අපේ යෝජනාවලින් මේ ගැටලුව පහසුවෙන් විසඳන්න තිබුණා
පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීමේ අර්බුදය පිළිබඳව ජාතික අධ්‍යාපන කොමිසමේ සභාපති මහාචාර්ය ඒ.වී. සුරවීර අදහස් දක්වයි
ජාතික පාසල්වල පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් දැවැන්ත අර්බුදයක් මේ දිනවල ඇති වී තිබේ. ජාතික පාසල්වලට ළමයින් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් නිර්ණායක වලට අනුව 2007 වසරේ ළමයින් ඇතුළත් කිරීම් සිදු කෙරී ඇත.එහිදී ළමයින් තෝරා ගැනීම සඳහා යොදා ගෙන ඇති මිනුම් දඬුවලට අනුව ඇතැම් පාසල් වල පාසල ආසන්නයේම පදිංචි වි සිටින දෙමාපියන්ගේ දරුවන් ට පාසල අහිමි වී දුර බැහැර සිටින දෙමාපියන්ගේ දරුවන් ට පාසල ට ඇතුල් වීමේ අවස්ථා ලැබී තිබේ.
මෙසේ වී ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණ නිර්ණායක වලදී සලකා බැලෙන්නේ දරුවාගේ නිපුණතා මට්ටම, දෙමාපියන්ගේ තරාතිරම, ආදිය නිසායි. එසේම හමුදා ක්‍රියාන්විතයේ නිරත අයගේ දරුවන්ට විශේෂ වැඩි ලකුණු ප්‍රමාණයක් ද ලබා දෙනු ලැබේ. මේ සියලු කාරණා ගත්විට පාසල ආසන්නයේම සිටින දරුවන් ප්‍රතික්ෂේප වී ඉතා දුර බැහැර සිටින දෙමාපියන්ගේ දරුවන්ට පාසලට ඇතුළත් වීමේ වරම ලැබී තිබේ. මේ තත්ත්වය මත අසාධාරණයට ලක් වූ ඇතැම් දෙමාපියෝ බෙහෙවින්ම උදහස් වී අදාල පාසල් ගිනි තබන බවට තර්ජනය කරන තරමට ප්‍රකෝපකාරී වී සිටිති.
අග්‍ර විනිශ්චයකාරතුමා විසින් මේ නව ක්‍රමවේදය සකස් කර ඇත්තේ ජාතික අධ්‍යාපන කොමිසම විසින් ජාතික පාසල්වලට ළමයින් ඇතුළත් කිරීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාපිළිවෙළ පිළිබඳ ඉතා සාධනීය සහ දීර්ඝ කාලීන විසඳුමක් යෝජනා කර තිබූ වාතාවරණයකයිී. අධ්‍යාපන කොමිසමේ එම සාධනීය නිර්දේශවලට එරෙහිව ජනප්‍රිය පාසල්වල ආදි ශිෂ්‍ය සංගම් විසින් ගෙන ගිය විරෝධතාව අවසානයේදී ජය ලැබුවේ ගැටළුව තිබුණාටත් වඩා උග්‍ර තැනකට ඇද දමමිනිී. අධ්‍යාපන කොමිසමේ එකී නිර්දේශ මගින් අවධාරණය කර තිබූ මූලික අධ්‍යාපන මූලධර්ම අග්‍රවිනිශ්චයකාරවරයාගේ නිර්ණායක මගින් මුළුමනින්ම අහෝසි කර දමා තිබේ. දේශපාලඥයින් සහ බලපුළුවන්කාර පෙළැන්තියක බලපෑම් හමුවේ හය හතරක් නොතේරෙන අසරණ දරුවෝ ඉතා දරුණු මානසික පීඩනයකට ගොදුරු කරනු ලැබ තිබේ. සමාජයේ පංති විෂමතාව නිල වශයෙන් අනුමත කරන ශ්‍රේෂ්ඨාධිකරණයේ මේ යෝජනා හරහා අවසානයේදී සිදු වනු ඇත්තේ ඉතා කුඩා වියේදීම අපේ දුවා දරුවෝ සමාජ අසාධාරණය සහ වෙනස්කොට සැලකීම අත්දැකීමයි. මෙහි ප්‍රතිඵල අනාගතයේදී අත්විඳීමට අප සියලු දෙනාටම සිදුවනු ඇත.
මෙවර අපි විකල්ප වෙනුවෙන් සාකච්ඡාවට එක් කර ගත්තේ ජාතික අධ්‍යාපන කොමිසමේ සභාපති ධුරය හොබවන මහාචාර්ය ඒ වී සුරවීර මහතාවයි. ජාතික පාසල්වලට දරුවන් ඇතුළත් කර ගැනීමේ වත්මන් ක්‍රමවේදය සහ තමන්ගේ මෙහෙයවීමෙන් සකස් කෙරුණු නිර්ණායක වල මූලික සිද්ධාන්ත පිළිබඳව එතුමා දැක්වූ අදහස් ඉහත වීඩියෝ පටයෙන් දැක්වේ-
Last 5 posts by Vikalpa_R
- කලු ජූලිය 25 - කටු සටහනක් - පුරවැසි ජනමාධ්‍යවේදියකුගේ සටහන් - July 25th, 2008
- පුරවැසි ජනමාධ්‍යවේදියකුගේ සටහන් - ආණ්ඩුකාර පොලිස්පති සහ උතුරේ යුද්ධය - July 18th, 2008
- නාමල්ට පහරදුන් මැරයන් අල්ලනු....... උද්ඝෝෂණය - July 3rd, 2008
- වීරෝදාර රණවිරුවන්ට පුරවර සරසවියෙන් පානීය ජලය - July 2nd, 2008
- මාධ්‍යවේදී තිස්සනායගම් මුදාහරිනු..... - July 1st, 2008


