ජවිපෙ - බියවීමට කාලය
පුරවැසි මාධ්‍යකරුවකුගේ සටහන්
සුනන්ද දේශප්‍රිය
වචනවලින අනුන් බිය බියවැද්දවීමට උත්සාහ කිරිම ජවිපෙ ප්‍රචාරක ලේකම් විමල් වීරවංශ මහතාගේ පුරුද්දකි. ඔහුගේ වෛර භාෂාවෙහි ගොදුරු බවට පත් වූවන්ගේ ලැයිස්තුව දිග ය. අප බෝහො දෙනෙක් ද ඒ අතර වෙයි.
දැන් ඔහු වදන් වලින් බිස වැද්දවීමට තැත් කරන්නේ එක්සත් ජාතින්ගේ මෙරට පිහිටි සංචිධාන ජාලය යයි. එම ආයතන සහ ඒවායේ සේවය කරන්නන්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීමට නම් එජා සංවිධානයේ ප්‍රධානීන් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විවේචනාත්මක ප්‍රකාශ කිරීමෙන් වැළකිය යුතු බව පසුගිය සතියේදි ඔහු ප්‍රකාශ කලේ ය.
ඉන් කියන්නේ ශ්‍රී ලංකාණ්ඩුවේ මානව හිමිකම් කෙළෙසීම් යනාදිය සම්බන්ධයෙන් එජා සංවිධානය දැඩි ක්‍රියාමාර්ගයකට ගිය හොත් මෙරට එජා කාර්‍යාලයන්ට පහර දී ඒවායේ සේවය කරන පිරිස් ඝාතනය කරන බව ය. එජා සංවිධාන මෙරටින් පළවා හැරිය යුතු බව ජවිපෙ දිගින් දිගටම දරණ ස්ථාවරය යි. ජවිපෙ දැක්ම අනුව ශ්‍රී ලංකාව ගත යුත්තේ එජා සංවිධානය නොසළකා ක්‍රියාකරන බුරුමය සහ සිම්බාබ්වේ වැනි රටවල් ගන්නා මඟය. නැත්නම් පොල්පොට් ගත් මඟය. එම රටවල ජනයා හිගමනෙන් ජීවත්වන අතර මානව සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ඇත්තේ වල පල්ලේ ය.
එජා සංවිධාන බිය ගැන්වීම පිණිස පසුගිය 23දා විමල් වීරවංශගේ නායකත්වයෙන් මහා උද්ඝෝෂනයක් සංවිධානය කර තිබුණි. මංත්‍රීවරු හතර දෙනෙකු පැමිණ සිටියහ. ජනයා සිටියේ 150ක් පමණි. මේ කොළඹ පැවැති දෙවන අසාර්ථක ජවිපෙ උද්ඝෝෂනය යි.
මහා ජනයා බලමුලු ගැන්වීමට තමන්ට බැරි බව දැකීමෙන් ජවිපෙ බියවනු ඇත. මන්ද යත් ස්වර්ණමය යුගය අවසන් නිසා ය. අප ද බිය විය යුතු ය. මන්ද යත් ජන බලය නැති බව දැනෙන හැම විටම අවි බලයට බර වීමට ජවිපෙ දක්වන කැමැත්ත නිසා ය.
Last 5 posts by Vikalpa_R
- නැගෙනහිර පළාත් ඡන්දයේ ප්රචණ්ඩ ක්‍රියා සහ ඡන්ද දූෂණ පිළිබඳ පුරවැසි වාර්තාකරණය - May 6th, 2008
- මුහමාලෙයි ජනමාධ්‍ය සටන - May 2nd, 2008
- යුද්ධය අපේ දොරකඩටම ඇවිල්ල - April 27th, 2008
- ජවිපෙ දෙකඩවීම පිළිබඳ ජනතා අදහස් - April 25th, 2008
- මානව හිමිකම් සහ ජනමාධ්‍ය - April 24th, 2008


