කොළඹ සිවිල් සමාජය කෝ?
පුරවැසි මාධ්‍යකරුවකුගේ සටහන්
සුනන්ද දේශප්‍රිය
විරුද්ධවාදීන්ගේ වචන නොව අප මතකයේ රැදෙනු ඇත්තේ මිතුරන්ගේ නිශ්ෂබ්දතාවයයි. - මාටින් ලූතර් කිං (කණිෂ්ඨ)
පසුගිය 14දා මාධ්‍ය මර්ධනයට එරෙහි ව්‍යාපාරය සංවිධානය කළ උද්ඝෝෂනික පා ගමන සහ සම්මන්ත්‍රණය මෑත කාලයේ කොළඹ පැවැති පක්ෂ දේශපාලනයට සම්බන්ධ නැති සාර්ථකම අවස්ථාවක් විය.
බොහෝ ජනමාධ්‍ය ආයතනයන්හි සේවය කරන ජනමාධ්‍යවේදීන් සහ වේදිනියන් විශාල පිරිසක් පාගමනට එක් වූහ.
මෙරට ප්‍රධාන පෙළේ වෘත්තීය සමිති ගණනාවක්ම ඊට සම්බන්ධ වූ අතර එවායේ නායකකාරකාදීහු පා ගමනට ද එක් වූහ.
නමුත් කැපී පෙනෙන අඩුවක් ද දක්නට විය. එනම් කොළඹ කේන්ද්‍ර කොටගත් යහ පාලනය සහ සාමය පිළිබඳ විශේෂඥයින් වන රාජ්‍ය නොව සංවිධාන නායක කාරකාදීන් ය. ඒ කිසිවකු අසළකවත් පෙනෙන්නට සිටියේ නැත.
මර්ධනය සහ භීෂනය නිසා හිරි වැටී ඇති මෙරට පුරවැසි සමාජය යළි පුබුදුවා ගැනීම අද දවසේ අත්‍යවශ්‍ය ය. ඒ සඳහා දායක වන්නේ මෙවැනි මහජන බලමුළු ගැන්වීම් ය. රට තුළ ප්‍රජාතන්තවාදි ව්‍යාපාරයක් ගොඩ නගන්නේ නැතිව අන්තර් ජාතික සමුළු හෝ තානාපති කාර්‍යාල සාද මගින් හෝ ඉංග්‍රිසියෙන් ලියන වාර්තා මගින් හෝ මෙම හිරි ඇරිය නොහැකි ය.
අද කොළඹ සාම සහ යහ පාලන සංවිධාන ප්‍රභූවාදී රාමුව තුළින් පිටට ඒමට උත්සාහයක් දරන්නේ නැත. කළකට පෙර චාල්ස් අබේසේකර සහ පොල් කැස්පර්ස් වැනි පිරිස් විසින් නායකත්වය දුන් සාම සහ යහපාලන ව්‍යායාමයන් සහ අද පවත්නා මෙම ප්‍රභූවාදි ව්‍යාපාර අහසට පොළව වැනි බව නොකියා සිටිය නොහැකි ය.
පකිස්ථාන් පාඩම
පකිස්ථාන් මහ මැතිවරණය පාඩම් දෙකක් කියා දුන්නේ ය.
පළමුවැන්න නම් ඒකාධිපතිවාදයට ප්‍රජාතන්ත්‍රවාදය සමඟ තරඟ කළ නොහැකි බවයි.
දෙවැන්න අන්තවාදයට ද ප්‍රජාතන්තවාදය සමඟ තරඟ කළ නොහැකි බවයි.
මුෂාරප්වාදීන් මෙන්ම මුස්ලිම් අන්තවාදින් ද මහ මැතිවරණයෙන් අනපේක්ෂිත පරාජයකට පත් වූහ.
ශ්‍රී ලංකාවේ ආණ්ඩුව සිටියේ පකිස්ථානයේ ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයන්ගේ පැත්තේ නොව යුද්ධ-ඒකාධිපති ආණ්ඩුව පැත්තේ ය. දැන්වත් ආණ්ඩුවට ඇස් පෑදෙයි ද?
Last 5 posts by Vikalpa_R
- කලු ජූලිය 25 - කටු සටහනක් - පුරවැසි ජනමාධ්‍යවේදියකුගේ සටහන් - July 25th, 2008
- පුරවැසි ජනමාධ්‍යවේදියකුගේ සටහන් - ආණ්ඩුකාර පොලිස්පති සහ උතුරේ යුද්ධය - July 18th, 2008
- නාමල්ට පහරදුන් මැරයන් අල්ලනු....... උද්ඝෝෂණය - July 3rd, 2008
- වීරෝදාර රණවිරුවන්ට පුරවර සරසවියෙන් පානීය ජලය - July 2nd, 2008
- මාධ්‍යවේදී තිස්සනායගම් මුදාහරිනු..... - July 1st, 2008


