කොමිසමේ විමර්ශන කටයුතු ගැන විශ්වාසයක් තියන්න බැහැ…
පසුගිය කාලයේදී ශ්‍රී ලංකාවේ සිදු වූ බරපතල මානව හිමිකම් උල්ලංඝණයන් ට අදාළ සිදුවීම් 16 ක් පිළිබදව සොයා බැලීම සදහා ජනාධිපති විසින් පත් කරන ලද 8 දෙනෙකුගෙත් සමන්විත කොමිසම ඒ අදාළ සිදුවිම් සම්බන්ධයෙන් සාක්ෂි විමසන විවෘත විභාගයක් මේ දිනවලදී කොළඹදී පැවැත්වෙයි.
කොමිසම විසින් විභාගයට ගත යුතු සිදුවීම් අතර, 2006 ජනවාරියේදී ත්‍රිකුණාමලයේදී තරුණයින් 5 දෙනෙකු ඝාතනය කිරීම, Action Contra La Faim ජාත්‍යන්තර රාජ්‍ය නොවන ආයතනයේ සේවකයින් 17 ක් මුත්තූර්හිදී මරා දැමීම, රවිරාජ් ඝාතනය, ලක්ෂ්මන් කදිර්ගාමර් ඝාතනය, 2006 ජුනි මාසයේදී කැබිතිගොල්ලෑවේ සාමාන්‍ය වැසියන් 68 දෙනෙකු ඝාතනය වීම, 2005 නත්තලේදී ජෝසප් පරරාජසිංහම් ඝාතනයට ලක් විම, 2006 ජුනි මසදී පේසාලෙයි වෙරළේදී සහ පේසාලෙයි පල්ලියේදී ධීවරයින් 5 දෙකනකු මරා දැමීම, ආදියද ඇතුළත්ය.
මේ කොමිසමේ විමර්ශන ක්‍රියාවලියේ අපක්ෂපාතීත්වය සහ පාරදෘ්‍ශ්‍ය භාවය පිළිබද ව දේශීය සහ විදේශීය වශවෙන් විශාල විවේචන එල්ල වී තිබේ. විශෞෂයෙන්ම බරපතල මානව හිමිකම් උල්ලංඝණයන් පිළිබද සොයා බැලීම වෙනුවෙන් ස්ථාපනය කර ඇති විදේශීය මානව හිමිකම් විශෞෂඥයින්ගෙන් සැදුම්ලත් කණ්ඩායම (IIGEP) මේ කොමිසම විසින් පවත්වන විමර්ශන වල පාරදෘශ්‍යභාවය ප්‍රශ්න කළ යුතු බවත් රජයේ මැදිහත්වීම් නිසා එයට ස්වාධීනව කටයුතු කිරීමේ ඉඩකඩ අඩු බවත් පසුගිය කාලයේදී ප්‍රකාශ කර සිටියේය.
පසුගිය 06 වන සෙනසුරාදා ආරම්භ වූ විවෘත විභාගයේදී මුලින්ම සාක්ෂි කැදවන ලද්දේ ත්‍රිකුණාමලයේ තරුණයින් 5 දෙනෙකු මරා දැමීමේ සිද්ධිය සම්බන්ධවයි.
කොමිසම විසින් මේ දිනවල සිදුකරන සාක්ෂි විභාග කිරීමේ පටිපාටිය පිළිබදව ලංකාවේ මුල්පෙළේ මානව හිමිකම් ක්‍රියාකාරිනියක් වන සුනිලා අබේසේකර විසින් විකල්ප වෙත දැක්වූ අදහස් මේ වීඩියෝ පටයෙන් දැක්වේ.
Last 5 posts by Vikalpa_N
- தென்னிலங்கையில் பிரபலமாகும் அரசாங்கத்தின் போர் அணுகுமுறை - May 8th, 2008
- දෙමළ ජීවිතය - May 8th, 2008
- මහජන සේවයට කැපවුණු ලංගම සේවකයෝ - April 21st, 2008
- ජවිපෙ දෙකට කැඩෙයි.....?? - April 9th, 2008
- அதிகாரப் பரவலாக்கத்திற்கு அரசாங்கம் தயாராகிறதா? - March 31st, 2008


