ජනමාධ්‍ය ඝාතනය -ඇමති සහ වේදය
සුනන්ද දේශප්‍රිය
ජනමාධ්‍ය ඇමැති අනුර ප්‍රියදර්ශන මහතා පසුගිය 20දා පුවත්පත් සාකච්ඡාවක කතා කරමින් ජනමාධ්‍යවේදියාට අලූත් නිර්වචනයක් දුන්නේ ය. එනම් ආණ්ඩුවට අනුව ජනමාධ්‍යවේදියා යනු ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ජනමාධ්‍ය හැදුනුම්පත ඇති අය පමණක් බව යි. මේ විග්‍රහය අප මේ අසන්නේ පළමු වතාවට ය. ඇත්තටම නම් කණගාටුවෙන් නමුත් කිව යුත්තේ මේ කතාව පෙන්වන්නේ ජනමාධ්‍ය ඇමැතිවරයාගේ සහ ඔහුගේ උපදේශකයින්ගේ නොදැනුවත්කම පමණක් බව යි.
ඒ අනුව විග්‍රහ කරමින් ඔහු කියා සිටියේ පසුගිය වසර තුළ මෙරට ඝාතනය වී ඇත්තේ එකම ජනමාධ්‍යවේදියකු පමණක් බව යි. නමුත් ඔහුගේ නම කීමට ඇමැතිවරයා අසමත් විය. උදයන් පුවත්පතෙහි සේවය කළ සෙල්වරාජ් රජීව්වර්මන් 2007 අෙප්‍රල් 29 දා යාපනයේ දී ඝාතනය කෙරුණි. ඔහු සතුව හෝ 2007 වර්ෂය සඳහා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ හැදුනුම් පතක් තිබුනේ යැයි සිතීමට නොහැකි ය. එසේ නොතිබුනේ නම් ඔහු ද ජනමාධ්යවේදියකු ලෙස මිය ගොස් නැත.
ප්‍රජාතන්ත්‍රවාදී සමාජයෙහි ජනමාධ්‍ය තේරුමි ගැනීම සහ මුලින්ම වෙනස් ය. මුද්‍රිත, විද්යුත් හෝ අන්තර් ජාල මාධ්‍ය හරහා වෘත්තියක් වශයෙන් තොරතුරු එකතු කිරීමෙහි, සංස්කරණය කිරිමෙහි සහ බෙදා හැරීමෙහි සංවිධිතව හෝ තනිව යෙදී සිටින ඹ්නෑම අයකු ජනමාධ්‍යවේදයට අයත් ය. එපමණක් නොව අනෙක් අයට ද බලා කියවිය හැකි පරිදි අන්තර් ජාලයෙහි සිය සමාජ දේශපාලන දින සටහන් ලියන බ්ලොග්කරුවන්ද මෙම නිර්වචනයට අසු නොවන ජනමාධ්‍යවේදීන් වේ. මියන්මාරයේ සිට ද වීනයේ සිටද ඉරාකයේ සිට ද ලොවට බෙහෝ වැදගත් තොරතුරු ලැබෙන්නේ මෙම බ්ලොග්කරුවන් හරහා ය.
ජනමාධ්‍යයේ ප්‍රධාන වගකීම නිවැරදිබව, අපක්ෂපාතිත්වය සහ සාධාරණත්වය හැකිතාක් දුරට රැක ගැනීමය. ඊට හානි වන පරිදි කැරෙන ජනමාධ්‍යයට අදාළ කවරකු හෝ ඝාතනය කිරීම ජනමාධ්‍යවේදින් ඝාතනය කිරීම යන පොදු ව්‍යවහාරය තුළට ඇතුල් කෙරෙන්නේ එනිසා ය. අද ජගත් ව්‍යවහාරය එයයි.
ජනමාධ්‍ය ඇමැතිවරයා ඉල්ලා සිටින හැදුනුම්පත ජනමාධ්‍ය මර්දනය සඳහා මිනුමක් නොවන්නේ එනිසා ය.
