vikalpa : short stories to change the way you think, feel and actregister here.login.find out more
inicio mail me! sindicaci;ón

කිරිමැටිය වත්තේ පුංචි කලු ජූලියක්…

වැලිඔය දී එල් ටී ටී ඊ ය සහ ශ්‍රී ලංකා හමුදාව අතර ඇති වූ ගැටුවලදී මිය ගිය මහනුවර කිරිමැටිය වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි රත්නවීර නිලන්ත කුමාර ගේ මළ සිරුර පසුගිය අඟහරුවාදා දින (පෙබරවාරි 19) ඔහුගේ නිවසට ගෙන ඒමත් සමගම ප්‍රදේශයේ සිංහල තරුණයින් කණ්ඩායමක් විසින් අවට ජීවත් වන දෙමළ වතුකර ජනයාට තර්ජන සහ බිය වැද්දවීම් එල්ල කරන්නට පටන් ගෙන තිබෙන බව ප්‍රදේශයේ වතුකර දෙමළ ජනතාව ප්‍රකාශ කරති.

බහුතරය සිංහල වැසියන් වෙසෙන කිරිමැටිය වත්ත පිහිටා ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයේ යටිනුවර මැතිවරණ කොට්ඨාශයේයි. මෙහි සිංහල තරුණයෝ සැළකිය යුතු ප්‍රමාණයක් ත්‍රිවිධ හමුදාවේ සේවයට බැඳී සිටිති.

රත්නවීර නිලන්ත කුමාරගේ මළ සිරුර ගමට ගෙන ඒමත් සමගම ඒ අවට ප්‍රදේශවල සිංහල තරුණයින් අතර විශාල කැළඹීමක් හට ගෙන තිබේ. එහි ප්‍රතිඵලයක් වශයෙන්, නිලන්ත කුමාරගේ අවසන් කටයුතු යෙදී තිබුණු සෙනසුරාදා දිනට පෙර දින එනම් සිකුරුදා (පෙබරවාරි 22) රාත්‍රී මැදියමේ වතු දෙමළ වැසියන් ජීවත් වන ලැයිම් කාමර වලට ආයුධ අතැතිව ගිය සිංහල තරුණයින්ගෙන් සමන්විත කණ්ඩායමක් ‛‛දෙමළු සංහතියම වනසන්ඩ ඕනෑ……සේරම එළියට වරෙවු…’’යැයි කෑ ගසමින් එම දෙමළ වැසියන්ට පරුෂ වචනයෙන් කෑ ගසමින් බිය වද්දා තර්ජනය කොට තිබේ. එහිදී මැර පිරිස අසල සිටි දෙමළ කාන්තාවකට හා පුරුෂයෙකුට අතින් පයින් පහර දී ඇත. මෙම කණ්ඩායමේ සිටි බොහෝ දෙනෙකු හමුදාවෙන් පැන ආ අය වෙති. මෙසේ පැමිණි මැර කණ්ඩායමේ 50 දෙනෙකු පමණ සිට ඇති අතර වැඩි දෙනා පාරේ රැඳී සිටිද්දී ලැයිම් කාමර වෙත ගොස් ඇත්තේ ඉන් 15 දෙනෙකුගෙන් පමණ යුතු පිරිසකි.

බියට පත් දෙමළ වැසියෝ ඒ මොහොතේම පොලිසීයේ හදිසි දුරකතන අංකය වන 119 වෙත කතා කොට සිද්ධිය පිළිබඳව දන්වා ඇති අතර වහාම පොලිස් නිළධාරී කණ්ඩායමක් එම ස්ථානයට එවන බවට පොලීසිය පොරොන්දු වී ඇත. නමුත් පොලීසිය පැමිණ ඇත්තේ පහුවෙනිදා එනම් සෙනසුරාදා උදේ වරුවේයි. සිදුවූ දේ පිළිබඳ වැසියන්ගෙන් විමසූ පොලිසීය, ආරක්ෂාව සඳහා නිළධාරීන් දෙදෙනෙකු එතැන නවතා ගොස් තිබේ. නමුත් ඒ සෙනසුරාදා දවසට පමණකි. ඊට පසුව එම දෙමළ වැසියන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පොලීසිය කිසිවක් කර නොමැත.

මේ තත්ත්වය මත එම ප්‍රදේශයේ සහ අවට ප්‍රදේශවල දෙමළ ජනයාට නිරන්තර බියකින් ජීවත් වීමට සිදු වී ඇත.

(ප්‍රදේශ වාසියෙකු ලබා දුන් තොරතුරු ඇසුරෙනි)

Last 5 posts by Vikalpa_N

341 views for this article so far.

| Share this article on Facebook

Leave a Comment