ළමා සොල්දාදුවො පෙන්නන්න අපිත් එක්ක එන්න…
රාසයියා තුරෙයිරත්නම් ( ඊපීආර්එල්එෆ් පත්මනාභා පාර්ශවය)
අපි දේශපාලනේ පටන් ගත්තේ පාසැලෙන්. මං බැදුනේ ඊළාම් පොදු ශිෂ්‍ය ව්‍යාපාරයට 1978 දී. ඒ වැඩ වලට රෝනියෝ මැෂින් එකක් උස්සන්න වුණා. ඒක එළි දරව් වුනා. හැංගෙන්න වුනා. පුහුණුවට ගියා කින්යාවෙ. ඊපීආර්එල්එෆ් නායකයො හැමොම පුහුණු වුනේ එහේ. එදා ඉදළ ව්‍යාපාරෙ. මං මේ කතාව කියන්නෙ මේකයි. මේ ඉතිහාසයම අයුධ සංස්කෘතියේ ඉතිහාසයක්.
83 තමයි මඩකළපුවේ සන්නද්ධ සංවිධාන ආරම්භය. එදා ඉදළ අද දක්වා තියෙන්නෙ ආයුධ සංස්කෘතියක්. 83- 86 දක්වා දෙමළ සංවිධාන සහ මුස්ලිම් ග්‍රාමාරක්ෂකයින් ගහගත්තා. එදා ත්‍රිවිධ හමුදාවම අනුගමනය කළේ දෙමළ ජනයා පිඩාවට පත් කිරීමේ පිළිවෙතක්. ග්‍රාමාරක්ෂකයින්ට සහාය දුන්නේ ඔවුන්. ඒක මැරවර යුද්ධයක්. රාජ්‍ය යන්ත්‍රය සීමා රහිතව වැඩ කළේ.
1986 දී එල්ටීටිඊ ය සහෝදර ඝාතක යුද්ධය පටන් ගත්ත. එතකොට අපි දෙගොල්ලො මරා ගත්ත. ආයුධ සංස්කෘතිය ආයෙත් ඉහළ ගියා. එදා ඉදළ අද දක්වාම වෙන්නෙ ඒකයි. අද කොටි පාලන ප්‍රදේශ නෑ. එල්ටීටීඊ කදවුරු නෑ. හමුදා පාලනය තියෙන්නෙ. ඉතින් ටීඑම්වීපී යට මොකටද ආයුධ? කව්ද මේ ආයුධ දුන්නෙ? මොකක්ද උවමනාව? ආයුධ සංස්කෘතිය දිගටම ගෙනියන්නෙ. මහජනයා බයෙන් තියා ගන්න.
ආණ්ඩුවට තිබුනේ අව්රුදු 4-5ක් ඉදළ ආයුධ සංස්කෘතිය නැති කරල ඡන්දය තියන්න. තාවකාලික විසඳුමක් සොයා ගන්න තිබුණ. වෙන රටවල එහෙම නේද කෙරෙන්නේ?
තොප්පිගල අසළ පුලිපායිනදකල් යන්න එන්න අපිත් එක්ක, අපි එක්ක යන්නන් හොර පාරෙන්. ටීඑම්වීපී වසය 16ට අඩු අයගේ කඳවුරු තියෙන්නෙ එහේ. කඳවුරු 4ක් 5ක් තියෙනවා. කරුනා පිළයි පිල්ලෙයාන් පිළයි දෙකක් තියෙනවා. ඒ ගොලලොත් ගහ ගත්තනෙ.
ටීඑම්වීපී යට ආයුධ දෙන්න ඕන නම් ඒ ගොල්ලෙ හමුදාවට හරි පොලීසියට හරි බන්ද ගන්න. ඇයි සන්නද්ධ දේශපාලන පක්ෂයක් විදියට තියා ගන්නේ? නීතිමය තත්ත්වයක් ලබා දෙන්න. කළවංචිකුඩි බොම්බයෙන් පස්සෙ 150ක් විතර යුද ඇදුම් ඇඳන් ආයුධ අරන් බැස්සේ කොහෙන් ද? ඊරෝස් අපේක්ෂකයාගේ සහෝදරයා මැරුවේ විස එන්නතක් දීලා. මෙතෙක් අහපු නැති භයානක ක්‍රම.
වාහනවල ආයුධ අරන් යනවා. අපි ඇහුවා පොලීසියෙන් අපි අල්ලා දෙන්නද කියලා? ඡන්දය නොදුන්නොත් ගැණු වැන්දඹුවන් වේවි කියනවා. අපි ඡන්දයට ආපු දවසේ ඉඳලාම අපට තර්ජන.
යූඇන්පීයට ජන්දය ඉල්ලන්න තිබුණ. එහෙම උනා නම් ආයුධ සංස්කෘතියට විරුද්ධව ඔවුන්ටත් අරගල කරන්න තිබුණා.
එල්ටීටීඊය නැත්තෙම නෑ. ඔවුන්ගේ ඔත්තු සේවාව සහ ආයුධ ශක්තිය තියෙනවා. නමුත් කාඩර්වරු නෑ. ඉන්දු ලංකා ගිවිසුමෙන් පස්සෙ අපි ආයුධ අත හැරියා. එදා ඉදන් අපි දේශපාලනයෙ ඉන්නවා. 88 මම පළාත් සභාවට පත්වුණා. පස්සේ පෝරතිව් ප්‍රාදේශිය සභාවෙ සභාපති වුනා. දැන් ඊපීආර්එල් පද්මනාභා පාර්ශවයේ ජේෂ්ඨ නායකයා යැයි ලිවිවහම ඇති.
එකක්, අපි මඩකළපු නගර සභාව දිනනවා.
සටහන් - සුනන්ද දේශප්‍රිය
Last 5 posts by Vikalpa_R
- மட்டக்களப்பு மாவட்டத்தில் இன ஜக்கியம் ஏற்படுத்தப்படுமா? அல்லது ஏற்படுமா? - August 7th, 2008
- පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් - July 31st, 2008
- සාක් ආරක්ෂාවට මිගමු ධීවරයන්ට තහංචි - July 30th, 2008
- NGO ගැන සමහර පොලිස් නිලධාරින්ගේ මතය - July 30th, 2008
- தீர்வுக்கு தேவை விட்டுக்கொடுப்புகளே! - July 29th, 2008


