vikalpa : short stories to change the way you think, feel and actregister here.login.find out more
inicio mail me! sindicaci;ón

මියන්මාරයේ නිදහස පතා ශ්‍රී ලංක‍ාවේ බුරුම භික්ෂූණ් වහන්සේලා පා ගමනක්…







ජනවාරි 04 වනදාට මියන්මාරයේ 60 වන නිදහස් දිනය යෙදී තිබේ. ඒ නමුත් මියන්මාරයේ ජනතාව නිදහස වෙනු‍වට අත්විදින්නේ හමුදා පාලනයේ ම්ලේච්ඡ කෲරත්වයයි.

ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා බුරුම ජනතාව පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී දියත් කළ සාමකාමී උස්ඝෝෂණය මිලිටරි පාලනය විසින් සාහසික ලෙස මර්දනය කරන ලදි. දස දහස් ගණනින් භික්ෂූණ් වහන්සේලා සිරභාරයට ගත් අතර වධ හිංසා පැමිණවීම් සහ මරා දැමීම් මගින් ජනතාව නිහඩ කිරීම හමුදා පාලකයන්ගේ අරමුණ විය. ඒ සිදුවිමෙන් මාස ගණනක් ඉකුත්ව ගොස් ඇති වුවත් තවමත් හමුදාව තමන්ට එරෙහිව විරෝධතා පෙළපාළිවලට සහභාගි වූ භික්ෂූණ් වහන්සේලා සහ ගිහි වැසියන් සොය සොයා ඔවුන්ට කෲර ලෙස දඩුවම් පමුණුවමින් සිටිති.

මියන්මාරයේ පවතින වත්මන් තත්ත්වය පිළිබදව ශ්‍රී ලාංකික ජනතාව දැනුවත් කිරීමේත් මියන්මාරයේ නිදහස උදෙසා වන සාමකාමී අරගලයට ශ්‍රී ලාංකිකයන්ගේ සහය ලබා ගැනීමේත් අරමුණෙන් මෙරට අධ්‍යාපනය ලබන බුරුම භින්ෂූණ් වහන්සේලා ( ශ්‍රී ලංකාවේ මියන්මාර් ශිෂ්‍ය භික්ෂු සංගමය) විසින් ගාල්ලේ සිට කොළඹ දක්වා පා ගමනක් දියත් කර තිබුණි. ජනවාරි 04 වන දා ගාල්ලෙන් ඇරඹුණු මේ පා ගමන අද (ජනවාරි 08 ) කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිටින් නිමා විය. මෙහිදී මියන්මාරයේ ප්‍රජ‍ාතන්ත්‍රවාදය වෙනුවෙන් වන අරගලයට සහය ලබා දෙන ලෙස එක්සත් ජාතීන් වෙත කරන ආයාචනයක් ඇතුළත් සංදේශයක්ද එක්සත් ජාතීන්ගේ කාර්යාලයට බාර දෙනු ලැබිණි.

භික්ෂූණ් වහන්සේලා එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිටදී පවත්වන ලද ආගමික මෙහෙයක මුහුණුවර ගත් උද්ඝෝෂණයේ වීඩියෝ පටයකුත්, ඒ අවස්ථාවට සහභාගී වූ මාලිගාවිල අස්සජි ස්වාමීන් වහන්සේ සහ තවත් බුරුම ස්වාමීන් වහන්සේ නමක් විසින් ‍විකල්ප වෙත පළ කළ අදහස් ඇතුළත් වීඩියෝ පටයකුත් ඉහත දැක්වේ.

Last 5 posts by Vikalpa_N

154 views for this article so far.

| Share this article on Facebook

Leave a Comment