vikalpa : short stories to change the way you think, feel and actregister here.login.find out more
inicio mail me! sindicaci;ón

ආදරවන්තයින්ගේ දිනයට පෙර……..

valanting-sampath-art-2-ph-2.jpg
හෙට ආදරවන්තයින්ගේ දිනයයි. ආදරවන්තයින්ගේ දිනය ශිෂ්ඨ ලෝකය දකිනු ලබන්නේ ශුද්ධ වූ දිනයක් ලෙසයි. එහෙත් එය ඉන්දියන් සාගරය හරහා අප වැනි රටවලට එන විට එහි නියම මුල් ස්වරූපය වෙනස්වෙලා ගෝත්‍රික ගති ලක්ෂණ එයට ආරුඪ කරනු ලබනවා.

විශේෂයෙන් ලංකාවේදී ආදරය කියන්නෙම විවාහයට. කසාදය ඉලක්ක වු බැඳීමකට. එය කොතෙක්ද යත් කසාදය කියන්නේ ස්ත්‍රියගේ (බොහෝ විට)නිදහස අහිමිවීම ආරම්භ කරන ලක්ෂයකට.
අනික් පසින් ආදරයේ මුල් අයිතිය ලාංකීය පිරිමියා විසින් අත්පත් කර ගෙන සිටීම මෙහි කේන්ද්‍රිය ලක්ෂණයක්. තමන්ට ආස හිතෙන, ආදරේ හිතෙන, පිරිමියාව තෝරාගෙන ඔහුට ආදරේ කියන්න තරම් ශක්තියක් ඇති ස්ත්‍රීන් ලංකාවේදී හමුනොවන තරම්.
පිරිමින් විතරමයි කෙල්ලන් එක්ක යාඑ වෙන්නේ. මම ඔයාට ආදරේ කියන්නේ.

ඒ නිසාම ස්වාභාවිකම ලාංකීය ස්ත්‍රියට සිදුවෙනවා ආදරේ කරද්දී පුරුෂයාගේ නීති රීතිවලට යටත් වෙන්න.(සමහර විට එසේ නීති නොදමන පුරුෂයින් ගැන ස්ත්‍රින් බොහෝ විට සිතන්නේ එයා මට ආදරේ නෑ කියලා. ඒ සංස්කෘතික නොවූ ස්ත්‍රින්ගේ ඇතැම් ලක්ෂණයක්.) ඔහුගේ අණට කීකරු වෙන්න. ඔහු කැමති බස්වල යන්න. ඔහු අකමැති ගීත, චිත්‍රපටි, නාට්‍ය නොබල ඉන්න. මේ පිරිමින්ගේ බලහත්කාරී, අසංස්කෘතික ගුණය නිසා ලංකාවේ පිරිමින්, ස්ත්‍රියගේ ගුණය වෙනුවට ආකෘතියට ආමන්ත්‍රණය කරන්නට පටන් ගන්නවා. එය කොතරම් පීඩාකාරී ලෙස භාවිතා වනවාද කියතොත් කෑල්ල, ගෙඩිය, බඩුව.. ආදී වචන පුරුෂ ශබ්ද කොෂවල භාවිතා කිරීම සිදු කරනු ලබනවා. මෙය එක්තරා ලෙසකට පිරිමියා විසින් ස්ත්‍රියට මිළක් නියම කිරීමක්, වෙළදපල තුළ වටිනාකමක් නිර්දේශ කිරීමක්, පිරිමියාට අවශ්‍ය ලෙස ස්ත්‍රියට ජීවත්වීමට කරනු ලබන අණ කිරීමක්. ඒ නිසාම ලංකාව තුළ ආදරයේ කතෘත්වය පිරිමියා මූලික කොට ගොඩනැගෙන්නක්. එහිදී ස්ත්‍රීය ඔහුගේ යටත් වැසියෙක්.

