vikalpa : short stories to change the way you think, feel and actregister here.login.find out more
inicio mail me! sindicaci;ón

බුත්තල බෝම්බය හා සාමාන්‍ය වැසියන්

අද උදෑසන 7.30 පමණ බුත්තල ප්‍රදේශයේදී මගී බස් රථයක් ඉලක්ක කරමින් ක්ලේමෝ බෝම්බයක් පුපුරායාමෙන් එහි ගමන් ගත් සාමාන්‍ය වැසියන් 27 දෙනෙකු මියගොස් තවත් 60 දෙනෙකු පමණ තුවාල ලැබුවා. මේ වසර ආරම්භ වීමෙන් පසු එල්.ටී.ටී.ඊ ය විසින් සාමාන්‍ය ජනයා ඉලක්ක කරමින් ප්‍රහාර කිහිපයක්ම එල්ල කළ අතර එයින් සාමාන්‍ය වැසියන් 50 ආසන්න පිරිසක් මියගියා. එසේම රජයේ හමුදා පාර්ශවයෙන් එල්ල කරනු ලබන ගුවන් ප්‍රහාර හා අනෙකුත් ප්‍රහාර හේතුවෙන්ද අවස්තා කිහිපයකදීම සාමාන්‍ය වැසියන් ඝාතනයට ලක්වුවා(ඒවායින් මියගිය ප්‍රමාණය වාර්ථා නෙවන නිසා නොදනී). යුදවැදී සිටින පාර්ශවයන් දෙකම එකිනෙකාගේ ජයග්‍රහණ පිළිබඳව මිස සාමාන්‍ය වැසියන් පිළිබඳව කිසිදු සැලකිල්ලක් දක්වන බවක් පෙනෙන්නට නැත. එසේම දෙපාර්ශවයම සාමානය වැසියන්ගේ මලමිනී සිය වාසිය පිණිස යොදාගන්නා බවද නොකියාම බැරිය. මෙයින් පෙනීයන්නේ අනෙකක් නොව යුද්ධයට කිසිසේත්ම අදාල නොවන අහිංසකයින් මේ විනාශකාරී යුද්ධයේ නියත ගොඳුරුබවට පත්වීම වැලැක්විය නොහැකි කාරණයක් බව නෙවේද? යුද්ධය තව තවත් උත්සන්න වන්න වන්න අහිංසක සිවිල් වැසියන් වැඩි වැඩියෙන් එහි ගොඳරු බවට පත්වනු ඇත. අවසානයේදී ඉතිරිවන්නේ විලාපයන් පමණකි. මන්ද මේ පාපකාරී යුද්ධයට අදාළ නැති ඒ අහිංසකයින් මිය යාම කිසිවිටෙක සාධාරණිය කරණය කිරීමට කිසිදු පාර්ශවයක්ට නොහැකිවන නිසාය.

Last 5 posts by Vikalpa_R

147 views for this article so far.

| Share this article on Facebook

Leave a Comment