2007 පෙබරවාරි 15 දින යාපනයේ යුද හමුදා ෙසාදිසි මුර පොළක නවත්වා ගැනීමෙන් පසු ජනමාධ්‍යවේදී සුබ්‍රමනියම් රාමචන්ද්‍රන් අතුරුදහන් විය. මේතාක් ඔහු පිළිබඳ කිසිදු තොරතුරක් නැත. ඔහු යාල් තිනක්කූරල් සහ වාලම්පුරි පුවත්පත්හි වඩමරච්චි වාර්තාකරු ලෙස කටයුතු කළේ ය. ඇමැතිවරයා ඉල්ලා සිටින හැදුනුම්පත තිබුනේ නැත.
2007 අෙප්‍රල් 16දා ඝාතනය කරන ලද සුභාස් වන්ද්‍රබෝෂ් නිලාමි නම්න් කුඩා සඟරාවක් ලියා පළ කල අතර වව්නියාවෙහි විකල්ප දෙමළ මාධ්‍ය බෙදාහැරීමෙහි නියුතු විය. ලංඩනයේ පළ වන ටැමිල් වර්ල්ඞ් සඟරාවට ලිපි සැපයී ය. කුඩා මුද්‍රණාලයක්ද පවත්වා ගෙන ගියේය. ඔහුට දිර්ඝ කාලයක නිදහස් ජනමාධ්‍යවේදී ඉතිහාසයක් ද තිබුණි. ඇමැතිවරයා ඉල්ලා සිටින හැදුනුම්පත තිබුනේ නැත.
අගෝස්තු 01 ඝාතනය කරන ලද සහදේවන් නිලක්ෂන් ජනමාධ්‍ය ශිෂ්‍යකු මෙන්ම වාර්තාකරුවකු ද විය. චාලරම් නම් සඟරාවක් ද පවත්වා ගෙන ගියේ ය. ඇමැතිවරයා ඉල්ලා සිටින හැදුනුම්පත තිබුනේ නැත.
ආණ්ඩුව එකඟ නොවූවද ජීනීවා ගිවිසුම් අනුව යුද වැදී සිටින පාර්ශවයන් හි ජනමාධ්‍යවේදීන් සැළකෙන්නේ සිවිල් පුරවැසියන් ලෙස ය. එනයින් කොටි හඩ ගුවන් විදුලියට බෝම්බ දමා රජය විසින් මරා දමන ලද එහි ඉසයිවිසී චැම්පියන් හෙවත් සුබාජිනී නම් මාධ්යවේදියා ඇතුලූ සේවකයින් තිදෙනාම අන්තර් ජාතික ලැයිස්තුවලට ඇතුලූ වීම වැළැක්විය නොහැකි ය.
ඇමැතිවරයා ගණන වරද්දා ගෙන නවයක් ලෙස දැක්වුව ද පසුගිය වසර තුළ ඝාතනය වූ ජනමාධ්‍යවේදීන් සත් දෙනා ලෙස ෙප්‍රස් එම්බ්ලෙම් ව්‍යපාරය හදුනාගත්ෙත් ඔවුන් ය.
පසුගිය නොවැම්බර් මාසයෙහි යාපනයේ තවත් මාධ්‍ය සේවකයින් දෙදෙනෙකු ( ඇන්තනීපිල්ලෙයි සිත්රාජන් සහ වඩිවේල් නිමලරාජ්) පැහැර ගැනුනි. ඔවුන් පිළිබද කිසිදු තොරතුරක් තවම නැත. එමෙන්ම දිවයින පුවත් පතෙහි ජනමාධ්‍යවේදියකු
( ඩබ්. ගුනසිංහ) ද කැබිතිගොල්ලෑව ක්ලේමෝ ප්‍රහාරයේ දි මරණයට පත් විය.
