vikalpa : short stories to change the way you think, feel and actregister here.login.find out more
inicio mail me! sindicaci;ón

අප්පා කවර කළේ..

saman.jpg
8 B පංතියට සිකුරාදා සිංහල පොතේ 4 වෙනි පාඩම තිබුණෙ. පාඩම ඉවරවෙලා අභ්‍යාස කීපයක් මං පංතියට දුන්නා.

’‛හැමෝම පොත් ගන්න’’

සමන් අදත් පොත ගෙනත් නෑ.

’‛කෝ සමන් පොත?’’

සමන් ඇඹරුණා. බිම බලාගත්තා. මේ වාරෙ මුල ඉඳන්ම සමන් පොත ගේන්නෙ නැති බව මට මතක් වුණා. මම සමන්ට එළියට අඬගැහුවා.

’‛පුතේ ඔයාගෙ පොත් කෝ?’’

’‛ටීචර්, අපේ පොත් ඔක්කොම පිච්චුණා. තාත්ත බීලා ඇවිත් අම්මා එක්ක රණ්ඩුවෙලා ගෙට ගිනි තිබ්බා.’’
’‛තාත්තා දැන් කෝ?’’
’‛හිරේ’’
‛‛ඔයාලා කොහෙද ඉන්නෙ?’’
‛‛අයියයි මායි පිරිමි ළමා නිවාසෙ ඉන්නෙ.’’
‛‛අම්මා කොහෙද?’’
‛‛අම්මයි නංගියි කොහෙද ඉන්නෙ කියලා කිව්වෙ නෑ.’’
‛‛අම්ම මොනවද කරන්නෙ?’’
‛‛අම්ම කඩේක වැඩ කරනවා කිව්වා’’

සමන්ගෙ ඉගෙනීම ගැන කතාකරන්න මට හිතුණෙ නෑ. තාත්තලා තමන්ගෙන් ඉපදුණු දරුවො ගැන මීට වඩා හිතුවොත් සමන් වගේ දරුවො මේ තරං අසරණ වෙන එකක් නැහැ නේද කියලා මට හිතුණා.

(සත්‍ය සිද්ධියකි. නම් කල්පිත ඒවායි.)

බණ්ඩාර මැණිකේ

Last 5 posts by Vikalpa_N

1,029 views for this article so far.

| Share this article on Facebook

Leave a Comment