කුමාරෝදයේ දමිළ භීතිය.

රුහුණු රටේ මාගම, කාවන්තිස්ස නම් රජකු සිටියා. එතුමාට සිටියා, පුතුන් දෙදෙනකු. වැඩිමහල් කුමාරයාගේ නම ගැමුණුය. බාල කුමාරයා තිස්සය.
දවසක් පිය රජතුමා, පුතුන් දෙදෙනාට කතා කොට, පුතේ නුඹලා දෙදෙන මේ රටේ ඉන්නා දෙමලුන් සමග කෝලාහල කරන්නට එපා.
ඔවුහූ බොහෝම නපුරුයි.
ඔවුන් සමග කවදාවත් කෝළාහල නොකරන බවට පොරොන්දු වී මේ බත් ගුළිය බෙදාගෙන කන්නැයි කීවා. බය නැති ගැමුණු කුමාරයා මේ කතාව අසා බත් ගුළිය විසිකර දමා ඇඳට ගොස් වකුටුව නිදා ගත්තා.
මව විහාර මහා දේවි පුතා වකුටුව නිඳා ඉන්නේ ඇයි දැයි ඇසුවා.
අම්මේ දකුණින් ගොඑ මුහුදය. උතුරින් හැඩි දෙමඑය. මම කෙසේ අත් පා දිග හරිම් දැ යි පුතා කීවා.
ඉහත උපුටා ගැනීම 2 වන ශ්‍රේණිය සදහා අධ්‍යාපන අධ්‍යක්ෂක ජනරාල් විසින් පුස්තකාල පොතක් ලෙස නිර්දේශ කොට ඇති එම්. ඩී. ගුණසේන සමාගම ප්‍රකාශයට පත් කරන කුමාරෝදය පොතේ 2005වසරේ මුද්‍රණයයි.
(කුමාරෝදය නම් එම පොතට ලබා දුන් බලපත්‍රය ඉහතින් දැක්වේ)
මෙම පොත කියවන්නෙකුට පැහැදිලි වන්නේ එහි අරමුණ ලෙස ළමුන්ට ඉතිහාසය යම් පමණකට අවබෝධ කරවිමය. ළමුන් ඉතිහාසය ඉගෙන ගත යුතුය. ළමුන්ට ඉතිහාසය ඉගැන්විය යතුය. ඒ වර්තමානය සහ අනාගතය යහපත් කර ගැනීමටය. යහපත් ලෝකයක් සදහා පන්නරයක් ලබා ගැනීමටය. එසේ නැතිව වෛරයෙන්, ප්‍රචණ්ඩත්වයෙන් ඔවුන්ගේ සිත් දූෂණය කිරීමට නොවේ.
කුමාරෝදය පොතේ මේ කතාවෙන් කුඩා ළමුන් ඉගෙන ගන්නේ කුමක්ද..?
සොබා දහමේ සුන්දර නිර්මාණයක් වූ මහ මුහුදට වෛර කිරීමටය.
සිංහලුන්සේම ලංකාව වෙනුවෙන් කැපකිරීම් කර ඇති සහෝදර දමිළ මිනිසාට වෛර කිරීමටය. ඔවුන් සමග සහජීවනයෙන් සිටීමට ඉගෙන ගන්නවා වෙනුවට ඔවුන් සමග යුද්ධ කිරීමටය. ඔවුන් විනාශ කිරීමට ය.
මෙයින් කියවෙන මූලික කරුණ කුමක් ද ? දමිළ මිනිසා විනාශ කිරීමට කුඩා කල සිට ළමුන් ඉගෙන ගත යුතුය. එයට ගුණසේන සමාගම තව තවත් පොත් මුද්‍රණය කරනු ඇත. සිංහල පමණක් මේ රටේ සිටිය යුතු යැයි සිතන උන්මත්තක ජාතිවදී රොත්ත තව තවත් පොත් කන්දරාවන් ලියනු ඇත.