ඒ නිසාම ස්ත්‍රිය ආදරය තුළ තමන්ගේ නිදහස, නිවහල්භාවය හකුලා ගත් යටත් වැසියෙක්.
පිරිමියෙක් ඕනැම තක්කඩි කමක් කරලා ආපුවහාම, සපත්තු ගලවලා, මේස් ගලවලා, ඇඟ හෝදලා, කෑම කවලා, නිදි කරවලා, සියලු දේ සිදුකරන්නට ලාංකීය ස්ත්‍රියට සිදුවෙනවා. ඒ නිසාම ලාංකීය ස්ත්‍රිය බොහෝ විට විවාහ ජීවිතයේදී ගෘහ සේවිකාවක්. ඇයට ඇයගේ ස්ත්‍රි භාවයවත් බොහෝ පිරිමින් ඉදිරියේ හමුවන්නේ කලාතුරකින්. ඒ නිසාම ලංකාවේ ස්ත්‍රින්ට ආදරය කියලා හමුවන්නේ මෙන්න මේ පිරිමියාගේ අධිපත්‍යට යටවුනු ඉරණම් සහගත ජීවිතයක්.
ඒ නිසාම ලංකාවේ ආදරය ඉතාමත් පටු තීරයක ගලා යන්නක්. එය කවර දාකවත් නිදහස් නොවුනු, පිටත සමාජය වෙනුවෙන් වැඩ නොකරන, බිත්ති 4කින් වටවූ කාමරයක සිදුකරන ලිංගික ගනුදෙනුවකින් අවසන් වන අසංස්කෘතික සම්බන්ධයක්. එය කොතෙක් තුනී තීරයක්ද කියතොත් විවාහය, ආදරය තුළ ලිංගික ගනුදෙනු හැර කිසිම සෞන්දර්‍යාත්මක සංකල්පයක් ඒ තුළ නැත.

හැමදාමත් ලංකාවේ ආදරවන්තයින්ගේ සහ විවාහකයින්ගේ ජීවිතය කියන්නේ මෙන්න මේ සිර කුටියට.
ධනේෂ්වර සමාජයේ දුවිලි පිරුණු කාර්යාලවල නිකම්ම නිකං නිදා සිටිමින් හවසට ගෙදර එන තම සැමියා සමග නිදාගන්නවා හැරෙන්නට ඒ ජීවිතවල වෙන සෞන්දර්යක් නෑ. නමුත් ඇතැම් එවැනි ජීවිත මහා පොහොසත් ලෙස ජිවත් උනාට සංස්කෘතික ලෙස ඔවුන් දුගීන්. මෙම සංදර්භය ලාංකීය සමාජය කවදා තේරුම් ගනීවිද..?

මෙය තේරුම් ගත් ස්ත්‍රින්ට එය කඩා බිඳ දමා තමාගේ නිදහස් ජිවිතය සංස්කෘතිකව තේරුම් ගන්නට කිසිදු පරිසරයක් ලංකාව තුළ නැත. එසේ කිරීමට ස්ත්‍රිය උත්සහ කරන්නේ ද ඇය තමන්ගේ අසංස්කෘතික වූ පවුල විසින් ද්වේෂයෙන් බැහැර කරනු ලබයි. අවසානයේදී ඇයව නීතිය ඉදිරියෙදී අනාචාරයේ හැසිරුණු ගැහැනියක් බවට පත් කිරිමට තරම් අපගේ නීතිය බිහිසුණුය. ප්‍රචණ්ඩය.
එබැවින් ආදරය හා ආදරය තුළ ඇති මහා සෞන්දර්ය මේ සමාජය ඉගෙන ගන්නා තාක් ගැහැණුන්, පිරිමින් තම ජීවිතවල දුක පමණක් පොදි බැදගෙන, අනෙකාට පෙනීමට පමණක් බෙන්ස් කාර්වල, එකිනෙකාට තුරුලු වී ගමන් කරමින් තනී වූ වහාම තම සුපුරුදු අංසංස්කෘතික භාවිතාව මුදා හරිනු ලබයි. එය අවසන් වන්නේ ගුටිබැට වලින් සහ දික්කසාදයෙනි. එසේ කොට නැවතත් මේ ලාංකීය පුරුෂයා කසාද බදිනු ලබන්නේ ස්ත්‍රියකි.

දිනමිණ, සිඑමිණ ආදී පත්තරවල විවාහ යෝජනාවල තම වංශය, රස්සාව, උස, මහත, ළමයි ගනන ආදී සියලු විස්තර පුරවන්නේ මේ ලාංකිය පිරිමි සහ ස්ත්‍රින්ය. එසේම ආදරය ඉල්ලා එය ප්‍රතික්ෂේප කළ තරුණියන්ව පිහියෙන් ඇණ මරා දමන්නේ ද මේ ලාංකිය පිරිමින්ය. තම ආදර වන්තිය සමග බහින් බස් වී තම ආදරවන්තියව දුම්රියෙන් තල්ලුකර මරා දමන්නේ ද මේ ලාංකිීය පිරිමින්ය.

