ඇමති ද.මු.දසනායක ඝාතනය හා යුද්ධ වර්ෂය

අද උදෑසන ජාඇල දී සිදුවු ක්ලේමෝ බෝම්බ පිපිරීමකින් ජාතිය ගොඩනැගීමේ අමාත්‍ය ද.මු. දසනායක මහතා ජීවිතක්ෂයට පත්වුවා. 2008 වසර යුද්ධ වර්ෂය බවට රජය ප්‍රකාශ කළ පසු සිදුවූ දෙවන ප්‍රභූ ඝාතනය ලෙස මෙය සඳහන් කළ හැකියි. පළමු ඝාතනය මේ වසරේ පලමු දිනයේදී සිදුවු විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ටී.මහේෂ්වරන් මන්ත්‍රීවරයා ගේ ඝාතනයයි.එහිදී සාමාන්‍ය වැසියෙක් මියගිය අතර තවත් සාමාන්‍ය වැසියන් හය දෙනෙකු තුවාල ලැබුවා. ද.මු. දසනායක ඇමතිවරයා ඝාතනය වු ස්ථානයේද සාමාන්‍ය වැසියෙක් මියගිය අතර හතර දෙනෙකු තුවාල ලැබුවා. මෙම ඝාතනය දෙක සම්බන්ධයෙන් යුධ වැදී සිටින දෙපාර්ෂවය වෙතම චෝදනා එල්ලවුවා.මේ සියල්ල මගින් පෙන්නුම් කෙරෙන්නේ ඉදිරියේදී යුද්ධය උත්සන්න වීමත් සමගින් තවත් දහස් ගනනක් මිනිසුන් මියයන බවය. ඒ අතර ප්‍රභූන් මෙන්ම සාමාන්‍ය ජනයාද වන බව නිසැකය. සාමාන්‍ය ජනයා යුද්ධයේ නිරන්තර ගොදුර බවට පත්වීම සෑම යුද්ධයක දී ම සිදුවන යථාර්තයකි. එම යථාර්තය යුධ වැදී සිටින දෙපාර්ශවයම ලෙහෙසියෙන් අමතක කරන බවද නිසැකය. මන්ද යුද්ධයේ පලමු ගොදුර සත්‍යය වන නිසා දෙපාර්ශවය විසින් සිදුකරන ඕනෑම විනාශයක් අදාල පාර්ශවයන් විසින් සාධාරණීය කරන නිසාත්ය.
Last 5 posts by Vikalpa_R
- மட்டக்களப்பு மாவட்டத்தில் இன ஜக்கியம் ஏற்படுத்தப்படுமா? அல்லது ஏற்படுமா? - August 7th, 2008
- පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් - July 31st, 2008
- සාක් ආරක්ෂාවට මිගමු ධීවරයන්ට තහංචි - July 30th, 2008
- NGO ගැන සමහර පොලිස් නිලධාරින්ගේ මතය - July 30th, 2008
- தீர்வுக்கு தேவை விட்டுக்கொடுப்புகளே! - July 29th, 2008