එපමණක් ද නොව නූතන ගැමුණුලා පාතාල කල්ලි සමග ගොස් මාධ්‍ය ආයතනවලට කඩා වැදී දකුණේ ප්‍රජාතන්ත්‍රවාදයේ නිරුවත මහ දවල් පෙන්වමින් ඇත. ඒවා මාධ්‍ය තුළින් පෙන්වන මාධ්‍යවේදීන්ගේ නිවෙස්වලට මහ රෑ කඩාවදින නිළමැරවරයින් ඔවුන්ට මරණ තර්ජන කරමින් තම අධිපතිවාදය මුදාහරිමින් ඇත.
දමිළ ජනයාගේ ප්‍රශ්ණ දකුණේදී සිංහලයින්ට තේරෙන භාෂාවෙන් පෙන්වා දෙන නිරායුධ දමිළ ජනතා නියෝජිතයින් මහ මඟ, කොවිල්වල, මහ දවල් මරා දමයි. වෙඩි තැබූ මැරයාත්, ඔහුගේ අවියත් හමු වූ පසුත් ඔවුන් කිසිවෙක් මරා දැමුණු ඝාතකයා හෝ ඝාතක කල්ලිය නීතියේ රැහැනට හසුකර ගැනීමට දකුණ ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදි යැයි කියන රාජ්‍යයට නොහැකි වෙයි. ඒ තුළ දකුණේ මෙන්ම උතුරේ ද ප්‍රචණ්ඩත්වය නීතිගත වෙමින් ඇත. කෙසේ හෝ දමිළයා නැසිමේ උපායමාර්ග දකුණේ රාජ්‍යය විසින් සැළසුම් කරමින් තිබේ.
ඒ දකුණේ සිංහල සියලු දෙනා කුමාරෝදයෙන් මූලික අධ්‍යාපනය ලැබුවෝ නිසාම නොවේ. එයින් උපන් ජාතිවාදයේ මුල් බීජය දකුණේ රාජ්‍යය විසින් පෝෂණය කරමින් සිටින බැවිනි. මට සිහිපත් වනුයේ ටෙලෝ සංවිධානයෙහි ප්‍රබල සාමාජිකයෙක් වූ තංගදුරේ ලංකාවේ අධිකරණයකදී කරන ලද අභියෝගාත්මක කතාවක කොටසකි. එය එදාට වඩා අදට වඩා ගැලපේයැයි සිතමි.
‛‛අපි ප්‍රචණ්ඩත්වය ප්‍රියකරන්නෝ නොවෙමු.
මානසික අබාධයකට ගොදුරු නොවුවෝද නොවෙමු.
අපි අපේ ජනතාව මුදා ගැනීම සදහා අරගලයක යෙදී සිටින සංවිධානයකට අයත් සටන් කරුවෝ වෙමු.
ත්‍රස්තවාදය පිළිබදව තොරතෝංචියක් නැතිව නන්දොඩවන උතුමන්ට අප විසින් කිවයුතු දෙයක් ඇත.
සිය ගණන් දෙමළ ජනයා අමු අමුවේ මරා දමනු ලබද්දී, ඔබේ රට තුළ ලැව් ගින්නක් මෙන් ජාතිවාදී වෛරය පැතිරෙද්දී, ඔබට ත්‍රස්තවාදය ගැන බියක් ඇතිවීද….
දෙමළ ගැහැණුන් මත බලහත්කාරී ලිංගික ක්‍රියාවන් සිදුකරනු ලබද්දී, සංස්කෘතික වස්තූන් ගිණිබත් කරද්දී, සියගණන් දෙමළ ජනයාගේ නිවාස කොල්ලකනු ලබද්දී, ඔබට ත්‍රස්තවාදය යන්නෙහි කිසි තේරුමක් නොතිබුණේද….
1977 දී පමණක් 400ක් වූ දෙමළ ජනයා ඉහළට ඉසුණු සිය රතු රුධිරයෙන් අහස රතු කරමින් මරුට බිළිවූහ. එවේලෙහි ඔබට කිසිදු ත්‍රස්තවාදයක් නොපෙනුණිද…
ඔබට කිසිදු පෙනෙනුයේ දෙමළ ඊළාමය තුළ පොළිස් භටයන් කීහිප දෙනකු මරා දමන විට හා බැංකුවකින් රුපියල් ලක්ෂ ගණනක් පැහැර ගන්නා විට පමණි.
