vikalpa : short stories to change the way you think, feel and actregister here.login.find out more
inicio mail me! sindicaci;ón

සම්මාන සංගදිය

පොල් කඩන මිනිහෙක් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ සම්මානයක් හොරකම් කරයි. - පුවතක් -

මල්ලේ පොල් ද,
ගස් නඟින වලල්ලද,
ගස් ගඳ ගහන අමුඩයද,
පිහියක්ද, සමඟ
මෙන්න සම්මානයක් …!

පොල් කඩන මිනිහෙකුට
බැල පොල් නැත්නං
කුලියක් මිසක
සම්මානයක් දෙන්නේ කවුද?
පොලීසියට වුණත්
හරි ප්‍රශ්නයක් ඒක.

දාපං මල්ල බිම,
දීපන් සම්මානෙ මෙහාට
කියපං හරියටම හරි ඇත්ත
මහා සිනමා වේදියකුගේ
මහඟු සම්මානය
උඹට ලැබුනේ කොහොමද?

තරහා අවසර
රාළහාමි,
මගේ කට උත්තරය මේකයි,
‛‛ගස් ගෙඩි කඩන්නට
ගස් බඩ ගාන
ගස් ගඳගහන
ගස් බරුවෙකුට මා වැනි
මෙහෙමවත් නැත්නං
කවදා කොහොම
ලැබෙයිද සම්මාන ? ’’

සීමා
15.02.2008

Last 5 posts by Vikalpa_R

381 views for this article so far.

| Share this article on Facebook

Anandawardhana said,

March 1, 2008 @ 1:32 pm

අහා! අනර්ඝයි! :-D

RSS feed for comments on this post · TrackBack URI

Leave a Comment