිපිට නවතා තියෙනව. ඒත් අපි ගමන් ගත් ත්‍රීවීලරය හරවා ගත්ත. මොනව කරන්නද මහත්තය දැන් නීතිය උන්ගෙනෙ උන් තමයි රජකරන්නෙ. මහත්තය බැහැල ගිහින් එන්න මම ඉන්නම්. රියදුරු මහතා කිව්වා.

තමන්ට එකඟනොවන සියල්ලන්ට දේශද්‍රෝහී එල්.ටී.ටී.ඊ ලේබලය ඇලවීම අපේ රටේ දැන් විලාසිතාවක් බවට පත්වෙලා. පසුගිය අයවැය වෙලාවේ අපි ඒ බව හොදින්ම දැක්ක. ජාතික ආරක්ෂාවේ තේජසෙන් මේ පොලිස් නිළධාරියා උත්සහා කලෙත් අපට එල්.ටී.ටී.ඊ ලේබලය අලවන්නයි. මොකද අද මේ රටේ ඕනෑම කෙනෙක් මේ ලේබලයට භය බව ඔහු දන්න නිසාය.

’‛කන්න ඕන උනාම කබරගොයත් තලගොයා වෙනව කියල කියන්නේත් මෙන්න මේවටයි ’’

රම්පෙ

Last 5 posts by Vikalpa_R

263 views for this article so far.

| Share this article on Facebook

Leave a Comment