කරුණු මෙසේ වුවත් වඩාම කණගාටුවට කාරණය මෙම හැදුනුම්පත බලා ජනමාධ්‍යවේදය තීරණය කරන අනුර ප්‍රයදර්ශන පිළිවෙත නොවේ, ජනමාධ්‍ය ඇමැතිවරයා වශයෙන් ඔහු දැක් වූ අමානුෂික ස්වභාවය යි. හැදුනුම්පත් නැත්නම් ඒ මරණ මට ප්‍රශ්නයක් නොවේ යන කටුක ඇගවීම යි.
අනෙක් අතට ජනමාධ්‍ය ඇමැතිවරයා පිළිතුරු දිය යුත්තේ පසුගිය වසර තුළ මෙරට ජනමාධ්‍ය මුහුණ දුන් සියළු ගර්ජන මර්දන තර්ජන සම්බන්ධයෙනි.
මව්බිම සහ ලීඩර් පුවත්පත් සමූහයට එරෙහිව මුදා හරින ලද අනේකාකාර භීෂනයන්, ඒබීසී ගුවන් විදුලි ජාලය වසා දැමීම, කතුවරුන්ට එරෙහි තර්ජන ගර්ජන, අතාස් විරෝධි ආණ්ඩුවේ ව්‍යාපාරය, ප්‍රාදේශිය ජනමාධ්‍යවේදින්ට එල්ලවන නිරන්තර තර්ජන ගර්ජන, රාජ්‍ය ජනමාධ්‍ය අගතිගාමිත්වය සහ ජනමාධ්‍ය නිදහස සඳහා අවශ්‍ය නීතිමය රාමුව ගැන ජනමාධ්‍ය ඇමැතිවරයාගේ නිහඩතාවය පුදුමාකාර ය.
වසර අවසාන වන්නට යන්නේ එම කිසිදු කි්‍රයාවක් අරභයා කිසිදු නීතිමය පියවරක් ගැනීමට ඔහුගේ ආණ්ඩුව අසමත් වූ තත්ත්වයක් යටතේය. ලැජ්ජාවට කාරණය එයයි.
අන්තර්ජාතික ප්‍රජාවට බැණ වැදීමෙන් නීතියේ පාලනය පිහිටුවීමට සිය අසමත් බව සහ අකැමැත්ත වසා ගැනීමට මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට නොහැකි බව අවසන් වශයෙන් කියා සිටිමු.
To download and read this article as a PDF, please click here. For a related news story in the Daily Mirror published on 22 December 2007, please click here.
Last 5 posts by Vikalpa Admin
- Citizen reports of election violence and malpractices in the Eastern Province - May 5th, 2008
- Scheduled downtime for Vikalpa - April 9th, 2008
- Launch of Citizen Journalism Video Channel in Sri Lanka - Vikalpa YouTube Video - January 9th, 2008
- Video of slain UNP MP T. Maheswaran's funeral in Colombo - January 4th, 2008
- සුබ දිනයක පළ අසුබ ආරංචිය හෙවත් ඝාතකයන්ගේ වසර සංකේතවත් කිරීම - January 2nd, 2008
Key media organisations and trade unions in Sri Lanka recognise bloggers as journalists « ICT for Peacebuilding (ICT4Peace) said,
[…] A related article by Free Media Movement (FMM) spokesperson Sunanda Deshapriya (in Sinhala) explores this issue further, where he notes that: “ïn saying that the only journalists the Minister recognises are those with ID cards issued by the Media Ministry, the Government of Sri Lanka conveniently ignores the vital social and political critques of bloggers in Sri Lanka. From Myanmar to China to Iraq, the world today gets news and information through bloggers.” […]
groundviews » The killing of journalists and the Media Minister’s comments said,
[…] My article published in Vikalpa, in Sinhala, deals with this government’s deplorable record of securing and strengthening media freedom in Sri Lanka in2007. My immediate response is to the Media Minister’s contestation of the recent PEC report that ranked Sri Lanka as the world’s 3rd most dangerous place for journalists. […]
RSS feed for comments on this post · TrackBack URI


