vikalpa : short stories to change the way you think, feel and actregister here.login.find out more
inicio mail me! sindicaci;ón

මාධ්‍ය දෙගිඩියාව

banda-media-arti-p.jpg

‛‛වගකීම’’ යන්න සැබෑ ලෙස ම සන්නිවේදන ක්‍ෂේත්‍රය තුළ නො එසේනම් මාධ්‍ය භූමිකාව තුළ අනන්‍ය වූ වචනයකි. එහි අන්තර්ගතය සොයා යෑම නිශ්ඵල වුවද ‛‛වගකීම’’ යන්න අර්ථ ගැන්වීමේ දී බහු අරුත් දීම සමස්ත මාධ්‍ය පද්ධතිය තුළ ම සිදුවන්නකි. ‛‛මාධ්‍යයේ හැසිරීම’’ එහි අවසන් පණිවුඩය ග්‍රහකයා හෝ පාඨකයා වෙත ග්‍රහණය වීමේ ක්‍රියාවලියෙන් නොනැවති, එහි ‛‛පසු විපරම’’ (ප්‍රති පෝෂණ) දක්වා ම විහිඳී යන්නකි. ‛‛මාධ්‍ය වගකීම’’ ප්‍රශ්නාර්ථයට තුඩු දීම ආරම්භ වන්නේ, පසු විපරමේ තිව්‍රරතාවය ඔස්සේ යැයි මට හැඟේ. එහි දී මාධ්‍ය හිමිකාරිත්වයේ පදනම සමස්ත ප්‍රකාශනයේ වටිනාකම තීරණය කිරීම උදෙසා ඉවහල් වීම නොවැළැක්විය හැක්කකි. මෙහිදී, ‛‛මාධ්‍ය වගකීම’’ පැහැර හැරීම හෝ අනුකූල වීම තීරණය වීම අනිවාර්යෙන් ම සිදු විය යුත්තේම ය.

ලාංකීය මාධ්‍ය කතිකාවතෙහි ‛‛මාධ්‍ය මැඩලීමේ උපාය මාර්ගික ත්‍රස්තවාදය’’ ක්‍රමික වර්ධනයක් සහිතව ක්‍රියාත්මක වනු පෙනෙන්නට තිබේ. එලෙස ම රාජ්‍ය පාර්ශ්ව වාදි මාධ්‍ය හැසිර වීම් වල ක්‍රියාකාරිත්වය උච්ච ස්ථානයකට රැගෙනවිත් තිබෙන බවද පෙනී යයි. මෙම කරුණ තුළ ගම්‍ය වන්නේ, රාජ්‍ය මාධ්‍ය සහ පෞද්ගලික හෝ රාජ්‍ය නොවන මාධ්‍ය අතර වගකීම්වල පරස්පරතාවන් හි අවසන් ප්‍රතිඵලය ග්‍රාහක හෝ පාඨක මානසිකත්වයට එතරම් සුභදායි නොවන බව යි. යුධමය වාතාවරණයක් පවතින රටක් ලෙස, යුද්ධයේ පාර්ශවයන් හි යුධ අවශ්‍යතාවන් තම පක්‍ෂපාති මාධ්‍ය වෙතින් සපුරාගැනීම නො වැළැක්විය හැක්කකි.
‛‛රුවන්ඩාවේ පැවති අතිශය මිලේච්ඡ ‛‛හුටු - ටුට්සි’’ ගැටුම තුළ ‛‛හුටු’’ හිතවාදි රජය තම මාධ්‍ය තුළින් ප්‍රසිද්ධියේ ‛‛ටුට්සි’’ සමූල ඝාතනය අනුමත කළා සේ ම එම ප්‍රකාශනයන් ශ්‍රවණයට නොමිලේ ගුවන් විදුලි යන්ත්‍ර බෙදා දීම, වර්තමාන ඉතිහාසයේ මාධ්‍ය වගකීමේ ‛‛කලු පැල්ලමක්’’ එකතු කළ සිදුවීමක් විය.
ඒ රුවන්ඩාවේ ය. ලංකාව තුළ පවතින රාජ්‍ය මාධ්‍ය භූමිකාව අද රඟ දක්වන්නේ ද එම සිදුවීමේ අංශු මාත්‍රයක් ද? යන සැකය ඇතිවිය නොහැක්කේ ද? ‛‛වගකීමෙන් යුතු මාධ්‍ය භාවිතය’’ සේ ම ‛‛මාධ්‍ය මර්දනය’’ අතිශය සමීප සංකීර්ණ ගැටලු බවට වර්තමාන මාධ්‍ය සංදර්භය තුළ නිරූපනය වී තිබේ. කෙසේ වුවද මාධ්‍ය වගකීමේ සීමාවන් තීරණය කිරීම, ග්‍රහකයාට හෝ පාඨකයාට තවදුරටත් උරුම වී නොමැත.
මාධ්‍ය හැසිරීම කුමන අයුරින් සිදු වුව ද මාධ්‍යකරුවෙකු ලෙස ජීවත්වීමේ අයිතිය වත් රැකගැනීම වෙනුවෙන් පෙළ ගැසීම පුරවැසියන් ලෙස අප සතු යුතුකමකැ යි මට සිතේ. එසේ නොවුණහොත් අපගේ පුද්ගල ජීවිතයේ නිදහසේ සීමාවන් ද අපට නැවත කිසි දිනෙක සොයාගත නොහැකිවනු ඇත.

සමන්තිලක බංඩාර

Last 5 posts by Vikalpa_R

273 views for this article so far.

| Share this article on Facebook

Leave a Comment