vikalpa : short stories to change the way you think, feel and actregister here.login.find out more
inicio mail me! sindicaci;ón

“පොට්ටුව” අහිමිවීම

මේ බලන්න මම දැන් නලලේ පොට්ටුව තියන්නේ නැහැ. ඒත් මගේ පාට කළු නිසා මං දෙමළ කියල දැනගන්න පුළුවන්නේ, එනිසා බස් එකේදි එහෙමත් බෝහෝ අය මං දිහා සැකෙන් බලන්නේ.

චිත්‍රා කියාගෙන යනව. ඇයගේ මුහුණේ තිබුනෙ අපේක්ෂාවන් බිඳීගිය ස්වරූපයක්. ඇය ස්ත්‍රී අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින කාන්තා ක්‍රියාකාරිණියක්. ඒ විතරක් නෙමේ ඇය කාන්තා අයිතිවාසිකම් පිළිබඳව කාන්තාවන් දැනුවත් කරන සඟරාවක සංස්කාරකවරියක්. මම ඇයව කාලෙක ඉඳන් දන්නව. ඇය තමන් දකින්න ප්‍රාර්ථනා කරන ලෝකය දකින්න බොහෝ වෙහෙස මහන්සිවී වැඩකරන ක්‍රීයාකාරිණියක්. ඇය කොළඹ ඉපදුනු දෙමළ ජාතිකයෙක්. ඇයගේ ඉරණමත් මෙය නම් අනෙක් දෙමළ ජාතිකයන් කෙතරම් භීතියටත් අසරණභාවයටත් පත්වෙනව ඇතිද? ඇය දේශපාලනික නිසා ඇයට මේ තත්වයට මූහුන දෙන්න හයිය තියෙනව ඒත් සාමාන්‍ය ගැහැනුන්ට මේ තත්වය කෙසේ දැනෙනව ඇත්ද? කියා මට හිතා ගන්නවත් බැහැ මොකද 88-89 කාලේ අපේ අම්මල,පුංචි අම්මල කෙතරම් පීඩා වින්දද කියා මං හොඳින් දන්න නිසා. අපේ අම්ම ඒ දවස් වල මාවයි, අයියවයි, තාත්තවයි ගේ ඇතුළට දාල ගෙදර ඉස්සරහ දොර හරස් වෙන්න පැදුරක් දාගෙනයි නිදිය ගත්තෙ.

අද කොළඹ වගේම උතුරු නැගෙනහිරත් සාමාන්‍ය මිනිස්සු විඳිමින් ඉන්නෙ ඒ දේමයි වෙනසකට තියෙන්නේ අපිට අද ඒ ගැන ප්‍රශ්නයක් නැති එකයි මොකද ඒ පැහැරගෙන යන්නේ මරාදාන්නේ අපිට අයිතිනැති හතුරු ජාතියේ උන්ව නිසා. මරා ගන්නේ උන් උන් නිසා. යුද්දෙට මැදිවුන අහිංසක දෙමළ ජනතාව දෙපැත්තකින් බැට කනව නමුත් ඒ සියල්ල වසංකරනව. හැබැයි කොළඹ බෝම්බ පුපුරවන විට ඒ යුද බිය මෙහෙටත් දැනෙනව. දරුවො මැරුනම අනේ අපොයි කියනව. මිලේච්ඡ තිරිසන් වැඩ කියා එයට විශේෂණ පද ගේනව ඒ උන් මැරුවම. උතුරේත් මිනිස්සු (දරුවන්ද ඇතුළුව) මැරෙනව ඒත් කාටවත් ගානක් නැහැ මෙකද ඒ මරණ්නේ අපි නිසා.