එහෙත් මගේ හෘදායාංගම පැතුම හා යාඥාව වනුයේ බලලෝභි සිංහල දේශපාලඥයන් වපුරනු ලබන බීජයන් හී අස්වැන්න කපා ගැනීමට අහිංසක සිංහල ජනයාට සිදුනොවේවා යන්නයි.’’
(තංගදුරේ 1983 ජූලි 25 වන දින වැලිකඩ හිර ගෙදර අමාණුෂික සංහාරයේදී ඝාතනයට ලක් විය.)
මෙය වටහා ගැනීමට තරම් සංවේදී භාවයක්, ළමුන්ට පොත් ලියන බුද්ධිමතුන්ට මෙන්ම සිංහල අධිපතිවාදී රාජ්‍යට නොමැති වුවත් දෙමළ ජනයා මත සහ ඒ වෙනුවෙන් සාධාරණ ලෙස පෙනී සිටින සිංහල මිනිසුන් මත වපුරනු ලබන ප්‍රචණ්ඩත්වයට එරෙහිවීමට යම් හෝ ශක්තියක් වනු ඇත.
සටහන සහ ඡායා
සම්පත් බණ්ඩාර සමරකෝන්
sampathslk@gmail.com
Last 5 posts by Vikalpa_R
- නැගෙනහිර පළාත් ඡන්දයේ ප්රචණ්ඩ ක්‍රියා සහ ඡන්ද දූෂණ පිළිබඳ පුරවැසි වාර්තාකරණය - May 6th, 2008
- මුහමාලෙයි ජනමාධ්‍ය සටන - May 2nd, 2008
- යුද්ධය අපේ දොරකඩටම ඇවිල්ල - April 27th, 2008
- ජවිපෙ දෙකඩවීම පිළිබඳ ජනතා අදහස් - April 25th, 2008
- මානව හිමිකම් සහ ජනමාධ්‍ය - April 24th, 2008
සක්‍රසිංහ said,
ඔබගේ ලිපිය නිකං සුරංගනා කතාවක් වැනිය. ඔබ අඟවන්නේ කුමාරෝදය පුස්තකාල පොතක් ලෙස නිර්දේශ කිරීම වැරදි බවකි. එසේනම් එය පුස්තකාල පොතක් ලෙස භාවිතා කිරීම තහනම් කල යුතුය. ඉන්පසු ඉහත තොරතුරු ඒ ආකාරයෙන්ම අඩංගු මහාවංශය ද තහනම් කලයුතුය. (වරක් ප්‍රභාකරන් ද මහාවංශය විවචෙරනය ට ලක්කලා, ආචාරියා හිටගෙන කරනවිට ගෝලයෝ දුව දුව කරනවා කියන්නේ මේවාටයි.).
එංගලන්ත හා ස්කොට්ලන්ත දේශසීමා අරගල ගැන ලෝකප්‍රසිද්ධ නවකතා රාශියක් ලියූ සර් වෝල්ටර් ස්කොට්ගේ කෘතීන් ද එක්සත් රාජධානියේ පුස්තකාලවලින් තහනම් කලයුතුයි කියා ලිපියක් ලියා බ්‍රිතාන්‍ය තානාපතිට බාරදීම කෙසේවෙතත් ඒගැනත් බ්ලොග් සටහනක් වත් ලිවීමට ඔබ කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වෙමි.
බහුතර ජනතාවට විහිලු සැපයීමක් වන මෙබඳු ලිපි වලට මා නම් කියන්නේ තනිචූන් ගැනීම කියායි. එනිසා මෙබඳු හරසුන් ලිපිවලින් ඔබටත් ඔබේ සහචරයන්ටත් තනියම චූන් එකක් ගැනීමට හැකිවුවත් ජනතාවට කිසිදු ප්‍රයෝජනයක් නොමැත.
විකල්ප අඩවිය තුලින් මීට වඩා හරවත් මෙන්ම වගකීම් සහගත අන්තර්ගතයන් අඩංගු ලිපි අනාගතයේ දී පලවේවා යි පතමි.
RSS feed for comments on this post · TrackBack URI