එහෙත් මෙවැනි සංදර්භයක් තුළ හෙට උදාවන ආදරවන්තයින්ගේ දිනය සියලු දෙනා සමරමින්, රතු මල් දී තම ආදරවන්තියන් සිප ගන්නවා ඇත. ඒත් හෙට මේ අසංස්කෘතික පිරිමි සහ ගැහැණුන් ඔවුන්ගේ ආදරය තුළ ඇති නිදහස කොතරම් තෘප්ත කර ගැනීමට එය තේරුම් ගැනීමට සහ ඒ සදහා වෙහෙසීමට ප්‍රයත්න දරන්නේ ද?

සම්පත් සමරකෝන්

Last 5 posts by Vikalpa_R

432 views for this article so far.

| Share this article on Facebook

සක්‍රසිංහ said,

February 15, 2008 @ 2:09 pm

සමස්තයක් වශයෙන් ගත්කල ඔබගේ අදහස් තුල සත්‍යය ගැබ් වූවත් ඒවා ශ්‍රී ලාංකික සමාජයට සුවිශේෂී ලෙස අර්ථ දැක්වීම තුල අනෙකුත් සමාජයන් හා සංස්කෘතීන් ගැන ඔබගේ ඇති අල්ප වූ දැනුම පෙන්වයි. ඉහත දැක්වූ සියලු දේ බටහිර සමාජය තුලත් එලෙසින්ම තිබෙන බව එම සමාජයන් හා ගැටී ඇති කෙනෙකුගෙන් ඔබට අසා දැනගතහැකිවනු ඇත.

මා දකිනා ආකාරයට ලංකාවේ සමාජය තුල බටහිර සමාජයට සාපේක්ෂව කාන්තාවට බොහෝ දේ අහිමිව ඇතත් ඒ සමඟම බටහිර සමාජයේ කාන්තාවට අහිමි ව ඇති බොහො දේ අපේ කාන්තාවන්ට හිමිවී තිබෙනවා. ස්වභාව ධර්මයේ නියමයන්ට අනුව පිරිමියා ගැහැණියට වඩා ශක්තිමත්වත් ප්‍රමුඛවත් මවා තිබීම තුල කාන්තාව හා පිරිමියා සමතැන්හි ලා ගිනිය හැකි සමාජයක් සෑදීමට යාමෙන් අපට හිමිවන්නේ සමලිංගික විවාහ ආදී විකෘති භාවිතාවන්ගෙන් පිරුණු ස්වභාව ධර්‍මයට විරුද්ධ සමාජක්‍රමයක්. එලෙසම අප සමාජය තුල තිබෙන හොඳ දේවල් තබාගෙන බටහිර සමාජයේ හොඳ දේවල් ගැනීම යන සංකල්පය ඔස්සේ ක්‍රියාකලද එවැන්නක් ඉටුකරගැනීමට අවසානයේ අප අපොහොසත් වන්නේ හොඳ දේවල් පමණක් කාන්දුවන ආකාරයේ සංස්කෘතික ප්‍රවාහයක් කිසිදා ප්‍රායෝගිකව සිදු නොවන නිසාය. එනිසා මෙබඳු සංකීර්ණ සමාජ තත්වයන් විග්‍රහයේදී හුදෙක් හුදකලා වූ කරුණු සමූහයක් විවේචනයට බඳුන් කිරීම එතරම් ප්‍රතිථලදායක නොවන්නක් නමුත් එසේ කිරීමේ වරදක් නම් නැහැ. වඩාත් ප්‍රථිථලදායක වනුයේ මෙබඳු විවේචන හා විග්‍රහ කිරීම් වලින් නොනැවතී යම් යොජනාවක් හෝ ධනාත්මක පණිවිඩයක් සමාජයට සන්නිවේදනය කිරීමයි.

ඔබගේ ඉදිරි ලිපි වලින් එබන්ඳක් බලාපොරොත්තු වෙමි.

RSS feed for comments on this post · TrackBack URI

Leave a Comment