මිලේච්ඡ වෙන්නේ උන් මරණකොට හැබැයි අපි මරණකොට එය දේශප්‍රේමී වෙනව. උදේ හවස පිරිත් ඇහෙන සදාචාරවත් ධර්ම රාජ්‍යයේ ඒවාට දෙන නිර්වචන එහෙමයි. චිත්‍රා කියන විදිහට ඇය දන්න හඳුනන බොහෝ දෙමළ ජාතිකයින් අද සිය සංස්කෘතික අනන්‍යතාවත් මකාගෙන තමයි ගමන් බිමන් යන්නේ. තමන් ගේ ජාතියේ ශ්‍රේෂ්ඨත්වය,පෞඩත්වය කතා කරන ජාතියක් තම සහෝදර ජාතියට ඔවුන්ගේ අනන්‍යතාවත් නැතිකරල. ඔවුන් මේ රටේ ‛‛සුළුජාතිය’’ වීම හේතුවයි. නමුත් මහජාතිය වීම මැරුම් කන්න හේතුවක් වුන බව ඔවුන්ට අමතකවීම තමයි ඛේදවාචකය. චිත්‍රාගෙන් සමුගන්න ගමන් මට කල්පනා උනේ කාර්‍යාලයේ මාත් සමග වැඩකරන ද්‍රවිඩ මිතුරියවයි. මම කාර්‍යාලයට ගිය ගමන් ඇය ඉන්න තැනට ගියා එවිටයි මම දැක්කෙ ඇයගේ නළලෙත් පොට්ටුව නැතිබව මම ඒගැන විමසූවිට ඇය පැවසූවෙත් චිත්‍රා පැවසූ දෙයමයි. ඒ විතරක් නෙමේ අපිත් සමග වැඩකරන ද්‍රවිඩ සහෝදරය පැවසුවේ ඔහුත් කොවිලට ගිහින් එලියට එනවිට සිය නළලේ තියෙන තිරුනූරු මකන බවයි. දකුණේ ජීවත්වන ද්‍රවිඩ ජනයාට තම ජාතිකත්වයේ හා සංස්කෘතියේ සලකුණු මකන්නට සිදුව තිබේ. මන්ද ඒ සලකුණු තමන්ව පහත්කොට සැලකීමට හේතුවක් වන නිසාය. ඒ සලකුණු මරණයට අතවනන සලකුණු බවට පත්වී ඇතිනිසාවෙනි. හරියට දෙවන ලෝක යුද්දෙ කාලේ හිටිලර් ජර්මනියේ හා එහි යටත් රාජ්‍ය වල විසූ යුදෙව්වන් හඳුනා ගැනීමට අඩයාලමක් පැලදීමට නියෝග කිරීම නිසා යුදෙව්වන් පීඩාවිඳි සේ ලංකාවෙත් ද්‍රවිඩ ජනයාට තම සංස්කෘතිය හා ජාතිකත්වය කෙතරම් පීඩාකාරීවී ඇතිද යන්නට ඉහත උදාහරණ හොඳටම ප්‍රමාණවත්ය.

රම්පෙ

Last 5 posts by Vikalpa_R

375 views for this article so far.

| Share this article on Facebook

JM said,

December 27, 2007 @ 7:03 pm

Oh please. I rarely ever see any Tamils wearing Pottus in Melbourne. Lots of Sikh migrants also stop wearing the turban and trim their beards after they come here. The Vietnamese no longer wear straw-hats, and I hardly see many Sudanese walking around with spears or any Scots in kilts these days. Are they all being oppressed? Sinhalese do not wear the redda-hetta or the sarong either. If these Tamils are trying to blend in with the rest of the Sri Lankan society by trying to dress, look, and act like the rest of us, that’s something to be happy about. Perhaps they think it’s better to embrace a Sri Lankan identity rather than segregating themselves from the rest of their fellow citizens by retaining alien cultural symbols native to Tamil Nadu.

It’s not just the Pottu that’s disappearing. Many young Tamils in Colombo have Anglo or non-ethnospecific Tamil names and most of them speak decent Sinhala. Just look at Shehal the blogger.

RSS feed for comments on this post · TrackBack URI

Leave a Comment